Smart music LED bulb | සින්දු අහන්නයි alarm තියන්නයි පුළුවන් bulb එක.


gearbest Smart music LED bulb

click here to buy Smart music LED bulb

gearbest coupon code = GBOKL1
ඔන්න යාලුවනේ අපි අද කියන්න යන්නේ සුපිරි වැඩ කලි ගොඩක් තියෙන bulb එකක් ගැන. මේක ඇත්තටම පාට පාටින් පත්තු කරන්න පුළුවන් LED තාක්ෂණය බාවිතා කරන bulb එකක් . එක smart bulb එකක් ඒ කියන්නේ ඔයාට මේක ඔයාගේ smartphone එක හරහා මේක පාලනය කරන්න පුළුවන් . ඒ කියන්නේ ඔයාට මේක off කරන්න on කරන්න  ඒ වගේම මේකේ පාට මරු කරන්න වගේ දේවල් ඔයාගේ smart phone එක හරහා කරගන්න පුළුවන්. ඒ වගේම මේකේ තියෙන විශේෂම දේ තමා මේක ඔයාට bluetooth speaker එකක් විදියට බවිත කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාගේ phone එක bluetooth හරහා connect කරලා phone එකේ සින්දු මේ bulb එක හරහා අහන්න පුළුවන්. ඒ වගේම විශේෂයෙන්ම කියන්න ඕනි මේකේ ගොඩක් හොද ශබ්දයක් තියෙනවා ඒ කියන්නේ මුළු ගෙදරටම ඇහෙන විදියට උනත් ඔයාට සින්දු දන්නා පුළුවන්.


gearbest smart music LED bulb

ඒ වගේම ඔයාට මේකෙන් alarm තියන්න පුළුවන්. ඒ වගේම මේකේ bulb එක පත්තු වෙන එක අපිට වෙලාවක් දෙන්න පුළුවන් ඒ කියන්නේ රේ වෙනකොට auto ම පත්තු වෙන විදියටත් උදේ වෙනකොට auto ම off වෙන විදියටත් ඔයය බවිත කරන්න පුළුවන්. ඒ වගේම bulb එක පාට පාටින් රට මවමින් පත්තු කරන්නත් පුළුවන්. හරි යාලුවනේ අපි එහෙනම් බලමු මේ bulb එක ඔයාගේ phone එකට connect කරන්නේ කොහොමද කියල. 

gearbest smart music LED bulb

මුලින්ම ඔය කරන්න ඕනි , මේකේ user manual එකේ තියෙනවා QR code එකක් එක scan කරලා එයාලගේ වෙබ් site එකට යන්න එකේ තියෙනවා download කියල . එක ඔබලා apk file එක download කරගන්න. ඊට පස්සේ install කරගන්න. 

gearbest smart music LED bulb

ඊටපස්සේ ඔය ඔයාගේ phone එකේ bluetooth setting වලට යන්න ගිහින් search කරන්න . ඊටපස්සේ ඔයාට අපේ bulb එක නම පෙන්වයි. එක උඩ click කරලා එක connect කරගන්න. දැන් ඔයාට ඔයාගේ phone එක bulb එකත් එක්ක connect වෙලා තියෙන්නේ. දැන් ඔය phone එකෙන් දාන ඕනිම සින්දුවක් ඇහෙන්නේ මේ bulb එකෙන්. 

connect smart bulb to smart phone bluetooth

ඊටපස්සේ ඔයාට ඔයාලේ bulb එක control කරන්න ඕනි නම් ඔයාට app එක බාවිතා කරන්න වෙනවා. ඉතින් ඔය එකට ගියොත් ඔයාට option ගොඩක් බලාගන්න පුළුවන්. 

gearbest smart bulb app screenshot

switch කියන එකෙන් ඔයාට bulb එක off කරන්න on කරන්න පුළුවන්. volume කියන එකෙන් ඔයාට සද්දේ අඩු වැඩි කරන්න පුළුවන්. play එකෙන් සින්දු play කරන්නු පුළුවන්. connect කියන එකෙන් තම bulb එක connect කරන්නේ , අපි දැනටමත් connect කැටල තියෙන නිසා ගැටළුවක් නැ. 

gearbest smart bulb app screenshot

ඉතින් ඊට පස්සේ light කියන එක ඔබලා එකට ගියාම එකෙන් ඔයාට bulb එකේ පාට මාරු කරන්න, brigthness අඩු වැඩි කරන්න වගේ දේවල් කරන්න පුළුවන්. 

gearbest smart bulb app screenshot

ඉතින් ඊට පස්සේ music කියන එකට ගියාම එකේ තියෙනව ඔයාගේ phone එකේ දැනට save කරලා තියෙන mp3 සින්දු වගේ දේවල්.ඔයාට එතනින් සෙලෙච්ට් කැටල සින්දු play කරන්නත් පුළුවන්. ඒ වගේම සින්දු play වෙන ගමන්  light එක පත්තු කරන්නත් පුළුවන්.

gearbest smart bulb app screenshot

ඉතින් ඊට පස්සේ තියෙන්නේ scene කියන එක . මේකට ගියාම option ගොඩක් තියෙනවා. මේකෙන් තමා  bulb එක විවිද රටා වලට පාට පාටින් පත්තු වෙන විදියට කරන්නේ.

 ඉතින් යාලුවනේ අන්තිමටම තමා වැදගත්ම දේ. ඒ තමා alarm , මේකට ගියාම bulb එක auto on වෙන වෙලාව off වෙන වෙලාව අපිට දෙන්න පුළුවන්. ඉතින් ඔයාට මේකෙන් රැ වෙනකොට auto on වෙන විදියටත් උදේ වෙනකොට auto off වෙන විදියටත් හදන්න පුළුවන්. 

ඉතින් ඒ වගේම auto music play වෙන විදියට සෙට් කරන්නත් පුළුවන්. ඊළගට පහලම තමා alarm තියෙන්නේ. ඉතින් ඔයාට එතනින් alarm 4ක් තියන්න පුළුවන් .. මේකේ තියෙන විශේෂත්වය තමා මේකේ alarm , auto light on off වගේ දේවල් වැඩ කරන්න phone එක connect කරලම තියන්න ඕනි නැ. 

ඉතින් ඔයාලට මේක මිලදී ගන්න ඕනි නම් අඩුවට ගන්න පුළුවන් gearbest.com එකෙන්. ඒ වගේම මේ දවස් වල මිල අඩු කිරීමකුත් තියෙනවා . ඒ වගේම ඔයගොල්ලෝ පහල ලින්ක් එකෙන් ගිහින් GBOKL1 මෙන්න මේ coupon code එක බාවිතා කරොත් ඔයාට තවත් discount එකක් ගන්න පුළුවන්. 

gearbest coupon code = GBOKL1

click here to buy Smart music LED bulb


එහෙනම් යාලුවනේ කොහොමද මේ සුපිරි ගැජට් එක. මරු නේද . පල්ලෙහායින් comment එකක් දන්න. එහෙනම් නැවතත් මේ වගේම වැඩ කෑල්ලකින් හමුවෙවූ . ඔයගොල්ලන්ට ජය වේවා. අපි okkomameke...

ඔයාලට වීඩියෝ එක බලන්න ඕනි නම් මෙන්න තියෙනවා පහල වීඩියෝ එක.

gearbest coupon code Smart music LED bulb how to buy good smart bulb with bluetooth speaker with alarm how to use smart bulb price in sri lanka how to connect smart bulb to smartphone smart home bulb with bluetooth speaker smart home bulb with alarm gearbest coupon code = GBOKL1

Share කරලා කරලා සහයෝගය දෙන්න >>

story of Jack Ma sinhala

Jack Ma
උත්සාහය නිසා කෝටිපතියෙකු වූ ජැක් මා.

Jack Ma යනු ලෝකය තුල රැඩිකල් වෙනසක් කල දැවැන්ත චරිතයකි. චීනයේ ව්‍යාපාරික ගිනිසිළුව වූ ඔහු, අන්තර්ජාලය තුල

දැවැන්ත ALIBABA ව්‍යාපාර ජාලයේ හිමිකරුය. ඔහු දැනට ආසියාවේ ධනවත්ම පුද්ගලයා වන අතර ලෝකයේ 14 වන ධනවතා ලෙස පෙරලියක් කරමින් සිටී. චීනයේ සාමාන්‍ය පවුලක ඉපදුනු Jack Ma තරුණ අවධියේදීම ඉංග්‍රීසි භාෂාව ප්‍රගුණ කරන්නට පටන් ගත්තේ එතුලින් ලෝකය දැකීමට හැකිබව බලවත් ලෙස විශ්වාස කල බැවිනි.

ඔහු තමා සතු යතුරු පැදිය දිනපතා කිලෝමීටර 40ක් පදිමින් නතර වුයේ Hangzhou හෝටලය අසලය. එහි සිටින සංචාරකයන් ඔහු නොමිලයේම තම රට පෙන්වීම සඳහා රැගෙන ගිය අතර මුදල් වෙනුවට ඔහු ඔවුන්ගෙන් ගමන අතරතුරදී ඉංග්‍රීසි භාෂාව ඉගෙනගනු ලැබුවා. මෙම අපුරු ඉංග්‍රීසි පන්තිය අවුරුදු නමයක් පුරා පැවතුනු අතර බොහෝ සංචාරකයන් ඔහුගේ පෑනේ මිතුරන් බවට පත්වුවා. බොහෝ දුෂ්කර වෑයමකින් පසුව ඔහු ඉංග්‍රීසි භාෂාව පිළිබඳව උපාධියක් දිනාගැනීමට සමත් වූ අතර පසු කලෙක Hangzhou Dianzi ජාත්‍යන්තර සරසවියේ ඉංග්‍රීසි භාෂා කථිකාචාර්ය වරයකුලෙසද සේවය කරනු ලැබුවා.

Jack Ma ජීවිතය තුල බොහෝ පරාජයන් ලැබූ මිනිසෙකි. අවසානයේදී මෙම පරාජයන් නිසාම මහා පන්නරයක් ලැබූ අයෙකි. ඔහු රැකියා සම්මුඛ පරීක්ෂණ 30 කින් ප්‍රතික්ෂේප වූ අයෙකි. වරෙක KFC ආයතනයේ සම්මුඛ පරීක්ෂණයකට සහභාගී වූ 23 දෙනකු අතරින් අසමත් වුයේ Jack Ma පමණි. එමෙන්ම Harward සරසවියට ඔහු යොමුකළ අයදුම්පත 10 වතාවක් ප්‍රතික්ෂේප වූ බව ඔහු වරෙක ප්‍රකාශ කලේ Harward සරසවියට ආරාධිතයෙකු ලෙස දේශනයකට පැමිණි අවස්ථාවකදීය.

කෙසේ නමුත් ඔහු 1994 දී අන්තර්ජාලය ගැන හැදෑරීමක් කල අතර එවිට ඔහුගේ වයස අවුරුදු 30කි. 1999 වසරේදී ජැක් මා විසින් Alibaba.com වෙබ් අඩවිය පිහිටුවමින් මෙම සමාගම ආරම්භ කරන ලදී. චීනයේ විවිධ නිෂ්පාදකයන්ගේ භාණ්ඩ අන්තර්ජාලය ඔස්සේ සමස්ත ලෝකයටම අළෙවි කිරීම මෙම සමාගමේ අරමුණ විය. මෙහිදී අනෙක් සෑම අන්තර්ජාල වෙළෙඳ පළකදී මෙන් මෙහි ද ගනුදෙනුකරුවා සහ අළෙවි කරන්නා අතර භෞතික හමුවීමක් සිදු නොවන අතර සියලු ගනුදෙනු අන්තර්ජාලය හරහාම සිදුවෙයි. ඇණවුම් කරන ලද භාණ්ඩය ගමනාන්තයට අනුව නිශ්චිත දින ගණනක් තුළ ගැනුම්කරුවා වෙත තැපෑලෙන් යැවෙයි. සියලුම පාහේ අන්තර්ජාල ගනුදෙනු සිදු වන්නේ මේ ආකාරයටය. පසුව Alibaba Group ලෙස තවත් සමාගම් එකතු කර ගනිමින් ඔහු වයාපරය වර්ධනය කරගන්නා ලදී.

මෙම සමාගමට ‛අලිබාබා’ යන නම ලැබුණු ආකාරය පසුපස ඇත්තේ ද අපූරු කතාවකි. එය මෙහි නිර්මාතෘ ජැක් මා ගේ වචනයෙන්ම මෙසේය.

“දවසක් මම මැලේසියාවේ වැඩකට ගිහින් කෝපි එකක් පානය කරමින් ඉන්න අතරේ මගේ සමාගමට හොඳම නම මොකක්ද කියලා හිතමින් හිටියා. එකපාරටම මට හිතුණා අලිබාබා කියන නම හොඳයි කියලා. මෙහෙම ඉන්න කොට වේටර්වරිය එතැනට ආවා. මම ඇහුවා ‛ඔබ අලිබාබා ගැන දන්නවද?’ කියලා. ‛නැතුව. අර දොර ඇරේවා කියලා කියන කතාව නේද?’ කියලා ඇය මගෙන් ඇහුවා. මම හිතුවා මේක තමයි නියම නම කියලා.

ඉන් පස්සේ මම පාරේ ඇවිදින ගමන් ලෝකයේ එක එක රටවලින් ආපු තිස් දෙනෙකුගෙන් විතර ඇහුවා අලිබාබා ගැන දන්නවද කියලා. ඔවුන් කිව්වා ‛ දොර ඇරේවා කියන කතාව නේද, තමන්ට ලැබුණු ධනයෙන් ගමේ මිනිස්සුන්ට උදව් කළ හොඳ මනුස්සයෙක් නේද?’  වගේ කතා. මම දැනගත්තා ලෝකයේ ඕන කෙනෙක් මේ නම දන්න බව. අනෙක ඒ නිසාම උච්චාරණයත් පහසුවෙන් සිද්ධ වෙනවා. අවසානයේ මේ නම ලියාපදිංචි කළා. නමේ මොකක් හෝ නීතිමය ගැටලුවක් ආවොත් කියලා ‛අලිමාමා’ කියන නමත් ලියාපදිංචි කළා.”

ජැක් මා සහ අලිබාබා පිළිබඳව යූටියුබ් හි ඇති වීඩියෝවක් බලන්න.

2012 වසරේදී අලිබාබා සමාගම විසින්  ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 1.1 ක අළෙවි කටයුතු සිදු කොට තිබූ අතර ඒ වන විට ඔවුන්ගේ ස්වදේශීය (චීන) නොවන සැපයුම්කරුවන්ගේ සංඛ්‍යාව ස්වදේශීය සැපයුම්කරුවන් ඉක්මවා තිබුණු බව ද වාර්තා වේ. කෙසේ වෙතත් ඔවුන් ප්‍රධාන වශයෙන්ම ක්‍රියාත්මක වූයේ චීනය මූලික කොටගෙනය. 2016 අප්‍රේල් මාසය වන විට ලෝකයේ එතෙක් පැවති විශාලතම අන්තර්ජාල වෙළෙඳ පළ වූ වෝල්මාර්ට් (Walmart) ද පසුකර යමින් මෙය පෙරමුණට පැමිණියේය. 2012 නොවැම්බර් මාසය තුලදී මෙම ව්‍යාපාරය තුල online ගනුදෙනු ප්‍රමාණය චීන යුආන් ට්‍රිලියනය ඉක්මවනු ලැබුවා. මේ නිසාම අද වනවිට ඩොනල්ඩ් ට්‍රම්ප් ජනපතිවරයාගේ සිට සෑම ධනවතකුම Jack Ma ගේ සමීපතමයන්ය.

1964 සැප්තැම්බර් 10 වැනිදා චීනයේ උපත ලද ‛ජැක් මා’ ගේ සැබෑ නම වන්නේ ‛මා යුන්’ ය. ෆෝර්බීස් නම් ලෝකයේ ප්‍රමුඛතම ව්‍යාපාරික සඟරාවේ කවරයක් පළ කෙරුණු මුල්ම චීන ජාතික ව්‍යාපාරිකයා වන්නේ ද ජැක් මා ය.

