programming මුල ඉදන් ඉගෙන ගන්න ලේසිම විදියක්

programmmer
ඔන්න යාලුවනේ ගොඩක් දවසකින් පොස්ට් එකක් දාන්නේ. programming කියන්නේ ඉතින් ගොඩක් ලොකු පරාසයක විහිදුනු දෙයක්. programming  language ම තියෙනවා බර ගානක්. java, c,c++,python,c#,php. මේ වගේ ගොඩක් තිබ්බට basic දේවල් ඔක්කොම එකයි. syntax, keyword වගේ පොඩි දේවල් ටිකක් තමා වෙනස් වෙන්නේ.

ඔන්න අද අපි කියන්න යන්නේ programming  ගැන කිසිම දෙයක් දාන්නේ නැති කෙනෙකුට යන්න පුළුවන් පාත් එකක්. පහලම තැන ඉදලා user managment system එකක් හදන තත්වයට ඉගෙනගන්න පුළුවන් totorial සෙට් එකක් තියෙනවා. බයවෙන්න එපා මේකට සල්ලි ගන්නේ නැ. මාත් මේ තැන් තැන් වලින් හොයාගත්තු දේවල් ටිකක් තමා ඔයාලත් එක්ක බෙදාගන්න යන්නේ. අවශ්‍ය කරන්නේ ඔයාලගේ උත්සාහය විතරයි.

මුලින්ම අපි ඉගෙන ගන්න යන්නේ වෙබ් programming  පැත්ත මොකද එක ටිකක් ලේසි ඔයාලට ඉගෙන ගන්න.ඒ නිසා පටන් ගන්න කෙනෙක් විදියට HTML/CSS ඉගෙනගත්තොත් හොදා. නමුත් html , css කියන්නේ programming  language නෙමේ. එත් අලුතෙන්ම පටන් ගන්න කෙනෙක් මෙතනින් පටන් ගන්නවානම් හොදයි. ඔයාට තවත් basic විදියටම යන්න ඕනි නම් blogger , wordpress වගේ CMS එකක් බවිත කරන්න.. මේ දේවල් හරියට තේරුම් ගත්තොත් ඒ කියන්නේ වෙබ් අඩවියක් කොහොමද වැඩ කරන්නේ කියාවලිය කොහොමද කියල තේරුම් ගත්තොත් ඔයාලට PHP ලේසියෙන්ම ඉගෙනගන්න පුළුවන්.
අනික මේවා notepad එකක් අරන් type කරන ඒවා නෙමේ කෙලින්ම project එකක් ම තම හදන්නේ.

එහෙනම් වැඩි කතා ඕනි නැ අපේ STEP ටික බලමු..

STEP 1 - blogger වලින් professional වෙබ් අඩවියක් හදන හැටි ගැන තියෙන වීඩියෝ සෙට් එක මෙන්න.

STEP 2 - HTML , CSS ගැන තියෙන වීඩියෝ සෙට් එක මෙන්න

STEP 3 - PHP ගැන basic පාඩම් මාලාව

STEP 4 - PHP වලින් user managment system එකක් හදන වීඩියෝ සෙට් එක මෙන්න 


මෙතන තියෙන්නේ ස්ටෙප් 4 ක් උනාට ඔයාට මේවා ටික බලල ඉගෙනගන්න ටිකක් දවස් යයි. එහෙනම් යාලුවනේ. ඔයගොල්ලන්ට ජය වේවා. අයෙත් මේ වගේ පොස්ට් එකකින් සෙට් වෙමු. අපේ youtube චැනල් එක okkomameke එකත් subscribe කරන්න අමතක කරන්න එපා.
Share කරලා කරලා සහයෝගය දෙන්න >>

ඔන්ලයින් වැඩ කරලා ගොඩයන්නේ කොහොමද ?


e business



මුලින්ම කියන්න ඕනි මේක මගේ කතාවක් නෙමේ . මට වඩා emoney ගැන දන්නා කෙනෙක්ගේ කතාවක්

සතියක් තිස්සේ එක දිගට ආව මැසජේ නිසා ඔක්කොටම පොදුවේ පොස්ට් එකක් දාන්න හිතුවා හැමෝම අහන්නේ ඔන්ලයින් වැඩ කරලා ගොඩයන්නේ කොහොමද කියන ප්‍රශ්ණේ.

පළවෙනියටම කියන්න ඕනේ කීප දෙනෙක් අහලා තිබ්බා ලේසියෙන් ඉක්මනට සල්ලි හොයන්නේ කොහොමද කියලා. ඒ අයට නම් කියන්න වෙන්නේ ඔන්ලයින් වැඩ කරන්න හිතන්නවත් එපා කියලා තමයි. මොකද සාමාන්‍ය රස්සාවක් කරන කෙනෙක්ට වඩා ඔන්ලයින් වැඩ කරන කෙනෙක්ට පැය 8ක් වැඩ කරන නීතිය අදාළ වෙන්නේ නෑ. මොකද ඔන්ලයින් වැඩක් දෙන client කෙනෙක්ගේ කාල රාමුවකට (Deadline) හැමවෙලේම යටත් වෙන්න වෙනවා. එතකොට ඒ වෙලාවට කලින් Job එක ඉවර කරන එක අනිවාර්යයි. මේ Group එකේ අද තැනකට ඇවිත් ඉන්න ගොඩක් අය එතෙන්ට එන්න නිදි මරලා ලොකු කැප කිරීමක් කරලා තියනවා.

ඔන්ලයින් සල්ලි හොයන්න පාරවල් ගොඩක් තිබුණට හැමෝටම හැමදේම කරන්න බෑ. උදාහරණයක් විදිහට adsense වලින් කෙනෙක් සාර්ථක වුනා කියලා අනිත් අය හැමෝම රැල්ලට ඒකම කරන්න ගියාට හරියට කරන්න පුළුවන් වෙන්නේ කීප දෙනෙක්ට විතරයි. මුලින්ම තමන්ට කරන්න පුළුවන් මොනවද බැරි මොනවද කියන එක අඳුරගන්න එක ගොඩක් වැදගත්.
Selling කියන දේ ඔන්ලයින් සල්ලි හොයන්න වැදගත්ම දෙයක්. එකත් කොටස් දෙකකට වෙන් කරන්න භාණ්ඩ (Goods) හා සේවා (Services) විදිහට මේ දෙකෙන් මට අදාළ Services Selling කියන දේ විතරක් කතා කරන්නම් මොකද Forex හා Adsense ගැන මට වඩා ලොකු දැණුමක් තියන අය මේ group එකේ ඉන්න නිසා.
Services Selling වල ලොකු වාසියක් තියනවා (උදා: Designing, Programming, SEO) මොකද Services වලට පිරිවැයක් නැති එක. හැබැයි ගොඩක් ඔන්ලයින් Services Skill Based නිසා තමන් කරන දේ ගැන හොඳ හැදෑරීමක් සහ දැනුමක් තිබීම ගොඩක් වැදගත්.

Upwork & Freelancer
Upwork & Freelancer කියලා කියන්නේ ඔන්ලයින් වැඩ කරන අය ගොඩක් වෙලාවට jobs හොයාගන්න සයිට් දෙකක්. මේකෙන් වෙන්නේ තමන්ට පුළුවන් area එකට අනුව තුන්වන පාර්ශවයේ client කෙනෙක් ඔයාලට හොයලා දෙන එක හැබැයි Account එකක් හැදුවම තමන් වැඩ කරන්න ඉන්න area එක අනුව පොඩි online ටෙස්ට් එකකට මූණ දෙන්න වෙනවා එකෙන් නියමිත ලකුණු ප්‍රමාණයක් ගත්තොත් විතරයි Clients ලාගේ projects වලට අපිට bid කරන්න පුළුවන් වෙන්නේ. අලුතෙන්ම කරන කෙනෙක් ඉන්නවනම් proposals එකක් දෙකක් ලියලා නවත්තලා දාන්න එපා පළවෙනියටම job එකක් ගන්න එක අමාරුයි හැබැයි හැමදාම proposals දාන්න මොකද මම එක ජොබ් එකක් ගන්න proposals 13ක් ලිව්ව වෙලාවල් තියනවා. මේ sites වල තියන හොඳ දෙයක් තමයි ගොඩක් වෙලාවට long term clients ලාව හම්බ වෙන එක. ඒ කියන්නේ එක ජොබ් එකක් හොඳට deliver කරොත් එතනින් එහාට එන Jobs කෙලින්ම ඔයාටම එන්න තියන අවස්ථාව වැඩි. මේ විදිහට clients ලා කීප දෙනෙක් හදාගත්තොත් තමන්ට කරන්න හැමදාම වැඩ තියනවා Jobs හොයා හොයා පස්සෙන් යන්න ඕන නෑ වගේම තව වැඩ පුළුවන් කීප දෙනෙක් දාලා පොඩි company එකක් වුනත් පටන්ගන්න පුළුවන්.

99 Designs
99 Designs කියන්නේ ග්‍රැෆික් කරන අයට ගොඩක් හොඳ සයිට් එකක්. 99 Designs වලදී වෙන්නේ client තමන්ට ඕන කරන දේ කියලා open contest එකක් විදිහට දාන එක. client දෙන deadline එකට කලින් තමන්ගේ design එක හදලා submit කරන්න ඕන. තරගකාරී බව වැඩි නිසාම contest එකක් දිනන එක ලේසි වැඩක් නෙවෙයි. හැබැයි තමන්ගේ හැකියාව ගැන විශ්වාසයි නම් මහන්සි වෙලා කරනවා නම් 99 Designs වල contest එකක් දිනන එක අමාරු නැහැ. කොහොම වුනත් logo design එකකට වුනත් අඩුම ගානේ $200 කට වඩා වැඩියෙන් හම්බ වෙනවා. Web Design එකක් නම් $1000 කට වඩා ගන්න පුළුවන්. ඇත්තටම බැලුවොත් Fiverr වල ලෝගෝ 40ක් හදලා හොයන ගාන එකකින් හොයන්න පුළුවන්. කොහොම වුනත් 99 Designs වල තියන අවාසිය තමයි client ගේ තීරණය අවසන් තීරණය වෙන එක සමහරවිට ගොඩක් මහන්සි වෙලා කරන design අතරෙන් වැඩි ලස්සනක් නැති සාමාන්‍ය design එකක් client තෝරාගන්න ඉඩ තියනවා. ඒක නිකන් හැකියාව එක්ක වාසනාවත් බලපානවා වගේ දෙයක්. මීට අමතරව තවත් design contest තියන sites කීපයක් තියනවා. පහලින් තියන ලින්ක් එකෙන් ගිහින් බලන්න. ප්‍රශ්ණ තියනවානම් inbox කරන්න පුළුවන් විදිහට reply කරන්නම්. 

Share කරලා කරලා සහයෝගය දෙන්න >>

story of steve jobs

ලොව හෙල්ලූ මිනිසෙක් මරණ මංචකයේදී කී කතාව
steve jobs


ඇපල් සමාගමේ සම නිර්මාතෘවරයා වූ ස්‌ටීව් ජොබ්ස්‌ මියගියේ 2011 වසරේ ඔක්‌තෝබර් හය වැනිදාය. ඒ වන විට ඔහුගේ වයස අවුරුදු පනස්‌ හයකි. පරිගණක ක්‌ෂේත්‍රය හා දුරකථන ක්‌ෂේත්‍රය ඇතුළු ලෝකයේ මිනිස්‌ ජීවිත වෙනස්‌ කරන සුළු ක්‌ෂේත්‍ර ගණනාවක්‌ බරපතළ ලෙස වෙනස්‌කම්වලට භාජනය කරන්නට සමත් වූ මේ අසහාය මිනිසාට කාටත් පොදු අටලෝ දහම හමුවේ නම් පරාජය වෙන්නට සිදු විය.

ස්‌ටීව් ජොබ්ස්‌ මියගියේ දරුණු අගන්‍යාස පිළිකාවකින් අනන්ත දුක්‌ විඳිමිනි. ඔහු විසින් සිය මරණ මංචකයේදී කළේ යෑයි කියන ප්‍රකාශයක්‌, ඔහු මියගිය පසුව 2015 අවුරුද්දේදී අන්තර්ජාල වෙබ් අඩවි පුරා වේගයෙන් පැතිර යන්නට විය.

මේ ඔහු විසින් කරන ලදැයි කියවෙන ඒ අවසන් ප්‍රකාශයයි.

මම ව්‍යාපාර ලෝකයේ ජයග්‍රහණයේ මුදුන් හිණිපෙත්තටම පැමිණි අයෙක්‌මි. බොහෝ අය දකින පරිදි මගේ ජීවිතය ජයග්‍රහණය පිළිබඳවම වූ සංකේතයකි.

එහෙත්, වැඩ කිරීමෙන් ලද සතුටට අමතරව මා ජීවිතයෙන් ලද සතුටක්‌ ඇතිනම් ඒ ඉතා ස්‌වල්ප වශයෙනි. මා මේ ජීවිතයෙන් ලබා ගත් එකම සතුට ධනවත් වීම පමණකි.

මේ මොහොතේ මේ ගිලන් ඇඳේ වැතිරී ඉඳිමින් මම මගේ මුළු ජීවිතයම මෙනෙහි කරමි. ළඟ ළඟම එළඹෙන මරණය හමුවේ මා මෙතෙක්‌ ආඩම්බරයෙන් දරා උන් ධනවත් බවෙහිත් කීර්තියේත් දීප්තිමත් බව කෙමෙන් දියවී යන අයුරු මට පෙනෙයි.

අද මගේ පණ නල රැඳී තිබෙන්නේ මගේ සිරුරට සවි කර ඇති මේ යන්ත්‍රවල පිහිටෙනි. ඒ යන්ත්‍රවල මුණු මුණුවත්, ඒවායේ කොළ පැහැ එළිත් අඳුරේදී දකින මට මරණයේ දේවතාවන්ගේ හුස්‌ම හඬ කෙමෙන් ළං වෙන්නාක්‌ මෙන් දැනෙයි.

ජීවත් වෙන්නට ප්‍රමාණවත් තරම් මුදල් උපයා ගත් විට, ධනවත්කම හා බැඳීමක්‌ නැතත් ජීවිතය හා බඳීමක්‌ ඇති අනෙකුත් කාරණා ඉටු කරගන්නට කටයුතු කළ යුතු බව මට දැන් දැනෙයි.

ඒවා ධනවත්කම තරමටම ජීවිතයට වැදගත්ය.

අපේ සමීපතමයන් හා ඇති බැඳීම, කලාව, ළමාවියේදී අප මැවූ සිහින.. මේවා ධනවත්කමට වඩා ජීවිතයට වැදගත්ය.

මේ සියල්ල අත්හැර ධනය පසුපසම හඹා යැමෙන් වනුයේ මා වැනි පැටලුම් සහගත පීඩිත මිනිසෙකු නිර්මාණය වීමය.

