Showing posts with label PC Tricks. Show all posts
Showing posts with label PC Tricks. Show all posts

Sinhala Writer | සි‍ංහල නිවැරදිව ටයිප් කරන්න

Sinhala Writer

සි‍ංහල නිවැරදිව ටයිප් කරන්න උදව්කරන මෘදුකා‍ංගය.

කාර්යාලයේ හෝ ඔබගේ නිවසේ පරිගණකයේ වර්ඩ්, ෆොටෝශොප් වැනි මෘදුකා‍ංග වල වැඩ කරනවිට සිංහල ෆොන්ට් බාවිතා කර අකුරු ටයිප් කිරීමේදී

සමහර ඉස්පිලි පාපිලි වදින්නේ අඩුපාඩු සහිත්වයි, අන්න ඒ වැරැද්ද නිවැරදි කරන්න පුලුවන් වටිනා මෘදුකා‍ංගයක් තමයි මේ sinhala writer මෘදුකාංගය. මෙය ඉන්ස්ටෝල් නොකර ඩබල් ක්ලික් කරලා open කරන්න තියෙන්නේ. ඉස්පිලි පාපිපා ගානට සෙට් වෙනවා වර්ඩ් ෆොටෝෂොප් හැම ඒකකම කිසි ප්‍රශ්නයක් නැතුව වැඩ කරනවා ඉංග්‍රිසි වලට මාරුවෙන්න නම් මේක close කරලා දාන්න.

Download Sinhala Writer

type sinhala word correctly without mistake 
Share කරලා කරලා සහයෝගය දෙන්න >>

UR browser | වේගයෙන් ආරක්ෂිතව internet යමු.

ur browser
ආරක්ෂාකාරීව සහ අධිවේගීව අන්තර්ජාලයේ සැරිසරන්න.

පරිගණකයෙන් ලැප් එකෙන් පෞද්ගලික තොරතුරු ආරක්ෂා කරගනිමින් වේගවත්ව අන්තර්ජාලය භාවිතා

කිරීමට හොදම වෙබ් බ්‍රව්සරයක් ලෙස UR වේබ් බ්‍රව්සරය පෙන්වා දිය හැක. මෙය පරිශීකලයාට මිත්‍රශීලී, සිත්ගන්නා සුළු අන්දමින් ‍හොද අතුරු මුහුණතක් ලබා දෙමින් නිර්මාණය තිබේ. සැක සහිත වෙබ් අඩවි වලට පිවිසීමේදී අනතුරු ඇගවීම්ද පෙන්නුම් කරයි. ඩවුන්ලෝඩ් කිරීමේදී දැනට පවතින අනෙකුත් වෙබ් බ්‍රව්සර්වලට සාපේක්ෂව 4 ගුණයක වේගයකින් ඩවුන්ලෝඩ් වන බව දක්වා ඇත. European Union නීති මගින් දත්ත ආරක්ෂා කර දීම සිදුකෙරේ.අනෙත් වෙබ් බ්‍රවුසර් වලට සාපේක්ෂව ඉතා හොද මට්ටමක පවතින මෘදුකාංගයක් බව ප්‍රකාශ කළ හැක.
download UR browser

Websites load faster without the ads, trackers and cookies that can weigh pages down
Protect your privacy with a powerful suite of tools that give you control over who sees your data online Secure Browse safer with alerts for dangerous websites, automatic HTTPS redirect and a built-in virus scanner

Share කරලා කරලා සහයෝගය දෙන්න >>

Supercomputers | සුපිරි පරිගණක


hello computer

Supercomputers යනු මොනවාද සහ එහි වර්තමාන තත්ත්වය

අපි සාමාන්‍යයෙන් භාවිත කරන පරිගණක විශේෂ සහ විශාල ගණනය කිරීම් කරන්නට ප්‍රමාණවත් බලයක් සපයන්නේ නැහැ. විශාල දත්ත විශ්ලේෂණය කිරීම හා ඒ හරහා පුරෝකථන කිරීම් ආදියට වේගය ඉතා ඉහළ පරිගණක අවශ්‍ය වෙනවා. ඒ අනුව එවන් විශේෂ අවස්ථා සඳහා සුපිරි පරිගණක ස්ථාපනය කරන්නට රටවල් කටයුතු කරනවා. ඒවා හරහා තනි කාර්යයක් පමණක් නොව ඇතැම්විට රටේ විවිධ පැතිකඩවල, විෂයයන්හි අවශ්‍යතාවයන් සපුරාගන්නට ද භාවිතා වෙනවා. අභ්‍යවකාශය අතැඹුල සේ ඇති නාසා ආයතනයටත් සුපිරි පරිගණකයක සහාය නැතිව ඒ හැකියාවන් කිසිදිනක ලබන්නට බැහැ.

සුපිරි පරිගණක යනු

රුසියාවේ Lomonosov සුපිරි පරිගණකය

ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂයට අනුව මේ වචනයේ අර්ථ දැක්වීම ඉතා සරලයි. “විශේෂයෙන් සකසන ලද, අධි බලැති, ප්‍රබල පරිගණකයක්” ලෙසයි එහි අරුත් දක්වා තිබෙන්නේ. අතීතයේ මුල්කාලීන පරිගණක විශාලත්වයෙන් වැඩි නිසා කාමරයක්ම භාවිත කරන්නට සිදු වූ බව ඔබ අසා ඇති. රික්තක නලවල විශාලත්වය නිසා බොහෝ සෙයින් ඒවා වැඩි ඉඩක් භාවිත කළ නමුත් ඒවායේ සහ අද තිබෙන සුපිරි පරිගණකවලත් ප්‍රමාණයෙන් නම් වෙනසක් නැහැ. නමුත් වේගය අතින් බැලුවොත් පරණ ඒවා ලංකාව වැසෙන තෙක් සවිකළත් අද තිබෙන එකක දශම අගයක වේගයක් එයින් ලබන්නට බැහැ. අපේ නිවෙස්වල සහ කාර්යාලවල තිබෙන අලුත් පරිගණක පවා කරත්ත සෙයින් කටයුතු කරද්දී මේ සුපිරි පරිගණකවල ඇති වේගය මෙතෙකැයි කියන්නට උදාහරණ ගෙන ආ යුතු වන්නේ නැහැ.

ලොව වේගවත්ම පරිගණකය චීනයේ

TaihuLight පරිගණකය

ලොව බලවත්ම රට ලෙස ඇමරිකාව ලෙස සැලකුණත් චීනය, ඇමරිකාව සහ ජපානය අතර සුපිරි පරිගණක තරගයේ ජය ලබන්නට මේ වෙන විට චීනය සමත්ව තිබෙනවා. පරිගණකවල වේගය තීරණය කරන ෆ්ලොප්ස් (FLOpS – තත්පරයක දී සිදුකරන ගණනය කිරීම්) අගය මතයි මෙම වේගවත් බවේ කිරුළ පළඳනු ලබන්නේ. ඒ අනුව 2013 වර්ෂය වන විට පෙටාෆ්ලොප්ස් (ෆ්ලොප්ස්වල 105 අගය) 17.17ක් ලෙස ඇමරිකාවේ IBM Sequoia පරිගණකයත්, පෙටාෆ්ලොප්ස් 17.59ක් සමඟ ඇමරිකාවේම Cray Titan සුපිරි පරිගණකයත් නම් දරා සිටියා. ඉන්පසු කිරුළ චීනය වෙතට යොමු වුණේ ඔවුන්ගේ 33.86 petaflops අගයක් ඇති Tianhe-2 පරිගණකයේ ආගමනයත් සමඟ යි. පරිගණක සැලසුම්, විශ්ලේෂණ, රජයේ ආරක්ෂක කටයුතු ආදියට මේ පරිගණකය යොදා ගැණුනා. යුවාන් බිලියන 2.4ක් හෙවත් ඇමරිකානු ඩොලර් මිලියන 390ක් වැය කොට තැනූ මේ පරිගණකයට ටෙරාබයිට් 1375ක RAM ධාරිතාවක්, පෙටාබයිට් 12.4ක දත්ත ගබඩා ධාරිතාවක්, Intel Xeon 2.2GHz ප්‍රොසෙසර තිස් දෙදහසක් සහ Xeon Phi 31S1P ප්‍රොසෙසර තිස් අටදහසක් යොදා තිබුණා.


