How to send app to other phone

apk share app iconඔන්න අද මන් කියල දෙන්න යන්නේ අපේ android phone එකේ එකේ install කරලා තියෙන app එකක් කොහොමද වෙන phone එකකට යවන්නේ කියලා. අපි ලග apk file එක තියෙනවනම් එක යැව්වම අනිත් 4n එකේ ඒ app එක install කරන්න පුළුවන්. එත් අපි playstore එකෙන් ගන්න app වල apk එක අපි ලග නැනේ. දැන් තව කෙනෙක් කියයි superbeem app එකෙනුත් app යවන්න පුළුවන්නේ කියල ඔව් එකෙනුත් යවන්න පුළුවන්. නමුත් එකෙන් යවන්න පුළුවන් phone එක අපි ගත්තට පස්සේ දාපු apps විතරයි. (කාටහරි superbeem download කරන්න ඕනි නම් මේක ඔබන්න.)  මන් මේ කියන app එකෙන් system app පවා යවන්න පුළුවන් . ඒ කියන්නේ call, message,keybord,drivers වගේ දේවල්. ඒ විතරක් නෙමේ මේ app එක යවන්න අපිට ඕනි ක්‍රමයක් බවිත කරන්න පුළුවන්. bluetooth,superbeem,viber,whatsapp, මේ වගේ ඕනි ක්‍රමයකට. එහෙනම් පහල තියෙන How to send app to other phone කියන ලින්ක් එක ඔබලා download කරගන්න


How to send app to other phone


app එකට ගිය ගමන් මේ වගේ එකක් එයි . එක close කරන්න. නිල් පට button එක ඔබන්න.
apk share app screenshot
ඊට පස්සේ ඔයාගේ දැනට ඉන්ස්ටෝල් කරලා තියෙන app ටික පෙන්නයි.
apk share app screenshot
system app ටික ඕනි  නම් උඩ තියෙන show system app කියලා තියෙන එකට වම පැත්තේ පොඩි කොටුවක් තියෙන්නේ එක ඔබන්න. 
apk share app screenshot
ඊටපස්සේ ඔයාට යවන්න ඕනි app එකක් උඩ ඔබල යට තියෙන send කියන එක ඔබන්න. 
apk share app screenshot
ඊටපස්සේ මේ විදියට ඔයාලගේ සුපුරුදු share window එක එයි. ඔයාට ඕනි විදියට දැන් app එක යවන්න පුළුවන්. කොහොමද වැඩේ පට්ට නේද. එහෙනම් පහලින් like එකක් දල අපේ page එකට set වෙන්න. එහෙනම් ජය වේවා

 
Share කරලා කරලා සහයෝගය දෙන්න >>

A/L general test past papers 2014

ඔන්න අද මන් අරගෙන අවේ මේ පාර A/L ලියන අයට වැදගත් වෙන දෙයක්. 2014 පොදු පරීක්ෂණ ප්‍රශ්න පත්තරේ තමයි මේ. උත්තර ටිකත් තියෙනවා. මුලින්ම තියෙන්නේ උත්තර ටික
A/L general test past papers 2014 answers
මේ තියෙන්න ප්‍රශ්න පත්තෙර්..ඔය යටින් ඉරි ගහලා තියෙන්නේ හරි ඒවාට නෙමේ ඇ. උඩ තියෙන පොටෝ එකේ තමයි හරි උත්තර ටික තියෙන්නේ.
A/L general test past papers 2014

A/L general test past papers 2014

A/L general test past papers 2014

A/L general test past papers 2014

A/L general test past papers 2014

A/L general test past papers 2014

A/L general test past papers 2014

A/L general test past papers 2014


Share කරලා කරලා සහයෝගය දෙන්න >>

new prisma app for android

ඔන්න යාලුවනේ android වලට prisma app එක නි‍ල වශයෙන් නිකුත් වෙලා තියෙනවා. මන් කලින් දුන්න
beta එක මුලින් වැඩ කර නමුත් පස්සේ වැඩ කරේ නැ. මොකද prisma ආයතනය තාවකාලිකව android සදහා නැවැත්තුව මේ app එක. මොකද හිතා ගත නොහැකි පිරිසක් මේ app එක download කරලා බාවිතා කරන්න පටන් ගත්තා.