2008 වසරේදී ඔහු ලොව හොඳම ආයතන ප්‍රධානීන් 30 අතරට පත්වූ අතර 2014 දී චීනයේ බලගතු ව්‍යවසායකයන් අතර ඉදිරියෙන්ම පසුවූවා. පුංචි තැනකින් ජීවිතය අරඹා ස්වෝත්සාහයෙන් ඉදිරියටම ගිය Jack Ma දියුණුවට කැමති සැමදෙනකු විසින්ම කියවිය යුතු හැදෑරිය යුතු අපුරු චරිතයකි.

who is Jack Ma who make alibaba.com who make alibaba group Jack Ma life story

Share කරලා කරලා සහයෝගය දෙන්න >>

Sinhala Writer | සි‍ංහල නිවැරදිව ටයිප් කරන්න

Sinhala Writer

සි‍ංහල නිවැරදිව ටයිප් කරන්න උදව්කරන මෘදුකා‍ංගය.

කාර්යාලයේ හෝ ඔබගේ නිවසේ පරිගණකයේ වර්ඩ්, ෆොටෝශොප් වැනි මෘදුකා‍ංග වල වැඩ කරනවිට සිංහල ෆොන්ට් බාවිතා කර අකුරු ටයිප් කිරීමේදී

සමහර ඉස්පිලි පාපිලි වදින්නේ අඩුපාඩු සහිත්වයි, අන්න ඒ වැරැද්ද නිවැරදි කරන්න පුලුවන් වටිනා මෘදුකා‍ංගයක් තමයි මේ sinhala writer මෘදුකාංගය. මෙය ඉන්ස්ටෝල් නොකර ඩබල් ක්ලික් කරලා open කරන්න තියෙන්නේ. ඉස්පිලි පාපිපා ගානට සෙට් වෙනවා වර්ඩ් ෆොටෝෂොප් හැම ඒකකම කිසි ප්‍රශ්නයක් නැතුව වැඩ කරනවා ඉංග්‍රිසි වලට මාරුවෙන්න නම් මේක close කරලා දාන්න.

Download Sinhala Writer

type sinhala word correctly without mistake 
Share කරලා කරලා සහයෝගය දෙන්න >>

UR browser | වේගයෙන් ආරක්ෂිතව internet යමු.

ur browser
ආරක්ෂාකාරීව සහ අධිවේගීව අන්තර්ජාලයේ සැරිසරන්න.

පරිගණකයෙන් ලැප් එකෙන් පෞද්ගලික තොරතුරු ආරක්ෂා කරගනිමින් වේගවත්ව අන්තර්ජාලය භාවිතා

කිරීමට හොදම වෙබ් බ්‍රව්සරයක් ලෙස UR වේබ් බ්‍රව්සරය පෙන්වා දිය හැක. මෙය පරිශීකලයාට මිත්‍රශීලී, සිත්ගන්නා සුළු අන්දමින් ‍හොද අතුරු මුහුණතක් ලබා දෙමින් නිර්මාණය තිබේ. සැක සහිත වෙබ් අඩවි වලට පිවිසීමේදී අනතුරු ඇගවීම්ද පෙන්නුම් කරයි. ඩවුන්ලෝඩ් කිරීමේදී දැනට පවතින අනෙකුත් වෙබ් බ්‍රව්සර්වලට සාපේක්ෂව 4 ගුණයක වේගයකින් ඩවුන්ලෝඩ් වන බව දක්වා ඇත. European Union නීති මගින් දත්ත ආරක්ෂා කර දීම සිදුකෙරේ.අනෙත් වෙබ් බ්‍රවුසර් වලට සාපේක්ෂව ඉතා හොද මට්ටමක පවතින මෘදුකාංගයක් බව ප්‍රකාශ කළ හැක.
download UR browser

Websites load faster without the ads, trackers and cookies that can weigh pages down
Protect your privacy with a powerful suite of tools that give you control over who sees your data online Secure Browse safer with alerts for dangerous websites, automatic HTTPS redirect and a built-in virus scanner

Share කරලා කරලා සහයෝගය දෙන්න >>

Supercomputers | සුපිරි පරිගණක


hello computer

Supercomputers යනු මොනවාද සහ එහි වර්තමාන තත්ත්වය

අපි සාමාන්‍යයෙන් භාවිත කරන පරිගණක විශේෂ සහ විශාල ගණනය කිරීම් කරන්නට ප්‍රමාණවත් බලයක් සපයන්නේ නැහැ. විශාල දත්ත විශ්ලේෂණය කිරීම හා ඒ හරහා පුරෝකථන කිරීම් ආදියට වේගය ඉතා ඉහළ පරිගණක අවශ්‍ය වෙනවා. ඒ අනුව එවන් විශේෂ අවස්ථා සඳහා සුපිරි පරිගණක ස්ථාපනය කරන්නට රටවල් කටයුතු කරනවා. ඒවා හරහා තනි කාර්යයක් පමණක් නොව ඇතැම්විට රටේ විවිධ පැතිකඩවල, විෂයයන්හි අවශ්‍යතාවයන් සපුරාගන්නට ද භාවිතා වෙනවා. අභ්‍යවකාශය අතැඹුල සේ ඇති නාසා ආයතනයටත් සුපිරි පරිගණකයක සහාය නැතිව ඒ හැකියාවන් කිසිදිනක ලබන්නට බැහැ.

සුපිරි පරිගණක යනු

රුසියාවේ Lomonosov සුපිරි පරිගණකය

ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂයට අනුව මේ වචනයේ අර්ථ දැක්වීම ඉතා සරලයි. “විශේෂයෙන් සකසන ලද, අධි බලැති, ප්‍රබල පරිගණකයක්” ලෙසයි එහි අරුත් දක්වා තිබෙන්නේ. අතීතයේ මුල්කාලීන පරිගණක විශාලත්වයෙන් වැඩි නිසා කාමරයක්ම භාවිත කරන්නට සිදු වූ බව ඔබ අසා ඇති. රික්තක නලවල විශාලත්වය නිසා බොහෝ සෙයින් ඒවා වැඩි ඉඩක් භාවිත කළ නමුත් ඒවායේ සහ අද තිබෙන සුපිරි පරිගණකවලත් ප්‍රමාණයෙන් නම් වෙනසක් නැහැ. නමුත් වේගය අතින් බැලුවොත් පරණ ඒවා ලංකාව වැසෙන තෙක් සවිකළත් අද තිබෙන එකක දශම අගයක වේගයක් එයින් ලබන්නට බැහැ. අපේ නිවෙස්වල සහ කාර්යාලවල තිබෙන අලුත් පරිගණක පවා කරත්ත සෙයින් කටයුතු කරද්දී මේ සුපිරි පරිගණකවල ඇති වේගය මෙතෙකැයි කියන්නට උදාහරණ ගෙන ආ යුතු වන්නේ නැහැ.

ලොව වේගවත්ම පරිගණකය චීනයේ

TaihuLight පරිගණකය

ලොව බලවත්ම රට ලෙස ඇමරිකාව ලෙස සැලකුණත් චීනය, ඇමරිකාව සහ ජපානය අතර සුපිරි පරිගණක තරගයේ ජය ලබන්නට මේ වෙන විට චීනය සමත්ව තිබෙනවා. පරිගණකවල වේගය තීරණය කරන ෆ්ලොප්ස් (FLOpS – තත්පරයක දී සිදුකරන ගණනය කිරීම්) අගය මතයි මෙම වේගවත් බවේ කිරුළ පළඳනු ලබන්නේ. ඒ අනුව 2013 වර්ෂය වන විට පෙටාෆ්ලොප්ස් (ෆ්ලොප්ස්වල 105 අගය) 17.17ක් ලෙස ඇමරිකාවේ IBM Sequoia පරිගණකයත්, පෙටාෆ්ලොප්ස් 17.59ක් සමඟ ඇමරිකාවේම Cray Titan සුපිරි පරිගණකයත් නම් දරා සිටියා. ඉන්පසු කිරුළ චීනය වෙතට යොමු වුණේ ඔවුන්ගේ 33.86 petaflops අගයක් ඇති Tianhe-2 පරිගණකයේ ආගමනයත් සමඟ යි. පරිගණක සැලසුම්, විශ්ලේෂණ, රජයේ ආරක්ෂක කටයුතු ආදියට මේ පරිගණකය යොදා ගැණුනා. යුවාන් බිලියන 2.4ක් හෙවත් ඇමරිකානු ඩොලර් මිලියන 390ක් වැය කොට තැනූ මේ පරිගණකයට ටෙරාබයිට් 1375ක RAM ධාරිතාවක්, පෙටාබයිට් 12.4ක දත්ත ගබඩා ධාරිතාවක්, Intel Xeon 2.2GHz ප්‍රොසෙසර තිස් දෙදහසක් සහ Xeon Phi 31S1P ප්‍රොසෙසර තිස් අටදහසක් යොදා තිබුණා.


2016 දී චීනය, චීනය විසින්ම අභිබවා ගියේ අදටත් ප්‍රථම ස්ථානයට පත්ව සිටින Sunway TaihuLight පරිගණකය නිර්මාණය කරමින්. පෙර පරිගණකය මෙන්ම එරට ජාතික සුපිරි පරිගණක මධ්‍යස්ථානය සතු මෙය තෙල් පරීක්ෂා කිරීමට, ජෛව විද්‍යාත්මක කටයුතු, කාර්මික සැලසුම් සහ කාලගුණ අනාවැකි කීමට භාවිත කරනවා. බලශක්ති කාර්යක්ෂමතාව අතින් 16වන ස්ථානයේ සිටින TaihuLight පරිගණකය සතුව Sunway ආයතනය විසින් සැකසූ ප්‍රොසෙසර් 40,960ක් තිබෙනවා. ඒවයේ CPU cores 10,649,600ක් තිබෙනවා. 2001 වසරේ දී ප්‍රොසෙසර තැනීමට පටන් ගත් රටක් වශයෙන් තමන්ගේම සුපිරි පරිගණකය සඳහා මව්බිමෙහිම නිපදවන ලද ප්‍රොසෙසර යොදාගැනීම විශේෂ අවස්ථාවක් ලෙස සැලකීමට පුළුවන්. ලෝක ජනගහනය, බිලියන 7.2ක් වූ ජනතාව එක්වර කැල්කියුලේටර් රැගෙන වසර 32ක් යනතෙක් ගණනය කිරීම් කරනවා නම්, ඒ සියල්ල විනාඩියකින් කරන්නට මේ පරිගණකයට පුළුවන්. නමුත් ඔවුන් එයට චෙස් අදින්නට නම් තවමත් උගන්වා නැහැ.

සුපිරි පරිගණක යොදා ගන්නා අවස්ථා

මහා පරිමාණ දත්ත විශ්ලේෂණයන් සහ තීරණ ගැනීම් සඳහා වැඩි ගණනය කිරීමේ හැකියාවක් අවශ්‍ය වෙනවා. ඒ සඳහා විවිධ විෂයයන් සහ අවස්ථා සඳහා සුපිරි පරිගණක යොදා ගැනෙනවා. ඇමරිකාවේ ඕක් රිජ් ජාතික පර්යේෂණායතනය විසින් ජෙට් එන්ජින්වලත්, බෝයිං ගුවන් යානා නිෂ්පාදකයින් ඒවායේ වායුගතික හැසිරීම් අධ්‍යයනයටත් පරිගණක සජීවීකරණ සැලසුම් සකසා අත්හදා බලන්නට සුපිරි පරිගණක භාවිත කරනවා. එසේම ලෝරන්ස් ලිව’මෝ පර්යේෂණායතනය භූගත තෙල් නිධි පිළිබඳ දත්ත විශ්ලේෂණයටත්, රෝග සඳහා චිකිත්සන ක්‍රම හඳුන්වාදීම සඳහාත් සුපිරි පරිගණක සහාය ලබාගන්නවා. කෝනල් සරසවිය විසින් හෙපටයිටීස්-සී වෛරසය සඳහා නව චිකිත්සක ක්‍රම හඳුන්වාදෙන්නට එම වෛරසයේ පැහැදිලි සැලසුමක් පරිගණකය මත තනා ගත්තා. එහි ප්‍රතිඵලයක් වශයෙන් රෝගීන් දහස් ගණනකගේ අක්මා ආබාධයන්ගෙන් අසාධ්‍ය වීම වැළකුණා.

වාර්ෂික කාලගුණ දත්ත අධ්‍යයනය කොට ඉදිරි දින සඳහා පෙරැයීම් කරන්නට, කුණාටු හෝ සුළි සුළං වැනි අයහපත් කාලගුණ තත්ත්ව ගැන කලින්ම දැනගෙන කටයුතු කරන්නට අවශ්‍ය පද්ධති ගොඩනැගීමේ දී සුපිරි පරිගණක භාවිත කොට ඇති අතර යුද්ධ හමුදාවල සැලසුම් ප්‍රතිනිර්මාණය (simulate) කිරීමට ද සුපිරි පරිගණක සහාය ලබාගන්නවා.

සුපිරි පරිගණකවලට පසුව එන ක්වන්ටම් පරිගණක

අදටත් දකින සුපිරි පරිගණකවල ගණනය කිරීම්වල වේග වැඩි කිරීම් සිදු කරන්නේ ඒවායේ ඇති ට්‍රාන්සිස්ටර මයික්‍රොප්‍රොසෙසර තුළ ක්‍රම ක්‍රමයෙන් කුඩා කරමින් වැඩි ප්‍රමාණයක් අඩංගු කරවීමෙනුයි. නමුත් ඒ වෙනුවට එහි ඊළඟ පියවර ලෙස අනුපරමාණුක අංශු පාලනය කරමින් ඊට වඩා වැඩි හැකියාවක් ලබාගැනීමට විද්‍යාඥයන් බලාපොරොත්තු වෙනවා. මෑතක දී ක්වන්ටම් විද්‍යාව හරහා කළ සොයා ගැනීම් වල දී එම අංශූන් අපූර්ව භෞතික විද්‍යාත්මක නීති අනුගමනය කරන බව පැහැදිලිව ඇති අතර එම ක්වන්ටම් අංශූන්ට අවස්ථා දෙකක් එකවර දැක්වීමේ හැකියාව තිබෙනවා.

එනම්, සාමාන්‍ය ට්‍රාන්සිස්ටරයකින් ගොඩනගා ගත් 1 සහ 0 යන ද්විමය තත්ත්වයන් දෙකම මේ අංශුවකට එකවර දැරිය හැකි වෙනවා. මෙය qubit (quantum bit) එකක් ලෙසයි හැඳින්වෙන්නේ. එය හරියට කාන්දමක් උත්තර ධ්‍රැවය සහ දක්ෂිණ ධ්‍රැවය දරනවා වගේයි. මේ නිසා අවස්ථා දෙකම එකවර ලබාගෙන ගණනය කිරීමකට ගතවන කාලය දෙගුණයකින් අඩු කරගෙන වේගය වැඩි කරගන්නට අනාගත පරිගණකවලට හැකියාව ලැබෙනු ඇති බව විශ්වාස කළ හැකියි. ඔබ හිතන්නේ අනාගත පරිගණක මොන වගේ වේවි ද?

what is Supercomputers how to use Supercomputers Super computers what is world first Super computer price in sri lanka laptop price in sri lanka 

Share කරලා කරලා සහයෝගය දෙන්න >>

watch TV in Phone using without mobile data

යාලුවනේ ඔයගොල්ලෝ සාමාන්යෙන් phone එකෙන් tv බලනවා ඇති . ඉතින් ඔයා එතකොට tv බලන්නේ mobile data හෝ wifi හරහා . එහෙමත් නැත්තන් dialog tv වගේ app එකකින්. අත් එකෙන් වෙන්නවත් ඔයාගේ mobile data හරහා තමයි. මෙහෙම නැතුව ඔයාගේ phone එකට ඇන්ටනාවක් හයි කරගන්න තිබ්බනම් මරු නේද.? එහෙනම් මෙන්න වීඩියෝව..

nisith heshan



how to watch tv in android mobile phone without using mobile data how to watch tv in android mobile phone without using wifi how to connect antena to mobile phone smart phone batapola antena antana price in sri lanka tv antana price in sri lanka tv signal receiver unbox review in sinhala sri lanka how to use padtv app what is padtv app dialog tv app

Share කරලා කරලා සහයෝගය දෙන්න >>

අපිටම තනියම හයි කරගන්න පුළුවන් CCTV කැමරා පද්ධතියක්

PLC NVR CCTV Camera kit review sinhala

මෙන්න යාලුවනේ අපිටම තනියම හයි කරගන්න පුළුවන් CCTV කැමරා පද්ධතියක්  මේකේ අපිට වෙනම වයරින් කරන්න ඕනි නැ. දැනට ගෙදර තියෙන වයරින් එක හරහා තමයි සිග්නල් යන්නේ. මේකට කියන්නේ power line communication කියලා. සම්පුර්ණ විස්තරය video එකේ. පහල තියෙන ලින්ක් එකෙන් එන්න.  යාලුවන්ටත් දැනගන්නට අනිවරෙන් share කරන්න ඇ.

nisith heshan





Power line communication nvr kit review sinhala sri lanka Power line communication cctv camera system review sinhala sri lanka cctv camera price Digital Video Recorders review sinhala Digital Video Recorders price in sri lanka how to connect cctv camera to nvr dvr Network Video Recorder review in sinhala how to use Network Video Recorder cctv Network Video Recorder price in sri lanka what is power line communication cctv camera system how to use power line communication for cctv camera system buy goo PLC cctv nvr system
Share කරලා කරලා සහයෝගය දෙන්න >>

how to add recycle bin to phone

Mobile එකට Recycle bin එකක්.Delete උන Photos,Videos,apps,game,sms,connects Recovery කරමු.



data recovery key board

මුලින්ම යාළුවො ඔක්කොටම සුභ දවසක් වේව කියනව.

හරි මම අද ගෙනාව ඔයාලට සුපිරි app එකක්.ගොඩක් අයට තියන ප්‍රශ්නයක් තමයි බැරිවෙලා delete උන data ආය ගන්නෙ කොහොමද කියල.
ඉතින් මීට පස්සෙ මේ app දාගත්තට පස්සෙ දුකවෙන්නදෙයක් නෑ.

මේක හරියට අපේ computer එකේ recycle bin එක වගෙ තමයි.මේ ඇප් එකේ options ටිකක් බලමු.

*deleted images, videos, audio, documents, SMS, contacts. Recovery කරගන්න පුළුවන්

Apps uninstall කරන්න පුළුවන්

internet connection අවශ්‍ය නැත

Root කර තිබීම අත්‍යවශ්‍ය නැත.

මෙන්න එහෙනම් මේ සුපිරි app එකේ link එක.

https://play.google.com/store/apps/details?id=mobi.bihu.trash&hl=en&referrer=utm_source%3Dgoogle%26utm_medium%3Dorganic%26utm_term%3Dgt+trash+app&pcampaignid=APPU_1_v3usWsTrBsXO0gTavo64Dg
Share කරලා කරලා සහයෝගය දෙන්න >>

ගෙදරට සුර්ය පැනලයක් හයි කරමු.

solar energy
ලයිට් කැපුවහම කරුවලේ ඉන්න එකද කරන්නේ ?

අපිට කරන්ට් කපනවා කියන එක අලුත් දෙයක් නෙවෙයිනේ, එනවා යනවා කියන එක සාමන්‍යය දෙයක් බවට වෙලා, නැතිනම් maintenance වලට දවසම විදුලිය කපන එකද දැන් පුරුදු දෙයක්.  මේකට විසදුමක් නැද්ද ? කෙනෙකුට හිතෙන්න පුලුවන් Solar දැම්මනම් හරි කියලා. නමුත් සෝලර් දාන්නේ නෙට් මීටරින් නම්, කරන්ට් එක කැපුවහම ඒකත් නැති වෙනවා. මේකට හේතුව, solar වලින් උත්පාදනය වෙන විදුලිය Storage වෙන්න තැනක් නැතිඑක.

ලාබෙට කරන්න පුලුවන් දෙයක් මමත් සොයලා බලනකොට (මීට වසරකට පමණ කලින්) පොඩි ගැටලු ටිකක් ආව.

කියක් වියදම් වෙයිද ?

මේකෙන් මුලු ගෙදරම දුවන්න ඕනේ ද ?

කොචර කාලයක් විදුලිය නැතුව ඉන්න පුලුවන්ද ?

පලමු එකට පිලිතුර නම් දෙක හා තුන දැනගෙන ඉන්න ඔනේ.
නෑ,
 ලයිට් 5-6ක්, ෆැන් 2ක් හා refrigerator එක හා ඉන්ටර්නෙට් රවුටර් තුනක්, CCTV, Home Security System

පැය 20ක් පමණ.

solar panel


දැන් බලමු පළමු එකට උත්තර, වැදගත්ම එක…

දැන් බාවිතා කරන උපකරණවල විදුලි පරිබෝජනය බලමු.

ලයිට් 6ට, එකක් වොට් 4 බැගින් 24wක්.ෆෑන් දෙකට වොට් 160wක්.ෆ්‍රිජ් එකට, ෆ්‍රිජ් එක ඉන්වර්ටර් නිසා උපර්මට 350wක් උවද, normally 200w පමණ.CCTV, Security System ටිකට 50wපමණ.රවුටර් ටිකට 20w පමණ.

මුලු එකතුව 600w පමණ.  දැන් කාලය පැය 20ක් නිසා (600w x 20h) 12000 wh නැතිනම් 12kwh, (kilowatt-hour) දැන් මේ අනුව මට 12kwh බැරටි පද්දතියක් උවණා වෙනවා. මේ සදහා මම යොදාගන්න හැදුවේ ලාබ කාර් බැටරි (no maintenance මාදිලිය) හැබැයි මතක තියාගන්න කාර් බැටරි නිපදවා තිය්නේ මෙලෙස දිගුකාලය විදුලිය ලබාගන්න නොවන අතම, discharge/charge එක දිගට නොවෙන තැන්වල බාවිතයට. එක දිගට charge/discharge වෙනකොට කාර් බැටරි ඉක්මනට නරක් වෙනවා.  මේ සදහා සුදුසු deep cycle battery වේ.

බැටරි එන්නේ ah (Ampere hours) නමුත් අපි ගණන් හැදුවේ wh (watt hours), ඒක හදන්න ලේසියි, දැන් උඩ ඔකොම ගණන් හදුවට යන වියදමත් ඒකත් පොඩි කතාවක් තියන නිසා. මම මුලින් හිතුවා 12v 65ah බැටරි 6යක් ගන්න. ඒ කියන්නේ (65 * 6 = 390ah) එතකොට 390ah x 12v කියනේ 4680wh නතිනම් 4.68kwh. බැටරි වලට වසර 5ක වගකීමක් එක්ක තමයි ආවේ.  (තවද ම්තක තියාගන්න 4.6kwh ම බාවිතා කරන්න බැරි බව.)
බැටරි ටික ගෙනාවා.  දැන් ඔනේ මේ බැටරිවල විදුලිට අපි ගෙදර බාවිතා කරන 230V AC 50Hz වල්ට හරවන්න, මෙතනදි Inverter එකක් බාවිතා කරන්න වෙනවා, Inverter වර්ග කීපයක් එනවා. ලොකු transformer එන, නැතිනම් SMSP, Pure Sine waves (දැන්ට අපිට ලැබෙන විදුලිය sine waves වේ) නැතිනම් ලාබම SMPS modified sine waves, මම ඉතින් ලාබ මග තෝරාගත්තා.
ගත්තේ PROLiNK IPS2400 2400VA මේක මගේ වැඩේට හොදට ඇති. මගේ උපරිම විදුලි බාවිත වොට් 600ක් පමණ වෙන නිසා 1200w ලැබෙන එකක් ඇති. (උපරිම බාවිත x 2) මොකද ෆැන්, ෆිර්ජ් මුලින් ආරම්බ වෙනකොට එක පාරට විදුලිය ගොඩක් ගන්නා නිසා.  modified sine waves ගොඩක් උපකරණ වලට හොද නෑ

Inverter එක තෝරාගැනීම.

බාවිතය උවම්ණ වොට් ප්‍රමාණය තිබීම.

බැටරි ආරෝපකයක් තිබිම. (බාවිතා කරන Ah වලට සහය දිය යුතුයි.)

ඉබේ විදුලිය නැණ සිටිවිට බැරටිය මාරු වීම.

Overload and short circuit protection තිබිම.
හරි, මීලඟ වැඩ ටිකට විදුලි කාර්මිකයෙකුගේ සහය ගන්න,

inverter එකට අදල පරිපත වෙන්කොට ඒ අදාල විදුලි බල්බ, පේනු වට වෙන වෙනම්ට විදුලිය ලබාදෙන්න වෙනවා. ඒ වගේම බැටරි නිවසින් පිට සවිකල යුතු අතරම හොද DC Breaker එකක් සවිකල යුතුයි. බැටරි short උවහොත් ගිනිනැනීම් වගේම පිපිරිමකට ලක් වෙන්න පුලුවන්. සවි කරනකොට ඉතාමත් පරිස්සම් විය යුතුයි.

දැනට මේක සවිකරලා වසරකට වැඩියි, මේ වෙනකන් කිසිම දෙයක් කරලා නෑ, බැටරි වෙලට terminal මරු කිරීම හැරෙන්න, ඒක කරේ වැස්සට මලකෑමට ලක්වෙලා නිසා.  උවමණානම් Solar + Battery + Inverter උවද බැවිතා කරන්න පුලුවන්!

කීප දෙනෙක් ගිය වියදම අහුවා, බැටරි එකක් රු.12,000 පමණ උණා, ඉන්වර්ටර් එක රු.22,000 අපමණ, අනිත් දේවල් වලට රු.5000 පමණ ගියා.
Share කරලා කරලා සහයෝගය දෙන්න >>

how to find my phone details

තමන්ගෙ phone එකේ විස්තර දැනගමු
phone flat vector

මුලින්ම යාලුවො ඔක්කොටම සුභ උදෑසනක් ,  ආයුබෝවන් කියල පිලිගන්නව.

අද මම කතාකරන්නෙ ඔයාගෙ phone එකේ විස්තර බොහොම පහසුවෙන් බලාගන්න ක්‍රමයක් ගැන.මේකට CPU-Z කියන application එක ඔයාගෙ phone එකට install කරගන්න ඕනි. ඊට පස්සෙ ඒ app එක පාවිච්චි කරල ඔයාගෙ phone එකේ විස්තර බලා ගන්න පුලුවන්.
ඒ ඇප් එක පාවිච්චි කරල බලාගන්න පුලුවන් විස්තර කිහිපයක් පහලින් දාල තියෙන්නෙ.


*ඔයාගෙ phone එකේ chipset එක
*CPU එක, ඒක වැඩකරන හැටි
*Battery එකේ තත්වය.
*Sensors පිලිබඳ විස්තර

මේ මම කිව්වෙ CPU-Z app එකෙන් බලාගන්න පුලුවන් විස්තර කිහිපයක්.

තව ගොඩක් විස්තර මේ app එක පාවිච්චි කරල ඔයාට බලාගන්න පුලුවන්.
මෙන්න app එකේ link එක:-

https://play.google.com/store/apps/details?id=com.cpuid.cpu_z&hl=en&referrer=utm_source%3Dgoogle%26utm_medium%3Dorganic%26utm_term%3Dcpu-z+ap&pcampaignid=APPU_1_03DAWpGwDsO_0ATWxLaQBw
Share කරලා කරලා සහයෝගය දෙන්න >>

SIKEMEI A1 Smart Watch Unbox Review sinhalen

nisith
මෙන්න යාලුවනේ apple watch එක වගේම අඩු මුදලට තියෙන smart watch එකක් . ඒ ගැන සම්පුර්ණ විස්තරය මෙන්න. මේකට sim එකක් දාල use කරන්නත් පුළුවන් ඒවගේම ඔයාගේ smart phone එක bluetooth හරහා connect කරලා ඒ විදියට use කරන්නත් පුළුවන්. එහෙනම් SIKEMEI A1 Smart Watch Unbox Review එකැ මෙන්න.


Share කරලා කරලා සහයෝගය දෙන්න >>

කොලයක් 42ක වරක් නවා හඳට යෑම

moon
කොලයක් නවා හඳට යෑම................
දන්නවද සාමාන්‍ය කඩදාසියක් 42ක් නැවුවම හඳට තරම් උස බව?
ඒවගේම 103වතාවක් නැවුවම දරිශීය විශ්වයේ කෙලවරටත් වඩාදිග බව?
මේ විශ්වාස කරන්න අමාරුයි නම් ඔප්පු කිරීම පහල දාලා තියෙනව.
සාමාන්‍ය කඩදාසියක මධ්‍යන්‍ය ඝනකම =0.1mm
සඳට දුර = 384,000km
දර්ශීය විශ්වයේ කෙලවරට දුර = ආලෝක වර්ශ බිලියන 45ක්.
(විශ්වයේ වයසට වඩා දුර දකින්න පුළුවන් හේතුවත් අන්තිමටම විස්තර කරල ඇති)
ගණනය කිරීම:
නැවූ වාර ගණන = උස ලෙස දක්වා ඇත
1 = 0.2mm
2 = 0.4mm
3 = 0.8mm
4 = 1.6mm
5 = 3.2mm
.
.
.
10 = 102.4mm
දැන් සෙන්ටිමීටර වලට එමු.
11 = 20.48cm
ගණනය කිරීම පහසු වෙන්න අර අග තියන 4.8mm නොසලකා හරිමු.
12 = 40cm
13 = 80cm
14 = 160cm
මීටර් පාවිච්චි කරන්න වෙලාව හරි.
15 = 3.2m
16 = 6.4m
17 = 12.8m
18 = 25.6m
19 = 51.2m
20 = 102.4m
.
.
.
30 = 104,857m
කිලෝමීටර් වලට යමු.
31 = 209km
32 = 418km
.
.
.
40 = 107​,374​km
41 = 214,​748km
42 = 429,​496km
හරිනෙ හරිනෙ. දැන් උස හඳට තියන දුරටත් වඩා කිලෝමීටර් 40,000 විතර වැඩිත් එක්ක. කෝමද ඒක?
මෙතනින් නැවතිලා හරියන්නෙ නෑ. තව බලමු. හැබැයි පෝස්ට් එක දිග වැඩිවෙන නිසා මෙච්චර වෙලා අමාරුවෙන් කරපු එකට ලේසි සූත්‍රයක් ගොඩනගමු.
කඩදාසියක ඝනකම 0.1mm කියලනෙ ගත්තෙ. සම්පූර්ණ ගණනය කිරීම පහල විදිහට දක්වන්නත් පුළුවන්.
(...(((0.1x2)x2)x2)x2)x2)x...x2)
පැහැදිලිවම පේනව මේයන්නෙ දෙකේ බලයන් කියල. ඉතින් දර්ශක වලට ගෙනාවම එන්නෙ,
(0.1)(2^n) කියල.
n කියන්නෙ නවන්න ඕන වාරගාන.
මේක මිලිමීටර් නිසා SI ඒකක වලට ගේමු. ඒකට මේක 10^(-3)න් ගුණවෙනව. ඒ එන්නෙ මීටර් වලින්.
කිලෝමීටර් කරන්න නම් ආපහු 10^(-3)න් ගුණකරන්න ඕන. අනික 0.1 = 10^(-1)නෙ. එතකොට කිලෝමීටර් වලින් උත්තරේ එන සූත්‍රය වෙන්නේ,
(2^n)10^(-7)
මේකෙ එන අගය ආසන්න පූර්ණ සංඛ්‍යාවට ගත්තම ඇති.
දර්ශීය විශ්වයේ කෙලවරට දුර ආලෝක වර්ශ බිලියන 45ක්. දැන් බලමු මේ දුර ගන්න කොච්චර වතාවක් නවන්න ඕනද කියල.
මේක හොයාගන්න පණදාගෙන සුලුකරන්න ඕන නෑ. මේ දුර කිලෝමීටර් කරල අර සූත්‍රයට සමාන කලාම ඇතිනෙ.
එහෙම කලාම එන උත්තරේ තමා 103
ඒක හරි කියමුකො. හැබැයි හැමෝම දන්නව විශ්වයේ වයස වසර බිලියන 13.6ක් කියල. අපිට යමක් දකින්න නම් ඒකෙන් එන ආලෝකය අපේ ඇස්වලට හෝ නිරීක්ෂණ උපකරණයට ලඟාවෙන්න ඕන. නමුත් ආලෝකය ගමන්කරන්නේ පරිමිත වේගෙකින්. සාමාන්‍යයෙන් තප්පරේට කිලෝමීටර් ලක්ෂ 3ක් විතර. ඉතින් ඒනිසා අපිට දකින්න පුළුවන් උපරිම දුර විශ්වයේ වයසට සමාන වෙන්න ඕන. නමුත් ඇයි මම දර්ශීය විශ්වය ආලෝක වර්ශ බිලියන 45ක් කියලා ගත්තෙ?
හේතුව තමා විශ්වය ප්‍රසාරණය වීම.
ඈතින්ම තියන වස්තුවකින් ආලෝකය නිකුත් වෙනකොට තිබ්බට වඩා දුරකට ගිහින් ඒ ආලෝකය අපිට ලඟාවෙනකොට. ඉතින් ප්‍රසාරණය වෙන රේට් එක දන්නවනම් ඒ වස්තුව කොච්චර ඈතින් තියනවද කියල හොයන්න පුළුවන්. ඒකයි හේතුව........
හැබැයි ඉතින් ඔය කඩදාසි නවන වැඩේ කිසිම ප්‍රායෝගික වැඩක් නෙවේ. මොකද ප්‍රායෝගිකව ගත්තම උපරිමව නවන්න පුළුවන් වාරගාන කඩදාසියේ වර්ගඵලය මත රඳා පවතිනව. මට මතක විදිහට A4 එකක් වැඩිම නවපු වාරගාන 12ද කොහෙද.................. හැබැයි මට නම් නවාගන්න පුළුවන් උනේ 7පාරක් විතරයි. එතනින් එහාට නවන්න ඉන්ක්‍රෙඩිබල් හල්ක් ඕන
Share කරලා කරලා සහයෝගය දෙන්න >>