2016 දී චීනය, චීනය විසින්ම අභිබවා ගියේ අදටත් ප්‍රථම ස්ථානයට පත්ව සිටින Sunway TaihuLight පරිගණකය නිර්මාණය කරමින්. පෙර පරිගණකය මෙන්ම එරට ජාතික සුපිරි පරිගණක මධ්‍යස්ථානය සතු මෙය තෙල් පරීක්ෂා කිරීමට, ජෛව විද්‍යාත්මක කටයුතු, කාර්මික සැලසුම් සහ කාලගුණ අනාවැකි කීමට භාවිත කරනවා. බලශක්ති කාර්යක්ෂමතාව අතින් 16වන ස්ථානයේ සිටින TaihuLight පරිගණකය සතුව Sunway ආයතනය විසින් සැකසූ ප්‍රොසෙසර් 40,960ක් තිබෙනවා. ඒවයේ CPU cores 10,649,600ක් තිබෙනවා. 2001 වසරේ දී ප්‍රොසෙසර තැනීමට පටන් ගත් රටක් වශයෙන් තමන්ගේම සුපිරි පරිගණකය සඳහා මව්බිමෙහිම නිපදවන ලද ප්‍රොසෙසර යොදාගැනීම විශේෂ අවස්ථාවක් ලෙස සැලකීමට පුළුවන්. ලෝක ජනගහනය, බිලියන 7.2ක් වූ ජනතාව එක්වර කැල්කියුලේටර් රැගෙන වසර 32ක් යනතෙක් ගණනය කිරීම් කරනවා නම්, ඒ සියල්ල විනාඩියකින් කරන්නට මේ පරිගණකයට පුළුවන්. නමුත් ඔවුන් එයට චෙස් අදින්නට නම් තවමත් උගන්වා නැහැ.

සුපිරි පරිගණක යොදා ගන්නා අවස්ථා

මහා පරිමාණ දත්ත විශ්ලේෂණයන් සහ තීරණ ගැනීම් සඳහා වැඩි ගණනය කිරීමේ හැකියාවක් අවශ්‍ය වෙනවා. ඒ සඳහා විවිධ විෂයයන් සහ අවස්ථා සඳහා සුපිරි පරිගණක යොදා ගැනෙනවා. ඇමරිකාවේ ඕක් රිජ් ජාතික පර්යේෂණායතනය විසින් ජෙට් එන්ජින්වලත්, බෝයිං ගුවන් යානා නිෂ්පාදකයින් ඒවායේ වායුගතික හැසිරීම් අධ්‍යයනයටත් පරිගණක සජීවීකරණ සැලසුම් සකසා අත්හදා බලන්නට සුපිරි පරිගණක භාවිත කරනවා. එසේම ලෝරන්ස් ලිව’මෝ පර්යේෂණායතනය භූගත තෙල් නිධි පිළිබඳ දත්ත විශ්ලේෂණයටත්, රෝග සඳහා චිකිත්සන ක්‍රම හඳුන්වාදීම සඳහාත් සුපිරි පරිගණක සහාය ලබාගන්නවා. කෝනල් සරසවිය විසින් හෙපටයිටීස්-සී වෛරසය සඳහා නව චිකිත්සක ක්‍රම හඳුන්වාදෙන්නට එම වෛරසයේ පැහැදිලි සැලසුමක් පරිගණකය මත තනා ගත්තා. එහි ප්‍රතිඵලයක් වශයෙන් රෝගීන් දහස් ගණනකගේ අක්මා ආබාධයන්ගෙන් අසාධ්‍ය වීම වැළකුණා.

වාර්ෂික කාලගුණ දත්ත අධ්‍යයනය කොට ඉදිරි දින සඳහා පෙරැයීම් කරන්නට, කුණාටු හෝ සුළි සුළං වැනි අයහපත් කාලගුණ තත්ත්ව ගැන කලින්ම දැනගෙන කටයුතු කරන්නට අවශ්‍ය පද්ධති ගොඩනැගීමේ දී සුපිරි පරිගණක භාවිත කොට ඇති අතර යුද්ධ හමුදාවල සැලසුම් ප්‍රතිනිර්මාණය (simulate) කිරීමට ද සුපිරි පරිගණක සහාය ලබාගන්නවා.

සුපිරි පරිගණකවලට පසුව එන ක්වන්ටම් පරිගණක

අදටත් දකින සුපිරි පරිගණකවල ගණනය කිරීම්වල වේග වැඩි කිරීම් සිදු කරන්නේ ඒවායේ ඇති ට්‍රාන්සිස්ටර මයික්‍රොප්‍රොසෙසර තුළ ක්‍රම ක්‍රමයෙන් කුඩා කරමින් වැඩි ප්‍රමාණයක් අඩංගු කරවීමෙනුයි. නමුත් ඒ වෙනුවට එහි ඊළඟ පියවර ලෙස අනුපරමාණුක අංශු පාලනය කරමින් ඊට වඩා වැඩි හැකියාවක් ලබාගැනීමට විද්‍යාඥයන් බලාපොරොත්තු වෙනවා. මෑතක දී ක්වන්ටම් විද්‍යාව හරහා කළ සොයා ගැනීම් වල දී එම අංශූන් අපූර්ව භෞතික විද්‍යාත්මක නීති අනුගමනය කරන බව පැහැදිලිව ඇති අතර එම ක්වන්ටම් අංශූන්ට අවස්ථා දෙකක් එකවර දැක්වීමේ හැකියාව තිබෙනවා.

එනම්, සාමාන්‍ය ට්‍රාන්සිස්ටරයකින් ගොඩනගා ගත් 1 සහ 0 යන ද්විමය තත්ත්වයන් දෙකම මේ අංශුවකට එකවර දැරිය හැකි වෙනවා. මෙය qubit (quantum bit) එකක් ලෙසයි හැඳින්වෙන්නේ. එය හරියට කාන්දමක් උත්තර ධ්‍රැවය සහ දක්ෂිණ ධ්‍රැවය දරනවා වගේයි. මේ නිසා අවස්ථා දෙකම එකවර ලබාගෙන ගණනය කිරීමකට ගතවන කාලය දෙගුණයකින් අඩු කරගෙන වේගය වැඩි කරගන්නට අනාගත පරිගණකවලට හැකියාව ලැබෙනු ඇති බව විශ්වාස කළ හැකියි. ඔබ හිතන්නේ අනාගත පරිගණක මොන වගේ වේවි ද?

what is Supercomputers how to use Supercomputers Super computers what is world first Super computer price in sri lanka laptop price in sri lanka 

Share කරලා කරලා සහයෝගය දෙන්න >>

How to make free web site sinhala sri lanka

web design sinhala sinhalen

ඔන්න යාලුවනේ අපි අද කරන්න යන්නේ නොමිලේ ඔයාගේ නමින් වෙබ් අඩවියක් හදන්න. පුද්ගල වෙබ් අඩවියක් තම හදන්න යන්නේ. කරන හැටි මන් වීඩියෝ වලින් දාල තියෙනවා. coding දැනුමක් හෝ වෙබ් design දැනුමක් අවශ්‍ය වන්නේ නැ. සියල්ල සරල සිංහලෙන් විස්තර කරලා තියෙනවා.

මෙන්න පලවෙනි කොටස


මෙන්න දෙවෙනි කොටස


මෙන්න තුන්වෙනි කොටස

ඔයාගේ යාළුවොත් මේ ගැන දැනගන්න ආසාවෙන් ඇති ඒ නිසා එයාලටත් දැනගන්න share කරන්න.



how to make free web site sinhala sinhalen sri lanka how to create free web site sinhala sinhalen sri lanka web design price web designers price in sri lanka how to create blogger blog site use blogger for make web site free hosting sri lanka free hosting

how to create free web site sinhalen design free website sinhala website price in sri lanka web designers sri lanka web designers price how to create web site using blogger sinhala sinhalen by okkomameke nisith heshan nisith bro

Share කරලා කරලා සහයෝගය දෙන්න >>

how to buy good laptop or computer sinhalen

nisith heshan




Share කරලා කරලා සහයෝගය දෙන්න >>

Messenger for Computer

ඔන්න යාලුවනේ මන් අද කියල දෙන්නේ  Messenger කොහොමද  computer එකට දා ගන්නේ
කියලා.මේකට ක්‍රම 2ක් තියෙනවා. ඔයාලට මතක ඇති  viber, whatsapp  ක්‍රම 2 ක . ඒ ක්‍රම දෙකටම අපිට  Messenger භාවිත කරන්න පුළුවන්.
viber compuer එකට දැන විදිය බලන්න ඕනි නම් මේක ඔබන්න.
whatsapp computer එකට දාන විදිය බලන්න ඕනි නම් මේක ඔබන්න.


හරි එහෙනම් මුලින්ම Messenger softwere එක install කරන ක්‍රමය බලමු. හැබැයි මුලින්ම කියන්නේ ඕනි,phone එකේ වගේ බෝලයක් නම් එන්නේ නැ. ඒ කියන්නේ chat head එක නැ. එත් අවුලක් නැ msg එකක් අපු ගමන් සද්දයක් එනවා, ඒ වගේම taskbar එකේ රතු පාටින් වැටෙනවා.එහෙනම් පහල තියෙන download Messenger for computer  කියන එක ඔබන්න.

download Messenger for computer 

එකට ගිහින් download කරලා install කරලා ඔයාගේ FB username, password දීලා log වෙන්න. ඊටපස්සේ ආතල් එකේ චැට් කරන්න. 

හරි ඊට පස්සේ දෙවැනි ක්‍රමය බලමු. ඒ කියන්නේ messenger online use කරන විදිය. මේකටත් ගොඩක් විස්තර කියන්න දෙයක් නැ. පහල තියෙන  use messenger online  කියන එක ඔබන්න.

use messenger online

එකට ගිහින් username හා password දීලා log වෙන්න. මේ ක්‍රම දෙකම හොදයි. නමුත් දැනට වඩාත්ම හොද Messenger online ම බාවිතා කිරීම. එකට හේතුව තමා Messenger softwere එක මගින් අපි FB call එකක් හෝ video call එකක් ගන්නා විට නැවතත් web browser එකම open වීමයි. call ගන් නැත්තම් අවුලක් නැ. එහෙනම් ජය වේවා.

Share කරලා කරලා සහයෝගය දෙන්න >>

whatsapp for computer

ගියපාර post එකෙන් මන් කියල දුන්නේ viber කොහොමද computer එකට දා ගන්නේ කියල,එකේ බැලුවේ නැත්තම් එක බලන්න මේක ඔබන්න. අද මන් කියල දෙන්න යන්නේ computer එකෙන් කොහොමද whatsapp බාවිතා කරන්නේ කියල . හැබෙයි මේකටනම් එකට වගේ softwere එකක් නැ. අපිට ඕනි වෙලාවට whatsapp web එකට ගිහින් chat කරන්න පුළුවන්. එකට යන්න පහල ලින්ක් එකෙන් එන්න.

whatsapp for computer

එකට ගිය ගමන් ලොකුවට QR code වගේ එකක් පෙනෙයි. දැන් ඔයාගේ whatsapp තියෙන phone එක අතට ගන්න. අරගෙන whatsapp open කරන්න. ගිය ගමන් උඩම දකුණු පැත්තේ පොඩි තිත් 3 ක් පේනවා නේද, අපි එකට කියන්නේ මෙනු එක කියල, අන්න එක ඔබන්න. එබුවට පස්සේ එන එකේ ඇති whatsapp web කියල. එක ඔබපු ගමන් QR code එක scan කරන්න පුළුවන් විදියට camara එක on වෙයි. දැන් කැමරාව computer එකේ තියෙන QR code එකට අල්ලන්න. එක පාරටම වැඩේ හරි ගිය නේද. දැන් ඉතින් chat කර කර ඉන්න එකයි තියෙන්නේ. ටික වෙලාවකින් desktop notification on කරන්නද කියල අහයි. ඕනි නම් එකත් on කරගන්න. එතකොට massage එකක් අපු ගමන් වැටෙනවා මොන වැඩේ කර කර හිටියත්. එහෙනම් ජය වේවා.
Share කරලා කරලා සහයෝගය දෙන්න >>

Viber For Computer

ඔයාලා ගාව smartphone එකක් තියෙනවනම් viber app එකත් 
අනිවාර්යෙන්ම ඇති. අද මන කියන්න හදන්නේ computer එකෙන් viber බවිත කරන්නේ කොහොමද කියලා. හැමතිස්සෙම computer එකේම වැඩ කරන ජොබ් එකක් කරන කෙනෙක්ට වගේ මේක ගොඩක් වැදගත්.
මිට කලින් මන් කියල දුන්න සල්ලි දීල ගන්න viber stiker නොමිලේ ගන්න විදිය බැලුවේ නැද්ද.එහෙනම් එක බලන්න මේක ඔබන්න. හරි එහෙනම් අපිට මුලින්ම කරන්න තියෙන්නේ viber softwere එක download කර ගන්න එක.පහල තියෙන ලින්ක් එක ඔබලා එක download කර ගන්න. ආ කියන්න දෙයක් තියෙනවා මේක computer එකට දාගන්න නම් අනිවරෙන් ඔයාගේ phone එකේ viber app එක තියෙන්න ඕනි.

මේක download කරට පස්සේ එක intall කර ගන්න. දැන් ඔයාගේ phone එකේ data on කරන්න.
computer එකට install කරලා එක open කරගන්න. ඊටපස්සේ ඔයාගේ 4n එකේ viber දාල තියෙන number එක ඉල්ලයි. එතනට නිවැරදිව ඔයාගේ 4n number එක දල ok කරන්න. දැන් ඔයාගේ 4n එකට අංක 4 ක no එකක් ඇවිල්ලා ඇති. එක එන්නේ viber app එකට. එකයි මුලින් data on කරන්න කිව්වේ.