අලුත් prisma app එක play store එකෙන් ගන්න ඕනි අය මේක ඔබන්න.

prisma apk එක download කරන්න ඕනි අය මේක ඔබන්න.

එහෙනම් නැවතත් මේ වගේම app එකකින් සෙට් වෙමු. ඔයාගේ අනිත් android යාලුවන්ටත් දැනගන්න share කරන්න. ජය වේවා.

Share කරලා කරලා සහයෝගය දෙන්න >>

find lose phone by using google device manager

google device manager iconඔන්න යාලුවනේ අද මන් කියල දෙන්න යන්නේ නැති උන 4n එකක් හොයාගන්න තවත් ක්‍රමයක්. මේක මන්
කලින් කියල දුන්න වගේ සාර්ථක ක්‍රමයක් නෙමේ. කලින් ක්‍රමය බැලුවේ නැත්තන් මේක ඔබලා බලන්න. අද කියල දෙන්න යන්නේ google device manager මගින් කොහොමද කරන්නේ කියලා. මේක කරන්න නම් ඔයාගේ 4n එක sign කරලා තිබ්බ google account එකේ password ඕනි වෙනවා. ඒ වගේම නැති උන 4n එකේ data on වෙන්නත් ඕනේ.
මුලින්ම කරන්න තියෙන්නේ ඔය ගාව තියෙන වෙන 4n එකකින් හරි computer එකකින් හරි device manager site එකට යන්න ඕනේ.

google device manager එකට යන්න මේක ඔබන්න.


ඊට පස්සේ gmail එකී password එකී ගහලා log වෙන්න. 4n එක sign වෙලා තිබ්බ gmail එක තමා දාන්න ඕනි හරිද. ඊට පස්සේ මෙහෙම එකක් එයි.
google device manager screenshot
map එකක් එක්ක සුදු පාට කොටුවක් එයි මේ වගේ..
google device manager screenshot
මේකේ මන් රතු පාට කරලා තියෙන එක එබුවාම 4n එක දං කොහෙද තියෙන්නේ කියල පෙන්නනවා. නමුත් එකට අනිවරෙන් 4n එකේ data on වෙලා තියෙන්න ඕනේ. ඔයාලට පේනවා ඇති ring, lock, erase කියල option 3 ක් . ring කියන එක එබුවාම 4n එක උපරිම සද්දෙන් ring වෙනවා. lock කියන එක තමා අපිට ගොඩක් වැදගත් වෙන්නේ, මොකද මේකෙන් lock කරොත් ඒ 4n එකේ data on කරපු ගමන් lock වෙනවා. 
google device manager screenshot
ඊට පස්සේ මේ වගේ එකක් එයි.New Password ,Confirm password මේ දෙකට ඔයාට කැමති password එකක් දෙන්න. Recovery message එකට මොකක් හරි දුන්නොත් නැති උන 4n එකේ screen එකේ මේ message එක පෙන්නනවා.ඔයාගේ 4n එක හොයාගන්න කෙනාට මොකක් හරි පණිවිඩයක් දෙන්න ඕනි නම් එක මෙතන දාන්න. 
ඊට පස්සේ Phone number කියන එකට දැනට ඔයා ගාව තියෙන 4n එකක number එකක් දෙන්න. මේකටත් අනිවරෙන් no එකක් දෙන්න. එහෙම කරොත් 4n එකේ screen එකේ call owner කියලා button එකක් එනවා. එතකොට ඔයාගේ 4n එක හොයාගන්න කෙනාට පහසුවෙන් ඔයාට call එකක් ගන්න පුළුවන්
google device manager screenshot
එහෙනම් ජය වේවා. අයෙත් මේ වගේම වැඩ කෑල්ලකින් සෙට් වෙමු. යාලුවන්ටත් දැනගන්න ස්හරේ කරන්න. 

Share කරලා කරලා සහයෝගය දෙන්න >>

sim tracker for samsung android phone

ඔන්න මන් අද කියල දෙන්න යන්නේ android phone එකක් නැතිඋනොත් හොයා ගන්න විදිය. අද නම් කියල
දෙන්න වෙන්නේ samsung ගැන.ඊලග post එකෙන් අනිත් phone ගැන බලමු. ක්‍රම ගොඩක් තියෙනවා මුලින්ම sim tracker මගින් කොහොමද කරන්නේ කියල බලමු . phone එක නැතිඋනම මේ ක්‍රමේට හොයාගන්න නම් නැතිවෙන්න කලින් setting වලින් හදල තියෙන්න ඕනි. මේ ක්‍රමය ගොඩක් හොද ක්‍රමයක් මොකද කවුරු හරි අපේ 4n එක හොයා ගත්ත ගමන් කරන්නේ phone එක off කරලා sim එක මාරු කරන එක. අපි sim tracker දාල තිබ්බොත් ඒ දාපු sim එකෙන් අපිට sms එකක් එනවා. ඊට පස්සේ අපිට පුළුවන් එයාට call එකක් දීලා හරි නැත්තන් පොලිසියට දීලා හරි අපේ 4n එක හොයාගන්න. එහෙනම් අපි බලමු කොහොමද setting හදන්නේ කියලා.

මුලින්ම setting යන්න. ඊට පස්සේ පහල තියෙන රූපේ වගේ security කියන එක ඔබන්න.
samsung settings
ඊට පස්සේ පහල රූපේ තියෙන විදියට find my mobile යටතේ තියෙන sim change alert කියන එක ඔබන්න.
samsung security settings
ඊට පස්සේ පහල තියෙන වගේ එකක් එයි. එහෙම එකක් එන්නේ දැනට samsung account එකක් ඔයාට තියෙනවනම්. තියෙනවනම් password එක ගහලා confirm ඔබන්න.
samsung security settings
එහෙම එකක් ආපු නැති අයට samsung account එකක් හදන්න වෙනවා. එයාලට sign up, join now,create new accout වගේ එකක් එයි පහල රූපේ වගේ. 
samsung account sign in screenshot
ඊට පස්සේ create new account කියන එක ඔබන්න . ඊට පස්සේ ඔයාගේ email එකයි ඔයාගේ විස්තර ටිකි දීලා හොද password එකකුත් දීලා හදන්න. එක කරන විදිය මන් කියන්න යන්නේ නැ. මොකද එක අමාරු දෙයක් නෙමේ. 
ඊට පස්සේ එයි පහල රූපේ වගේ එකක්
sim change alert screenshot
alert messege කියන එකට ඔයාට එන්න ඕනි messege එක type කරන්න. ඊට පස්සේ යටින් දාන්න ඕනේ අපිට sms එක එන්න ඕනි number එක. මේක තමා ඉතාම වැදගත් කොටස. එකට ඔයාගේ තව phone එකක් තියෙනවනම් එකේ no එක හරි ගෙදර කාගේ හරි no එකක් හරි දාන්න. උපරිම no 5 ක් දාන්න පුළුවන්. ඊට පස්සේ save කරන්න. දැන් වැඩේ හරි. අන්තිමට ඔය අනිවරෙන් බලන්න උඩ රූපේ තියෙන විදියට දකුණු පැත්තේ උඩම තියෙන කොළ පාට swicth එක on වෙලාද තියෙන්නේ කියලා. මන් හිතනවා මේ post එක ඔයාලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. එහෙනම් ඔයාලගේ යාලුවන්ටත් පෙන්න share කරන්න. ඔයාලට මොනවා හරි ප්‍රශ්න තියෙනවනම් පහල තියෙන comment box එකේ දාන්න . එහෙනම් ජය වේවා.

Share කරලා කරලා සහයෝගය දෙන්න >>

download prisma for android

download prisma for android
මේ app එක දැන් වැඩ කරන් නැ.අලුත් app එක ගන්න මේක ඔබන්න.

මෙන්න යාලුවනේ අද මන් ගෙනාවේ මේ දවස වල ගොඩක් ප්‍රසිද්ද prisma app එක . එක මෙච්චර කල්
තිබ්බේ apple වලට විතරයි. දැන් android වලටත් මේකේ beta version එක ඇවිල්ල තියෙනවා. එහෙනම් වැඩි කතා ඕනි නැ. පහල ලින්ක් එකෙන් ගිහින් download කර ගන්න. apple උන්ට ඇඩේන්නම share කරන්න ඇ.

download prisma for android


Share කරලා කරලා සහයෝගය දෙන්න >>

How To SMS in messenger App

messenger with smsඔන්න යාලුවනේ අද මන් කියල දෙන්නේ messenger app  එකෙන් කොහොමද sms  යවන්නේ කියලා.
මේකෙන් අපිට ලැබෙන වාසිය තමා එකම app එකකින් fb msg හා sms කිරීමේ හැකියාව. එම නිසා අපිට app දෙක අතර මාරු වෙන්න අවශ්‍ය නැ. sms එකක් ආපු ගමන් chat head එක එහෙමත් නැත්තන් අර බෝලයක් වගේ එක එන නිසා වෙන වැඩක් කරන ගමන් උනත් පහසුවෙන් sms කිරීමේ හැකියාව තිබෙනවා. මේකේ වාසි වගේම අවාසි කිහිපයකුත් තියෙනවා. පලවෙනි අවාසිය තමා අපි සාමාන්යෙන් sms යවනකොට අන්තිමට යවන්න ඕනි කොයි sim එකෙන්ද කියලා select කරන්න ඕනිනේ. නමුත් අපිට මේකෙන් එහෙම තෝරන්න බැ. notification bar එකේ  අපි select කරලා තියෙන sim එකෙන් තමයි sms එක යන්නේ. අනිත් අවුල තමයි delevery report එකත් එන්නේ නැ. මන් try කර එක හදාගන්න පුලුවන්ද කියලා . නමුත් මටත් හොයා ගන්න බැරි උනා එක. එක හොයාගත්ත යාලුවෙක් ඉන්නවනම් පහලින් comment කරන්න අනිත් අයටත් දැනගන්න.

හරි දැන් අපි බලමු කොහොමද මේ වැඩේ කරන්නේ කියලා. අලුත්ම mesenger update එකේ තමයි මේ අවස්ථාව අපිට දීලා තියෙන්නේ. මුලින්ම ඔයාගේ appstore එකට ගිහින් messenger app එක update කර ගන්න. නැත්තම් මේක ඔබන්න

install කරට පස්සේ පහල රූපේ තියෙන විදියට sms කියන එක ඔබන්න. sms කියල එකක් නැත්තන් phone එක restart කරලා බලන්න.
messenger with sms

sms කියන එක එබුවම මේ වගේ එකක් එනවා.
messenger with sms

ඊට පස්සේ නිල් පාටින් තියෙන turn on කියන එක එබුවාම පහල වගේ එකක් එයි.
messenger with sms

ඊට පස්සේ ok  කියන එක ඔබන්න. 
messenger with sms
ඊට පස්සේ එන එකේ මොකක්වත් ඔබන්න එපා. දැන් වැඩේ හරි. දැන් ඔයාට sms යවන්න බලන්න mesenger app එකෙන් පුළුවන්. 
කොහොමද වැඩේ පට්ට නේද. එහෙනම් යටින් like එකකුත් දාල යාලුවන්ටත් බලන්න share පාරකුත් දාගෙන යන්න. අයෙත් මේ වගේ වැඩ කෑල්ලකින් හම්බෙමු




Share කරලා කරලා සහයෝගය දෙන්න >>

Popular Posts

random post

Contact Form

Name

Email *

Message *