දෙවියන් අපට සිතන්නට ශක්‌තිය දුන්නේ අන් අයගේ සිත්හි ඇති ආදරය කරුණාව දකින්නට මිස ධනය විසින් මැවූ මායාවේ දීප්තිය පමණක්‌ දකින්නට නොවේ.

මා විසින් උපයා ගත් සීමාන්තික ධනයෙන් කිසිවක්‌ අද මට ගෙනයන්නට නොහැකිය. මට ගෙනයන්නට හැක්‌කේ මගේ සිතෙහි රැඳුණු ආදරය පිළිබඳ මතකයන් පමණකි.

අපට උපයා ගත හැකි සැබෑ ධනවත්කම් ඒවාය. ජීවිතයට ආලෝකයත් ශක්‌තියත් ලබා දෙන්නේ ඒ ධනවත්කම් මගින් පමණකි. ජීවිතයේදීත් මරණයේදීත් අප හා රැඳී සිටින්නේත් ඒ මතකයන්ගෙන් සැදුම්ලත් ධනය පමණකි.

ආදරයට සැතපුම් දහස්‌ ගණන් දුර යා හැකිය. ජීවිතයට සීමා මායිම් නැත. ඒ නිසා ජීවිතය තුළ සැරිසරන්න. ඔබට හැකි තරම් ඉහළ ඉලක්‌කයකට ගමන් කරන්න.. ඒ සියල්ලට ශක්‌තිය ඇත්තේ ඔබේ හදවතේ හා ඔබේ දෑතෙහිය.

මේ ලොව මිල අධිකම ඇඳ කුමක්‌ද..?

ඒ ගිලන් ඇඳයි..

ඔබට ඔබේ වාහනය ඔබ වෙනුවෙන් පදවාගෙන යන්නට කෙනෙකු මුදලට සොයා ගත හැකිය. එහෙත් ඔබ වෙනුවෙන් ඔබේ රෝගී බව දරාගනිමින් ගිලන් ඇඳක සැතපෙන්නට කෙනෙකු කොතරම් මුදල් ගෙවාවත් සොයා ගන්නට නොහැකිය.

නැති වෙන, විනාශ වෙන භෞතික දේවල් නැවත ලබා ගන්නට හැකිය. එහෙත් නැති වී ගිය ජීවිතයක්‌ නැවත ලබා ගන්නට කවමදාකවත් නොහැකිය.

ඔබ කොතරම් පොත් පත් කියවා ඇති අයකු වුවත්, ඔබට කියවන්නට නොහැකි වූ තවත් එක්‌ පොතක්‌ ඇති බව ශල්‍යාගාරයට ඔබව ගෙනයන මොහොතක ඔබට මතක්‌ වනු ඇත. ඒ නිරෝගී ජීවිතයකට මාර්ගය නම් පොතයි.

අප ඉන්නේ ජීවිතයේ කුමන අවධියක වුවද, ජීවිත කතාවේ තිරය වැසෙන දිනය ඕනෑම මොහොතක එළඹිය හැකිය. ජීවිතය එබඳු අවිනිශ්චිත නාට්‍යයකි.

එබැවින් ඔබේ පවුලට, සැමියාට බිරිඳට, මිතුරු මිතුරියන්ට ආදරය කරන්න.

ඔබට ආදරය කරන්න.

ඔබව මෙන්ම අනෙක්‌ අයවත් ආදරයෙන් රැක බලා ගන්න.
(උපුටා ගැනීමකි)
Share කරලා කරලා සහයෝගය දෙන්න >>

apple failed | Huawei විසින් Apple පරදයි!


