ජංගම දුරකථන භාවිතා කරනකොට අකුණු වදිනවාද ?

lighting rain vector



මේ අප පසුකරනුයේ අකුණු උවදුරු බහුල අන්තර් මෝසම් සමයකි. මෙම කාලය තුළ නවීන සමාජය තුළ පවත්නා පොදු භීතිකාවක් නම් ජංගම දුරකතන භාවිතය නිසා අකුණු අනතුරු සිදුවිය හැකි ද යන්නය.

මෙම ‍සැකය ලොව පුරා පැතිරයාමට ප්‍රධානම හේතුවක් තිබේ. එනම් ජංගම දුරකතන භාවිතා කරමින් සිටි පුද්ගලයන් අකුණු සැර වැදීමෙන් මිය යන අවස්ථා වරින්වර වාර්තා වීමය. එහෙත් මේ සම්බන්ධයෙන් විද්‍යාත්මක නිරීක්ෂණ මඟින් අනාවරණය වී ඇති අන්දමට ජංගම දුරකතන සඳහා භාවිතා වන සංඛ්‍යාතය (Frequency) මාධ්‍ය කරගනිමින් අකුණුසැර ඇදී ඒම කිසිවිටකත් සිදුවිය නොහැක.

නමුත් ඉහත සඳහන් පරිදි ජංගම දුරකතනයක් භාවිතා කරමින් සිටියදී අකුණුසැර වැදී මියගියවුන් පිළිබඳ පුවත් පැතිරයාමත් සමඟ ජංගම දුරකතන ක්‍රියාත්මක වනවිට ඒ ඔස්සේ අකුණුසැර ඇදී එන බව අදටත් අප රටේ වැඩිපිරිසක් විශ්වාස කරති.

දැන් අපි මෙම ප්‍රශ්නය පිළිබඳව විද්‍යාත්මකව විමසා බලමු,

ලෝහමය වස්තූන් වෙතට අකුණුසැර වැදී‍මේ යම් සම්භාවිතාවක් තිබේ. ඒ අනුව බලන විට මුලුමනින්ම ලෝහමය නොවූවත් ජංගම දුරකතන වලද ලෝහමය කොටස් තිබේ. ඒ අනුව බලන විට එසේ ලෝහමය කොටස් ඇත්තේ ජංගම දුරකතන වල පමණක් නොවේ. කාන්තාවන් පාවිච්චි කරන කොණ්ඩා කටුවල සිට ස්වර්ණාභරණ ,ආයාකටු, වල සිට ස්ත්‍රීපුරුෂ භේදයකින් තොරව භාවිතා කරනඅත්‍ ඔරලෝසු, බද පටි, පාවහන් ආදියේ සේම මුදල් පසුම්බි, සහ ඒවා තුළ බහාලන කාසි වල පවා ලෝහමය පදාර්ත තිබේ. විශේෂයෙන් වැස්සේ දී ඉහළාගෙන යනු ලබන කුඩ වල රෙද්ද හැරුණු කොට සෙසු කොටස් සෑදී ඇත්තේ ලෝහ වර්ග වලිනි. ඒ අනුව බලන විට ලෝහමය වස්තුවක් ලෙස ජංගම දුරකතනය එක් කළ යුත්තේ එම ලැයිස්තුවේ අවසන් භාගයටය.

සාමාන්‍යයෙන් අකුණු අනතුරකට ලක්වූවෙකුගේ ශරීරයේ රැඳ තිබූ සහ ඔහු භාවිතා කළ ලෝහමය උපකරණ පිලිස්සීමකට ලක්වී තිබෙනු බොහෝ විට දැකිය හැක. ඒ එම අකුණේ බලපෑමට එම වස්තූන් නතුවී ඇති බැවිනි. නමුත් එවන් අකුණු අනතුරකට ලක්වූවන් භාවිතා කළ ජංගම දුරකතන බොහෝ විට නිරුපද්‍රිතව ඈතකට විසි වී තිබුණහොත් ඉන් අපට හැඟී යන්නේ එම අකුණ ජංගම දුරකතනය වෙත ඇදී ආවක් නොවන බවය.

විශේෂයෙන් පසුගිය යුද සමයේ ජංගම දුරකතන භාවිතා කරමින් සිටි ආරක්ෂක හමුදා සාමිජිකයෙකු හෝ දෙදෙනෙකු අකුණු අනතුරු වලට ලක්වී තිබූ අවස්ථා අපට මතකය. එහෙත් එහිදී බොහෝ දෙනෙකු ඔහු ඒ මොහොතේ ජංගම දුරකතනය භාවිතා කරමින් සිටි බව විනා ඔහු සිටි ස්ථානීය පසුබිම, ඔහු‍ගේ අතේ තිබූ යුද අවිය ආදිය පිළිබඳව කිසිදු තැකීමක් සිදු නොකිරීම කණගාටුදායකය. විශේෂයෙන් එළිමහන් ස්ථානයන්හි සේම, විවෘත අට්ටාල ආදීයේ සිටීම අකුණු අනතුරු පහසුවෙන් ළඟා කිරීමට හේතුවක් වේ. එමෙන්ම කැති,පිහි, මන්නා, දෑකැති ආදිය අත රැඳීමද ඒත අකුණක් ඇදීමට හේතු‍වේ. එහෙත් එකී විමර්ශන වලදී අකුණක් ඇදී එන එවන් සාධක කෙරෙහි කිසිවෙකුගේ අවධානයට යොමුව නැත.