What is Blackhole

Blackhole

මේ කතා කරන්න හදන්නේ කලුකුහර ගැන කතා කරන්නම විතරක් නෙවේ, කලුකුහරයක් නිසා මැරෙන්නේ කොහොමද කියලත් කතාකරන්න!
මුලින් බලමු මොකක්ද කලු කුහරයක් කියන්නේ හා ඒක මොකක් වගේද, ඒවා හැදෙන්නේ කොහොමද කියලා.
මං කලින් ලිපියක කිව්වා සූර්‍ය ස්කන්ධ 30ක විතර තරුවක් මැරෙනකොට ඒකේ හරය මත ක්‍රියාකරන ගුරුත්ව බලය නිසා හරය අතිශය කුඩා ප්‍රමාණයක් දක්වා හැකිලිලා අවසානයේ කාල-අවකාශ සීමාව ඉක්මවා හැකිලිලා යනවා කියලා.
ඒවගේම සමහර තරු උපදිනකොටත් වායු වලාවෙන් ලැබෙන ස්කන්ධය අධික වෙලා ඒමතම කඩා වැටිලත් කලුකුහර බිහිවෙනවා කියලා.
මේ ක්‍රම දෙකෙන් හැදෙන කලුකුහරවල ප්‍රමාණය වෙනස්. තරු පුපුරලා හැදෙන්නේ කුඩා ඒවා. මොකද ඒවට ලගාවෙන්න පුලුවන් උපරිම ස්කන්ධය සීමිතයි. නමුත් ධූලි වලාව තමා මතම කඩා වැටිලා හැදෙන ඒවා සූර්‍ය ස්කන්ධය බිලියන ගානක් වෙන්න පුලුවන්.
කලුකුහරයක ගුරුත්ව බලය අතිශය ප්‍රභලයි. පෘථිවිය මතුපිට ගුරුත්ව බලයට අපි කියලා 1g කියලා. (ග්‍රෑම් නෙවේ මේ).
මේ ගුරුත්වය කොච්චර ප්‍රභලද කියනවනම් සෘජුව හෝ යම් මට්ටමකින් කලුකුහරයට ආසන්නව එන ෆෝටෝන පවා මේකට ඇදලා ගන්නවා. ඒනිසා කියනවා ආලෝකය පවා උරාගන්නවා කියලා.
කුඩා කලුකුහරයක පවා ඊට යම්තරමක් ආසන්නව තියෙනවා මිලියන ගනනක g ගානක්.
කලුකුහරය හා අවට අවකාශය වෙන් කරන සීමාවට කියන්නේ Even Horizon කියලා. (ක්‍රියා-ක්ශිතිජය වෙන්න ඕන සිංහලෙන්). අපි දන්නේ මේ සීමාවෙන් මෙපිට තියන දේවල් හා වෙන දේවල් ගැන විතරයි. ඇතුලේ මොන මගුලක් වෙනවද අපි දන්නෑ. ඒනිසා මං ඒගැන කතාකරන්න යන්නේ නෑ.
කලුකුහර කියන්නේ තරු ගිලිමින් විශ්වය වටා යන දෙවල් නෙවේ. ඒවා නිතරම අදාල චක්‍රාවාටය වටා නිශ්චිත කක්ශයේ යනවා. අනික කලුකුහරයක ඉදන් කුඩා දුරක් දක්වා විතරයි ගුරුත්ව බලපෑම දරුණු වෙන්නේ.
අපි අවකාශ රබර් මෙට්ටයක් වගේ කියලා හිතුවොත් කලුකුහරයක් කියන්නේ මෙට්ටේ උඩ තියපු කිලෝ 2000ක ජිල් බෝලෙකින් මෙට්ටෙට කරන දේ කරන දෙයක්. මෙට්ටෙත් ඉරාගෙන යටට බහිනවා. හැබැයි රෙද්ද නිසා සිදුර දිගටම තියෙනවා. ඒවගේ
තමංගේ උපත අනුව ලැබෙන භ්‍රමණ ශක්තිය නිසා කලුකුහර ඉතා වේගෙන් තමා වටා කැරකෙනවා. මේ කැරකිල්ල නිසා තමා අවට අවකාශයත් තමං එක්කම ඇඹරෙන්න ගන්නවා.
කලුකුහර වල චිත්‍ර වටේ දැකලා ඇතිනේ ලොකු වායු වලාවක් සුලියක් වගේ කැරකිලා කලුකුහරයට ඇදෙනවා. මේක හැම කලුකුහරයටම නෑ. එයාට ඇදගන්න යමක් තියෙනවා නම් විතරයි මේක ඇතිවෙන්නේ.
අපිට කලුකුහර දකින්න බෑ. නමුත් කලුකුහර විසින් ඉතාකලාතුරකින් ප්‍රභ්ල ගැමාකිරණ ස්පන්දන විහිදුවනවා. ඉතා ප්‍රභ්ලව මේක වෙන්නේ එක්කෝ කලුකුහර උපදිනකොට නැත්තං කලුකුහර දෙකක් එකට එකතුවෙනකොට.
අපි සින්ක් එකකට වතුර පුරවලා පහල මූඩිය ගැලෙව්වම වතුර ටික සුලියක් හදාගෙන බහිනවනේ. ඒක වෙන්නේ වතුර බහින්න පුලුවන් සිදුර පොඩි නිසා එකවරකට බහින්න පුලුවන් සුලු ජල පරිමාවකට විතරයි. ඉතින් අනිත් ඒවත් ඇදිලා ආවට යන්න බෑ හිරවෙලා කැරකෙනවා.
මේ වගේම කලුකුහරයට ඇදෙන පදාර්ථත් එකපාරටම සේරම ඇදගන්න බෑ. හිරවෙනවා. මේ නිසා අධික ඝර්ෂණය හටගන්නවා. මේ නිසා මේ වායු තැටිය කෙල්වින් ලක්ශගානකට රත් වෙනවා. මේ කෙල්වින් ගානෙදි පිටවෙන්නේ පහල ගැමාකිරණ. මේවා කලුකුහරයට ටිකක් ඈතින් ඉදම් එන නිසා ගැමාකිරණ දුරේක්ෂ වලින් දකින්න පුලුවන්. ඒ ක්‍රමෙන් තමා මුල්ම කලුකුහර සිග්නස් X-1 හොයාගත්තේ.
මේ විදිහට අමාරුවෙන් කලුකුහරයේ EV (Event Horizon) එක ලගට ඇදුනත් සමහර පදාර්ථ වලට ඇතුලට රිංගන්න බැරිවෙනවා. ඒනිසා ඒවා කලුකුහරයේ භ්‍රමණ අක්ශය ඔස්සේ දෙපසට විදිනවා මේ අයණීකරණය වෙච්ච පදාර්ථ විදුම්වලට කලුකුහර ප්‍රවාහ කියල කියනවා. හැබැයි සමහර වෙලාවට නියුට්‍රෝන තරුවලත් මේ සංසිද්ධිය වෙනවා.
හැබැයි මෙ තැටියෙන් ගැමා කිරණ විතරක් නෙවේ සාමාන්‍ය දෘශ්‍ය ආලෝකයත් පිටවෙනවා කෘෂ්ණ වස්තු විකිරණයට අනුව. නමුත් ඒ සුලු ප්‍රමාණයක් විතරයි. ඒත් ආසන්නව බලනකොට කලුකුහරය වටා තැටිය අධික දීප්තිමත්ව දකින්න පුලුවන් වේවි.
සමහර අවස්තාවල කලුකුහර එකිනෙකා වටා පරිභ්‍රමණ වෙනවා දකින්න පුලුවන්. මේකෙන් වෙන්නේ අවකාශ කාල තලයේ රැලි ඇති වෙනවා. හිතන්නකෝ වතුරට ටෙනිස් බෝල දෙකක් දාලා එකිනෙකා වටේ කැරකෙව්වම වතුරේ රැලි වදින හැටි. මේකම තමා මේ කලුකුහර එකිනෙකා වටා යනකොටත් වෙන්නේ. මේවට කියන්නේ ගුරුත්ව තරංග කියලා.
කලුකුහර අසල ඉතා ප්‍රභල අවකාශ වක්‍රතාවක් තියන නිසා කාලය ගමන් කරන්නේ සාපේක්ෂව සෙමින්. අධික වේගෙන් කැරකෙන කලුකුහර වලින් වෙන අවකාශ ඇඹරීම නිසා මේ කාලයේ වේගය තවත් අඩු වෙන්න පුලුවන්.
දැන් බලමු කලුකුහරයකින් මැරෙන්නේ කොහොමද කියලා.
හිතන්න ඔයා විශේශ Space Suit එකක් ඇදන් කලුකුහරයක ගුරුත්ව සීමාවෙ ඉදන් ඒක දිහාට පනිනවා. මේ ඇදුමට අර අධික විකිරණ හා උශ්ණත්වය දරාගන්න පුලුවන් කියලා හිතමු.
කට්ටිය උදම් බලය ගැන දන්නවද?
ඒකේ මූලික අදහස ගුරුත්ව ක්ශේත්‍රයක තියන එකම වස්තුවක් කෙලවරවල් දෙකක තියන ගුරුත්ව බලයේ වෙන්ස් වීම.
කලුකුහරයක් දෙසට තියන ගුරුත්වය වෙනස් වීමේ සීඝ්‍රතාවය ඉතා අධිකයි. ඒකිව්වේ කලුකුහරය දෙසට යනකොට ගුරුත්ව ඉහලයාම වෙන වේගය ඉතාඉහලයි.
මේ නිසා එක්තරා මොහොකදී ඔයාගේ කකුල් දෙක මත යෙදෙන ගුරුත්ව බලයට වඩා අඩු බලයක් යෙදෙන්නේ හිස මත. මේක විශාල වෙනසක්. ඒනිසා ක්ශනිකව ඉනට උඩහින් කෑලි දෙකකට කැඩිලා යනවා!
හැබැයි මේ කෑලි දෙකේ ආපහු උදම් බලපෑම ක්‍රියා කරනවා. ඒවා ආපහු දෙකට කැඩෙනවා. මේ විදිහට කැඩිලා කැඩිලා ගිහින් අන්තිමට උශ්ණත්වය නිසා අයණීකරණය උන පරමාණු ධාරාවක් විතරයි කලුකුහරයට ඇදෙන්නේ.
හැබැයි ඒ කුඩා කලුකුහර වල. අතිශය විශාල ඒවයි මේ ගුරුත්ව වෙනස ඉතා කුඩා නිසා ප්‍රශ්නයක් නැතුව හරස් අතට පනින්න පුලුවන්. EV එකෙන් එහා පැත්තට ගියාම මොනාවෙනවද කියලා ඉතින් මං දන්නෑ.
හැබැයි මේ කලුකුහරය අධි වේගෙන් භ්‍රමණය වෙන එකක් නම් EV එක ගෝලාකාර වෙන්නේ නෑ. ඒක උලුඳු වඩේ ශේප් එක ගන්නවා. ඒකට හේතුව අධික භ්‍රමණ චලිතය නිසා EV එක පිටතට ඇදීම. මේ නිසා ඔයා වැටෙන්නේ කලුකුහරයට නෙවේ මේ මැද සිදුරට. මේ සිදුර Wormhole එකක් ලෙස ක්‍රියාකරන්න පුලුවන් නිසා ඔයා වෙනත් අවකාශයක වෙනත් කාලයකින් මතුවේවි. ඒවා ඉතින් හයිපොතෙටිකල් තමා හැබැයි!
ඒ හැර කලුකුහර ගැන විශේෂයෙන් කියන්න අමුතු යමක් නෑ. පෘථිවියට එන කොස්මික් කිරණ වලින් යම් ප්‍රමාණයක් මේ කලුකුහර නිසා උපදින ඒවා.
සෑම මණදාකිනියකම මධ්‍යයේ තියෙනවා සූර්‍ය ස්කන්ධ බිලියන ගානක කලුකුහරයක්. මණදාකිනියක උපතේදීම ධූලි වලා තමා මතම වැටිලා බිහිවෙන වර්ගේ ඒවා ඒ. මුලු මණදාකිනියේම කේන්ද්‍රය ලෙස සැලකෙන්නේ එතන.
ඒහැර ඉතින් ඔය සමහර SiFi වලින් කියන ඒවා නම් කලුකුහර වලට බෑ ඉතින්!
Share කරලා කරලා සහයෝගය දෙන්න >>

smart home bulb with bluetooth speaker


smart home bulb with speaker



මෙන්න සුපිරිම balb එකක් මේක bluetooth speaker එකක් විදියට බවිත කරන්නත් පුළුවන් ඒ වගේම මේක balb එකක් . මේක නිකන් bulb එකක් නෙමේ. පාට පාටින් පත්තු කරන්න පුළුවන් ඒ වගේම මේක ඔයාගේ ස්මාර්ට් phone එකෙන් පාලනය කරන්න පුළුවන් off කරන්න on කරන්න පට මාරු කරන්න වගේ දේවල්. සින්දු මාරු කරන්නත් පුළුවන් . 
https://www.gearbest.com/smart-home/pp_210836.html…
https://www.gearbest.com/smart-home/pp_210836.html…
https://www.gearbest.com/smart-home/pp_210836.html…
මේ තියෙන්නේ ලින්ක් එක මේ site එකේ තමා අඩුවටම ගන්න පුළුවන්. මේදවස් වල discount එකකුත් තියෙනවා.
මේ ගැජට් එක ගැන review video එකක් ලගදීම කරනවා . ඒ නිසා අපේ youtube චැනල් එක subscribe කරලා අපිත් එක්ක එකතුවෙලා ඉන්න.ජය වේවා.


smart home bulb with speaker
smart home bulb with speaker
Share කරලා කරලා සහයෝගය දෙන්න >>

Popular Posts

random post

Contact Form

Name

Email *

Message *