honer


හුවාවි සමාගමේ CEO රිචඩ් මහත්තයා ලගදි ලෝකේ විශාලතම දුරකථන අලෙවිකරුවන් ගෙන් එක්කෙනෙක් වෙච්ච් ඇපල් සමාගමට පොඩි චැලෙන්ජ් එකක් කලානේ.
ඒතමා එයාලගේ ඊලග ෆ්ලැග්ශිප් එක වෙන Huawei Mate 10 දුරකථනය ඇපල් Iphone 8 එකට වඩා බලගතු හා ගුණාත්මක වෙන බව. Mate10 කැමරාව Iphone8 කැමරාව අභිබවා යන බව.
හැබැයි Huawei සමාගම දැනටමත් ඇපල් සමාගම කැමරාව පැත්තෙන් පරාද කරලා ඉවරයි. Iphone 7 Plus එකේ කැමරාව රෑන්කින් වල මුල් 10ටවත් නැති වෙද්දි හුවාවි P10 එකේ කැමරාව මුල් 10ට ඇතුලත් වෙනවා.
ඒවගෙම මීට දින කීපෙකට කලින් ප්‍රසිද්ධ කල Huawei Hisillicon Kiron 970 SoC එකේ තියෙනවා වෙන කිසිම SoC එකක නැති අතිශය දියුණු කෘතීම බුද්ධි ඒකකයකුත්. ඒ ස්නායුක ප්‍රොසෙසරය ටෙරා ෆ්ලොප්ස් 1.92ක බලයක් සහිත ස්නායුක ප්‍රොසෙසරයක්!
Google Assistant වගේ සහායකයන්ට මේ විශේෂ ප්‍රොසෙසරය අතිවිශාල උදව්වක් වේවි.
ඒවගේම මේ ස්නායුක ප්‍රොසෙසරය නිසා තප්පරයට ඡායාරූප 2000කට අධික ප්‍රමාණයක් මේ SoC එකෙන් ප්‍රොසෙස් කරන්න පුළුවන්. කැමරාව ඉහල ගුණාත්මක හා වේගවත් වෙන බවට ඒක සාක්ෂියක්.
ඒවගේම Kirin 970හි GPU එකත් අතිප්‍රභල ARM Mali G72 Bifrost MP12 එකක්. එය ප්‍රොසෙසර 12ක GPU එකක්.
කොහොම නමුත් හුවාවි මේට් 10 දුරකථනය නිකුත් කරන්නත් කලින්ම හුවාවි සමාගම තවත් අංශයකින් ඇපල් සමාගම පරදවලා තියෙනවා කියලා අපිට ආරංචි උනා.
ඒතමා ලෝකේ දෙවනියට විශාලතම දුරකථන අලෙවි සමාගම වෙච්ච ඇපල් සමාගම පරාද කරලා හුවාවි සමාගම සැම්සුන්ග් සමාගමට පමණක් දෙවනි වෙමින් ලෝකෙන්ම දෙවනි තැනට පත් වෙච්ච එක.
ඒකේ තේරුම ඇපල් සමාගම දැන් 3ට වැටුනා කියන එක. පහුගිය කාර්තුවල ඇපල් සමාගම ක්‍රමයෙන් අවපාතනයකට ලක්වෙමින් සිටි බව ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙනවා.
මේ තත්වය තවදුරටත් වර්ධනය වෙන බව බලාපොරොත්තු වෙන්න පුළුවන් හුවාවි සමාගමෙන් ඔවුන්ගේ පෙරලිකාර Mate 10 දුරකථනය නිකුත් කිරීමත් සමගම!
තවත් මේවගේ තොරතුරු දැනගන්න අපේ ෆේස්බුක් පිටුවට ලයික් කරන්න.
ඇන්ඩ්‍රොයිඩ් වැඩකාරයෝ ඇඩ්මින් මඩුල්ල වෙනුවෙන් මම #Rezor
Share කරලා කරලා සහයෝගය දෙන්න >>