එමෙන්ම විද්‍යාත්මක පදනමක් මත මෙවැන්නක් විමසීමේ දී අප පැහැදිළිව වටහාගත යුතු දෙයක් තිබේ. ජංගම දුකරතනයක් භාවිතා කරමින් සිටිය දී වුව අකුණක් පතිතවීම ස්වභාවික තත්ත්වයක් වනුයේ ජංගම දුරකතන යනු අකුණු සන්නාහක බලයක් සහිත මෙවලමක් නොවන නිසාය.

එමෙන්ම මෙහිදී විශේෂයෙන් කිව යුත්තක් ද ඇත. එනම් මෙම තත්ත්වය ජංගම දුකරතන වලට පමණක් අදාල වන අතර රැහැන් ගත දුරකතන වලට අකුණු සැර ඇදී ඒමේ පහසු හැකියාවක් පවතින බවය.

කාලගුණ විද්‍යාඥ කේ.ආර්.අබේසිංහ
Share කරලා කරලා සහයෝගය දෙන්න >>

furibee action camera unboxing review sinhala sri lanka by nisith heshan

nisith bro


 buy this action camera :  https://bit.ly/2MbXfZC

Cheaper Action Camera Review Sinhala sri lanka camera price in sri lanka furibee action camera review sinhala sinhalen  1080p action camera 720p action camera gearbest acton camera review sinhala sri lanka what is action camera how to use action camera how to choose good action camera how to record HD videos how to mount action camera to helmat to bike furibee action camera unbox unboxing review sinhala sri lanka by nisith heshan by nisith bro by okkomameke lanka tech video lanka geek show sinhala 


Share කරලා කරලා සහයෝගය දෙන්න >>

Gearbest sinhala review

මෙන්න යාලුවනේ අඩුවට භාණ්ඩ මිලදී ගන්න පුළුවන් නියම තැනක්. මේ දවස් වල discount ගොඩක් තියෙනවා. 🛒🛒
gearbest nisith heshan


https://youtu.be/wjRMW_W78-g
https://youtu.be/wjRMW_W78-g
https://youtu.be/wjRMW_W78-g
තනියම discount ගන්න එපා ඉතින් යාලුවන්ටත් දැනගන්න අනිවාරෙන් share කරන්න ඇ.🎁🎁
Share කරලා කරලා සහයෝගය දෙන්න >>

Giveaway from gearbest | මෙන්න තෑගි දිනාගන්න අවස්ථාවක්.

gearbest giveaway

මෙන්න යාලුවනේ ඔයාලය gearbest වෙතින් තෑගි දිනා ගන්න අවස්ථාවක්.ඔයාලට කරන්න තියෙන්නේ මෙච්චරයි.
1. පහල ලින්ක් එකෙන් ගිහින් 0.99$ ට වැඩි මිලදිගැනීමක් කරන්න තියෙන්නේ. ඒ කියන්නේ රු 150 ක් වගේ තම වෙන්නේ. 
මෙන්න ලින්ක් එක. මේකේ තියෙන්නෙත් sale දාපු items, 50% දක්වා discount තියෙනවා. ඒ නිසා තෑගි නොලැබුනත් ඔයාට පාඩුවක් වෙන්නේ නැ.
2. ඊටපස්සේ මේ පොස්ට් එක share කරන්න ඕනි (GearBest Lanka page එකේ තියෙන එක ඇ.)
3. ඊටපස්සේ ඒ පොස්ට් එකට comment කරන්න ඕනි ඔයාගේ order කරපු එකේ order number එක.

Giveaway එක ජූනි මාසය අවසානයේ නිම වේ.
ජයග්‍රාහකයන්ගේ තෝරා ගැනීම http://random.org මඟින් සිදුකෙරෙන අතර ප්‍රථිඵල සෑම සඳුදාවකම ප්‍රකාශයට පත් කරනු ඇත.

මේ වගේ දේවල් ඉතින් okkomameke අපෙන්ම විතරයි. ඒ නිසා අපිව like කරලා අපිත් එක්ක එකතු වෙලා ඉන්න යාලුවනේ

Share කරලා කරලා සහයෝගය දෙන්න >>

Smart music LED bulb | සින්දු අහන්නයි alarm තියන්නයි පුළුවන් bulb එක.


gearbest Smart music LED bulb

click here to buy Smart music LED bulb

gearbest coupon code = GBOKL1
ඔන්න යාලුවනේ අපි අද කියන්න යන්නේ සුපිරි වැඩ කලි ගොඩක් තියෙන bulb එකක් ගැන. මේක ඇත්තටම පාට පාටින් පත්තු කරන්න පුළුවන් LED තාක්ෂණය බාවිතා කරන bulb එකක් . එක smart bulb එකක් ඒ කියන්නේ ඔයාට මේක ඔයාගේ smartphone එක හරහා මේක පාලනය කරන්න පුළුවන් . ඒ කියන්නේ ඔයාට මේක off කරන්න on කරන්න  ඒ වගේම මේකේ පාට මරු කරන්න වගේ දේවල් ඔයාගේ smart phone එක හරහා කරගන්න පුළුවන්. ඒ වගේම මේකේ තියෙන විශේෂම දේ තමා මේක ඔයාට bluetooth speaker එකක් විදියට බවිත කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාගේ phone එක bluetooth හරහා connect කරලා phone එකේ සින්දු මේ bulb එක හරහා අහන්න පුළුවන්. ඒ වගේම විශේෂයෙන්ම කියන්න ඕනි මේකේ ගොඩක් හොද ශබ්දයක් තියෙනවා ඒ කියන්නේ මුළු ගෙදරටම ඇහෙන විදියට උනත් ඔයාට සින්දු දන්නා පුළුවන්.


gearbest smart music LED bulb

ඒ වගේම ඔයාට මේකෙන් alarm තියන්න පුළුවන්. ