how to unlock android device without password or pattern lock

unlock android device

#Pattern_lock එක හරි  #Password එක හරි අමතක වෙච්ච phone එකක data ලොස්ට් කරගන්නේ නැතුව #Lock එක අරින හැටි.

මම අද දෙන්න  යන්නේ ගොඩක් Android Usersලට තියන ප්‍රශ්නෙකට ලේසි විසදුමක්.ගොඩක් අය කරන්නේ මෙහෙම දෙයක් උනාම phone repair කරන තැනකට ගිහින් තමන්ට වැදගත් dataත්(photos,videos,accounts,Apps,other files) ,සල්ලිත් ,කාලයත් නැති කරගන්න එක.(*බොහෝ විට තමන්ගේ පුද්ගලිකත්වය ලීක් වෙන්න තියන ඉඩකඩත් වැඩියි)
තවත් සමහරු කරන්නේ ඉන්ටෙර්නෙට් එකෙන් බලලා Hard reset ගහන එක   මේක කරන්න යන්න එපා..ඔයාගේ phone එකට දාල තිබ්බ ගූගල් අකවුන්ට් ලොගින් මතකනම් විතරක් මෙහෙම හාර්ඩ් රීසෙට් කරන්න.නැත්තම් ඔයාලා pettan lock එකට වඩා ලොකු අමාරුවක වැටෙනවා.මොකද මෙහෙම හාර්ඩ් රීසෙට් කලාම FRP lock එකක් වැටෙනවා.එතකොට reset කරලා phone එක on කලාම කලින් phone එකට add කරලා තිබ්බ ගූගල් account එක අහනවා ඉතින් ඒ වෙලාවට ඒ අකවුන්ට් එකම දෙන්න ඕන ඉතින් එක දන්නේ නැත්තම් reset කරන්න එපා.(Lollypop වලට කලින් වර්ශන් වලට FRP වැටෙන්නේ නෑ) ඒත් ඉතින් ඔයාගේ data නම් ලොස්ට් වෙනවා.වැඩි කතා ඕන නෑ අපි බලමු මේ කිසිම අවුලක් නැතුව ගෙදරදීම Lock එක කඩා ගන්නේ කොහොමද කියලා. හැබැයි පරිඝනකයක් නම් තියෙන්න ඕන.

Step 01 :- Aroma File Manager එක ඩවුන්ලෝඩ් කරගන්න (Zip එක ඕන කට්ටිය Inbox එන්න. පලවෙනි කොමන්ට් එකෙත්  ලින්ක් එක තියනවා)

Step 02 :-  Memory chip එකකට Aroma file manager එක copy කරගෙන ඒ chip එක lock එක තියන phone එකට දාන්න.

Step 03 :- ඔයාගේ phone එක on කරලා නම් තියෙන්නේ off කරන්න ඊට පස්සේ ඔයාගේ phone එක Recovery Mode එකෙන් on කරන්න (Recovery Mode එකෙන් on කරන එක phone එකෙන් phone එකට වෙනස් වෙන අවස්ථාවල් තියනවා ඔයාගේ phone එක Samsung නම් Power Key, Volume up key and Home button තුනම එකට ඔබන්න.එහෙම boot වෙන්නේ නැත්තං ඔයාගේ phone මොඩල් එක google එකේ ගහලා Recovery mode keys හොයා ගන්න)  

Step 04 :- එහෙම Recovery mode එකෙන් phone එක on උනාට පස්සේ නිල් පාට  Menu list එකක් පෙන්නයි එකෙන් Install from SDcard කියන එක Select කරන්න(උඩට පහලට යන්නේ  Volume Up and Down keys වලින් | Select කරන්නේ Power Button එකෙන්)

Step 05 :-  ඊට පස්සේ එන නිල පාට මෙනු list එකෙන් ඔයා දාපු chip එකේ files ටික පෙන්නයි එතනින් අපි අර කලින් copy කර ගත්ත Aroma.Zip එක හොයලා Select කරගන්න.එතකොට Aroma file manager එක open වෙයි. 

Step 06 :- file manager එක open උනාට පස්සේ  එකේ data folder එකේ system folder එකට යන්න.system folder එක ඇතුලේ #gesture.key | #password.key | #pattern lock | #password lock respectivly. කියලා file 4න් එකක් ඇති ඒ තියන මොකක් හරි file එක delete කරන්න (මේවා දෙක තුනක් තිබ්බොත් ඔක්කොම delete කරන්න එකේ තියන අනිත් files මුකුත් delete කරන්න එපා) ඊට පස්සේ Aroma එකෙන් Exit වෙලා phone එක off කරලා on කරන්න.

Step 07 :- on උනාට පස්සෙත් ඔයාට pattern එක හරි password එක හරි පෙන්නයි එතනට ඔයාට හිතෙන pattern එකක් අදින්න password එකක් නම් 1234 ගහන්න නැත්තම් නිකම්ම OK කරන්න.

how to unlock android phone without password or pattern lock i forgot my android password pattern lock how to unlock my phone device

Share කරලා කරලා සහයෝගය දෙන්න >>

Related Posts:

Popular Posts

random post

  • How to find my lost phone sinhala
    28.07.2017 - Comments Disabled
    How to find my lost device  find my device  android device manager  nethiwuna phone…
  • Smart music LED bulb |  සින්දු අහන්නයි alarm තියන්නයි පුළුවන් bulb එක.
    18.04.2018 - 0 Comments
    click here to buy Smart music LED bulb gearbest coupon code = GBOKL1 ඔන්න යාලුවනේ අපි අද…
  • How to accept all fb request one click
    28.12.2015 - 0 Comments
    ඔක්කොම fb request ටික ඒක පාර accepte කරන්න අසද? හැබැයි මේ වැඩේ කරන්න නම් computer ඒක ඕනි වෙනවා, ඒ වගේම…
  • Bad Piggies-android game
    30.12.2015 - 0 Comments
    මේ ගේම් එකේ කරන්න තියෙන්නේ වාහන හදන්න. ඔයාලට මතකද angry bird එකේ ඉන්න කොළ පාට bad pig ලව. එයාල තමා අපි හදන…
  • Need for Speed™ No Limits
    26.02.2016 - Comments Disabled
    Need for Speed kiwwama ithin dan nethi kenek nene. me thamai Need for Speed game maalawe aluthma eka.…

Contact Form

Name

Email *

Message *