moon | චන්ද්‍රයාගේ උපත

moon
චන්ද්‍රයා තම කක්ෂය ඔස්සේ පෘථිවිය වටා භ‍්‍රමණය වන විට එහි මූණත විවිධ හැඩයන් වලින්
දක්නට ලැබෙනවා. සඳෙහි කලා ඇතිවීම යනුවෙන් මෙය අප හඳුන්වනු ලබනවා. සෑම විටම
චන්ද්‍රයාගේ එක් අර්ධයකට පමණක් සූර්යාලෝකය ලැබෙන අතර මෙය හරියටම පෘථිවියේ එක්
අර්ධයකට දිවාකාලය ලැබෙන විට අනෙක් අර්ධයට රාති‍්‍රය ලැබෙන ආකාරයට සමානයි. චන්ද්‍රයාගේ
කලා ඇතිවීම එහි අර්ධයකට ඕනෑම අවස්ථාවක ලැබෙන සූර්යාලෝකය කොපමණ ද යන්න මත රඳා
පවතිනවා. නව සඳ යනුවෙන් හැඳින්වෙන කලාවේදී එහි පෘථිවියට ආසන්න අර්ධය සම්පූර්ණයෙන්ම
අඳුරු වී තිබෙනවා. සතියකට පසු සඳ දෙස බලන විට එහි දකුණු පස දීප්තියෙන් ආලෝකමත් වී
තිබෙන අයුරු දැකගත හැකිය. එය පුර පක්ෂය වශයෙන් හඳුන්වනු ලබනවා. තවත් සතියකට පසු
සම්පූර්ණ චන්ද්‍රයාම දීප්තියෙන් බබලන අයුරු දැකගත හැකියි. එය පුර පසළොස්වක යනුවෙන්
හඳුන්වනවා. තවත් සතියකින් පසු එහි වම් පස ආලෝකමත් වී තිබෙන අයුරු දැක ගත හැකි අතර එය
අව පක්ෂය යනුවෙන් හඳුන්වනු ලබනවා. නැවත සතියකින් එය සම්පූර්ණ අඳුරු ස්වභාවයට පත්වෙයි.
මෙම සම්පූර්ණ කි‍්‍රයාවලිය සිදුවීමට ගතවන කාලය චන්ද්‍ර මාසයක් යනුවෙන් හඳුන්වනවා.
සූර්ය ග‍්‍රහණ සහ චන්ද්‍රග‍්‍රහණ ඇතිවීමපෘථිවියේ සහ චන්ද්‍රයාගේ භ‍්‍රමණයන් හේතුවෙන්
සමහර අවස්ථා වල සූර්යයා සහ පෘථිවිය අතරට චන්ද්‍රයා පැමිණෙනවා. එවැනි අවස්ථාවලදී
චන්ද්‍රයාගේ සෙවණැල්ල පෘථිවියේ යම් කොටසකට පතිත වෙනවා. තවත් ආකාරයකින් කියතොත් මේ
හේතුවෙන් පෘථිවියෙ වෙසෙන අපට සූර්යයා සම්පූර්ණයෙන්ම හෝ අර්ධ වශයෙන් නොපෙනී යනවා.
සූර්යයා සම්පූර්ණයෙන් නොපෙනී ගියවිට එය පූර්ණ සූර්ය ග‍්‍රහණයක් වශයෙන්ද, සූර්යයා අර්ධ
වශයෙන් නොපෙනී ගිය විට එය අර්ධ සූර්යග‍්‍රහණයක් වශයෙන් ද හඳුන්වනු ලබනවා. පූර්ණ
සූර්යග‍්‍රහණයක් ඇති වූ විට පොළොව රාති‍්‍රය මෙන් අඳුරු වෙනවා. ඉහත ආකාරයටම සූර්යයා සහ
චන්ද්‍රයා අතරට පෘථිවිය පැමිණ ඒවා එකම රේඛාවක පිහිටන අවස්ථාවකදී සූර්ය කිරණ පෘථිවියට
වැටීමෙන් ඇති වන පෘථිවියේ සෙවණැල්ල චන්ද්‍රයා මතට වැටී එය නොපෙනී යනවා. මෙම කි‍්‍රයාවලිය
චන්ද්‍රග‍්‍රහණයක් ලෙස හඳුන්වනවා. “හඳ රාහු ගිලිනවා” යනුවෙන් හඳුන්වන්නේ මෙම කි‍්‍රයාවලියයි.
වඩදිය බාදිය (උදම් රළ) ඇතිවීමපෘථිවියේ ගුරුත්වාකර්ෂණ ශක්තිය මෙන් 1/6 ගුණයක් ප‍්‍රබල
ගුරුත්වාකර්ෂණ බලයක් චන්ද්‍රයා සතුව පවතිනවා. නමුත් පෘථිවියේ ඇති සාගර ජලයේ උදම්
ඇතිවීමට තරම් මෙම ගුරුත්වාකර්ෂණ බලය ප‍්‍රබලත්වයකින් යුක්ත වෙනවා. පෘථිවියේ එක් පැත්තක්
සඳට මුහුණලා සිටින විට සඳේ ගුරුත්වය නිසා සාගර ජලය ඉහළට එසවෙනවා. පෘථිවියේ මඳ චලනයත්
සමඟ චන්ද්‍රයාගේ ගුරුත්ව බලපෑම ඇති වූ විට පොළොවේ ඈතින් පිහිටි පැත්තේ ජල ස්කන්ධයට එහි
බලපෑම එල්ල වීමෙන් වඩදිය ඇතිවෙනවා. ඒ අතර අනෙක් පැත්තේ මුහුදු මට්ටම පහළ බැසීම
සිදුවෙනවා. එවිට එය බාදිය යනුවෙන් හැඳින්වෙනවා. පෘථිවිය භ‍්‍රමණය වන විට ලෝකය වටාම
සාගර වල මේ ආකාරය වඩදිය - බාදිය ඇතිවීම සිදුවෙනවා.
චන්ද්‍රයාගේ උපතචන්ද්‍රයාගෙන් ලබාගත් පාෂාණ වලින් සිදුකරන ලද ගණනය කිරීම් අනුව එහි වයසවසර බිලියන 4.6 ක් පමණ වනුුඇතැයි අනුමාන කෙරෙනවා. අපගේ පෘථිවිය ඇතුළු සෞර ග‍්‍රහ
මණ්ඩලයත් මේ තරම්ම වයස වන්නට ඇතැයි විද්‍යාඥයින්ගේ විශ්වාසයයි. අභ්‍යවකාශ ගවේෂණයේ
නූතන යුගය එළඹෙන්නට පෙර, විද්‍යාඥයින් විසින් චන්ද්‍රයාගේ උපත පිළිබඳව ප‍්‍රධාන සිද්ධාන්ත
තුනක් ඉදිරිපත් කර තිබුණා. පෘථිවියේ ළදරු අවස්ථාවේදී එය ද්‍රව තත්වයේ පවතින විට, එහි
භ‍්‍රමණය නිසා ඉවතට විසිවී ගිය ද්‍රව්‍ය වලින් චන්ද්‍රයා සෑදෙන්නට ඇතැයි යන්න එක් මතයක්. මේ
පිළිබඳව ඇති තවත් මතයක් වන්නේ සූර්ය නිහාරිකාවකින් එක් වරම පෘථිවිය හා චන්ද්‍රයා බිහිවන්නට
ඇති බවයි. එසේ බිහිවූ චන්ද්‍රයා පෘථිවියේ ගුරුත්වාකර්ෂණය මගින් අල්ලා ගන්නට ඇති බව
විද්‍යාඥයින් වැඩිදුරටත් පවසා සිටිනවා. නමුත් 1975 දී පමණ ඉදිරිපත් වූ තවත් සිද්ධාන්තයකින්
කියවුණේ පෘථිවිය, තවත් එවැනිම විශාල වස්තුවක් සමඟ ගැටීමෙන් ඉවතට විසි වී කැබලි මගින්
චන්ද්‍රයා උපත ලබන්නට ඇති බවයි. පෘථිවිය හා ගැටුණු මෙම වස්තුව බුද ග‍්‍රහයා තරම් විශාල
වන්නට ඇතැයි මුලින් උපකල්පනය කර තිබුණත් 1997 දී ඇමරිකානු විද්‍යාඥයින් පිරිසක් පරිගණක
ආශ‍්‍රයෙන් සිදු කරන ලද පර්යේෂණවලට අනුව එම ග‍්‍රහ වස්තුවේ විශාලත්වය බුද ග‍්‍රහයා මෙන්
අඩුම වශයෙන් 2.5 ගුණයක් හෝ 3 ගුණයක් විශාල වන්නට ඇති බව සොයාගෙන තිබෙනවා. මෙය
ඝට්ටන වාදය ලෙස හඳුන්වන අතර චන්ද්‍රයාගේ උපත සම්බන්ධයෙන් වර්තමානයේ වඩාත්ම පිළිගත්
මතය වන්නේ ද මෙයයි. එහෙත් විද්‍යාඥයින් තවදුරටත් මේ පිළිබඳ කරුණු අධ්‍යයනය කිරීමේ නිරතව
සිටිනවා. පෘථිවියේ මෙන් චන්ද්‍රයා මත චුම්භක ක්‍ෂේත‍්‍රයක් දක්නට ලැබෙන්නේ නැහැ. එහි ඇත්තේ
ඉතාමත් දුර්වල චුම්භක ක්‍ෂේත‍්‍රයක්. ඒවාත් සමහර ස්ථානවල පමණක් පිහිටා තිබෙනවා. එමෙන්ම
චන්ද්‍රයාට වායුගෝලයක්්ද පිහිටා නැහැ. මේ නිසා සූර්ය කුණාටු වලට, ග‍්‍රාහක ඝට්ටනයන් වලට
චන්ද්‍රයාගේ මතුපිට එක එල්ලේම විවෘතව පවතිනවා. මේ හේතුව නිසා චන්ද්‍රයා මතුපිට අධික
ආවාට ප‍්‍රමාණයක් ද දක්නට ලැබෙනවා.