හරි ඉටපස්සේ ඒ අපු no එක ඔයාගේ computer එකේ දාන්න තැනක් ඇති. එතනට දාන්න.
දැන් වැඩේ ඉවරයි. දැන් තියෙන්නේ ආතල් එකේ chat කර කර ඉන්න තමා. 
එහෙනම් ජය වේවා. නැවතත් මේ වගේම ලිපියකින් හමුවෙමු.




Share කරලා කරලා සහයෝගය දෙන්න >>

invite all fb friends for page

ඔන්න යාලුවනේ අද මන කියල දෙන්න යන්නේ ඔයාලගේ fb page එකට ඔයාගේ friends ල ඔක්කොම
එකපාර invite කරන හැටි. මේ වැඩේ කරන්න නම computer එක use කරන්න වෙනවා. ඒ වගේම chrome browser එකත් තියෙන්න ඕනි.

මුලින්ම මේක ඔබලා chrome web store එකේ තියෙන app එක browser එකට ද ගන්න.

ඊටපස්සේ ඔයාට පෙනෙයි උඩම දකුණු පැත්තේ හරියක් තියෙනවා.එහෙනම් වැඩේ හරි. ඊටපස්සේ ඔයාගේ fb එකට ලොග් වෙලා page එකටත් යන්න. invite friends ඔබන්න. දැන් invite box එකක් අව නේද. දැන් උඩ තියෙන හරිය ඔබන්න. දැන් වැඩේ හරි. දැන් ඔයාට පෙනෙයි යාලුවෝ ඔක්කොටම invite වෙන විදිය. ටික වෙලාවක් යනවා එකට. 5000 ක් හිටියොත් 5000 ටම invite වෙනවා. සමහර වෙලාවට fb ඒකෙන් එකදිගට කරන්න දෙන්නේ. එහෙම උනොත් ඉතුරු ටික අනිත් දවසේ කරන්න.
එහෙනම් ඔයාලට ජය වේවා.
Share කරලා කරලා සහයෝගය දෙන්න >>

find sinhala meaning

මෙන්න යාලුවනේ මන් අද අරගෙන අවේ ඉන්ටනෙට් යනකොට ඕනිම වෙන දෙයක්. ඉන්ටනෙට් යනකොට
අපි දන් නැති english වචන තිබ්බොත් ඒවගේ සිංහල තේරුම පහසුවෙන්ම හොයා ගන්න පුළුවන්. කරන්න තියෙන්නේ ඊතලය ඒ වචනය උඩට අරන් යන්න විතරයි. එතකොටම සිංහල තේරුම පෙන්නුම් කරනවා.

හැබෙයි මේ වැඩේට chrome browser එක තියෙන්න ඕනි..chrome app එකක් තියෙනවා එක ද ගත්තම වැඩේ හරි. එහෙනම් පහල ලින්ක් ඒකෙන ගිහින් එක ද ගන්න
 https://chrome.google.com/webstore/detail/sinhala-meaning/hmplmhgmkhfmeklphcoolkigpedemhdh

එක ද ගත්තම උඩ දකුණු පැත්තේ icon එකක් ඇවිල්ල ඇති. දැන් වෙබ් site එකකට ගිහින් english වචනයක් උඩට ඊතලය අරන් යන්නකෝ. දැක්කද සිනහලෙන් තේරුම පේනවා. කොහොමද වැඩේ පට්ට නේද.



Share කරලා කරලා සහයෝගය දෙන්න >>

how to create viras

අද මන් කස්ටියට කියන්නෙ පොඩි ගේමක් දෙන හැටි... හැබැයි ටිකක් විතර භායානකයි... ඔව්වා ගානක් නෑනෙ... ඔන්න එහෙනම් වැඩේට අතගහමු ..
එහෙනම් අපේ සයිබර් අවකාශයේ  කස්ටිය ඔන්න ඔය Code 1ක Copy කරලා  Notepad 1ක Paste කරගන්නකො... (හැබැයි පරිස්සමින්) ඉටපස්සෙ Save As ගිහින් .exe විදියට Save කරගන්න(ඔයාට කැමති නමක් දෙන්න ) හැබැයි මතක ඇතුව (.exe) දාන්න.
Share කරලා කරලා සහයෝගය දෙන්න >>

Popular Posts

random post

Contact Form

Name

Email *

Message *

Categories