මංජුල දිසානායක
Share කරලා කරලා සහයෝගය දෙන්න >>

ගංජා(පිරිසිදු මරිජුවානා)

ganja

මත්ද්‍රව්‍ය අතරින් ගංජා ලෝකය තුළ ඉතා ජනප්‍රියයි. මේකට බලපාන විවිධ හේතු කරණා පවතිනවා. ලංකාව තුළ වගේම ලෝකය තුළත් ගංජා ඈත අතීතයේ සිටම මිනිසුන් විවිධ කටයුතු සඳහා භාවිතයට ගත් ඖෂධයක්.

ලංකාවේ ඖෂධයක් ලෙස වගේම මත්ද්‍රව්‍යයක් ලෙස ජනප්‍රියව පැවති ගංජා තහනමට ලක්වන්නෙ සුද්දන්ගෙ කාලේ. එතකම් අපේ මිනිස්සු කරදරයකින් තොරව ඉහත දෙවිදියටම ගංජා පාවිච්චි කරා. ඇමරිකාව එංගලන්තය වැනි රටවල පවා ගංජා නීත්‍යානුකූල කිරීම පිළිබඳ විශාල කතා බහක් ඇතිව තිබෙනවා. මේ බොහෝදෙනෙක් නගන තර්කය වන්නේ ගංජා මත්පැන්වලට වඩා ආරක්‍ෂිත මත්ද්‍රව්‍යයක් වීම සහ ශරීරයට හිතකර ද්‍රව්‍යක් වීමයි. ඉතා මෑතකදී ඇමරිකානු රජයේ සෞඛ්‍ය ආයතන කිහිපයක් එකතුවෙන් සිදුකළ පරීක්ෂණ හරහා තහවුරුවී තිබෙන්නේ වාහන පැදවීමේදී ගංජාවලට වඩා මත්පැන් තුළින් අහිතකර බලපෑමක් සිදුවන බවයි. මෙයට හේතුව පැහැදිලි කරන විශේෂඥයන් පවසන්නේ ගංජා පානය කරන්නන්ට අවධානය එක තැනක තබාගැනීමට පහසුවීම නිසා වාහන පැදවීමේදී අනතුරු මග හරවමින් ධාවනය කිරීමේ හැකියාවක් ලැබෙන නමුත් මත් පැන් පානය කිරීමෙන් පසු අවධානම් දැරීමේ ආසාව වැඩිවන හෙයින් මත්පැන් වලට වඩා ගංජා ආරක්‍ෂිත බවයි. මිට අමතරව ගංජා තුළින් ලැබෙන ප්‍රතිලාභ පිළිබඳ පරීක්ෂණ රැසකින් තහවුරුවී තිබෙනවා.

ශරීරයේ බර අඩු කිරීමට
ගංජා පාවිච්චි කරන්නන් සාමාන්‍යයෙන් සිහින් සිරුරැති බව අනාවරණය වී තිබෙනවා. හාවර්ඩ් විශ්ව විද්‍යාලය, Nebraska විශ්ව විද්‍යාලය සහ බෙත් ඊශ්‍රායල වෛද්‍ය මධ්‍යස්ථානය සිදුකළ පරීක්ෂණ හරහා මේ බව තවුරුව තිබෙනවා. මේකට හේතුව ගංජා තුළින් දිනකට කැලරි 600ක් පමණ දහනය කිරීමයි.

දියවැඩියාව නැති කිරීමට
ගංජා දියවැඩියාව නැසීමේ ඖෂධයක් ලෙස ක්‍රියාකරනවා. ඇමරිකානු සෞඛ්‍ය සහ පෝෂණ පරීක්ෂණ ආයතනය පවසන්නේ ගංජාවල අඩංගු tetrahydrocannabinol (THC) නම් රසායනිකය මගින් ශරීරයේ ඉන්සියුලින් ප්‍රතිශතය පාලනය කරන බවයි.

ආතතිය
විවධ පරීක්ෂණ හරහා තවුරුව ඇත්තේ ගංජා නිතර පාවිච්චි කරන්නන් තුළ ආතතියේ ලක්ෂණ දක්නට නොලැබෙන බවයි.

ග්ලුකෝමා සඳහා හොඳ ඖෂධයකි
ග්ලුකෝමා රෝගයෙන් පෙලෙන්නන් ගංජා ඉරීමෙන් අන්ධවීමේ අවධානමෙන් මිදිය හැකි බව පැවසෙනවා. මීට හේතුව ඇසේ රුධිර පීඩනය පාලනය කිරීමට ගංජාවලට හැකියාවක් පැවතීමයි. ඇමරිකානු ජාතික අක්ෂි ආයතනය වසර ගණනාවකට පෙර සිදුකළ පරීක්ෂණයක් හරහා අනාවරණය වී ඇත්තේ ග්ලුකෝමා රෝගීන්ගේ රුධිර පීඩනය පාලනය කිරීමේ හැකියාවක් ගංජා සතුව පවතින බවයි.

ඒඩ්ස් සඳහා ඖෂධයක් ලෙස
මින් පෙර සඳහන් කළ ආකාරයට ගංජා තුළ අඩංගු tetrahydrocannabinol (THC) වඳුරන් තුළ ඒඩ්ස් පැතිරීම පාලනය කරන බව හෙළිව තිබෙනවා. මේ පිළිබඳ පරීක්ෂණ සිදුකළ විද්‍යාඥයන් පවසන්නේ මෙම රසායනිකය දිනපතා ලබාදුන් වඳුරන්ගේ සෛල ලබා නොදුන් වඳුරන්ට වඩා හොද තත්ත්වයෙන් පැවතුනු බවයි. නමුත් මේ වනතෙක් මේ පිළිබඳ මිනිසුන් යොදාගෙන පරීක්ෂණ සිදු කර නැහැ. .

පිළිකා රෝග මර්දකයක් ලෙස
2012 වර්ෂයේ සිදුකළ පරීක්ෂණයක් හරහා තහවුරුව ඇත්තේ ගංජා පිළිකා පැතිරීම පාලනය කරන බවයි. බ්‍රිතාන්‍ය තුළ ගංජා යොදාගෙන ලියුකේමියා රෝගය සුව කර තිබෙනවා. පිළිකා පිළිබඳ පරිෂණ පවත්වන Molecular Cancer Therapeutics ආයතනය මෙය තහවුරු කර තිබේ.

මිග්‍රේන් සඳහා
ගංජා තුළ තිබෙන ශරීරය සිහිල් කිරීමේ ස්වභාවය නිසා මිග්‍රේන් නිසා ඇතිවන වේදනාව පාලනය කරයි. එය විවිධ වර්ගයේ ඇස්ප්‍රීන් ඖෂධයන්ට වඩා සිය ගුණයක සහනයක් ලබාදෙන බව පැවසේ. කැලිෆෝනියා ප්‍රාන්තයේ බොහෝ වෛද්‍යවරුන් ඉරුවාරදය එහෙම නැත්තම් මිග්‍රේන් සඳහා ඖෂධයක් ලෙස ගංජා භාවිත කරයි.

නිර්මාණශිලිත්වය වර්ධනය කරයි
ගංජා නිතර භාවිත කරන්නන් තුල නිරමණශීලීත්වය සහ කතාකිරීමේ හැකියාව වර්ධනය වන බව විශේෂඥ මතයයි.
Share කරලා කරලා සහයෝගය දෙන්න >>

Popular Posts

random post

Contact Form

Name

Email *

Message *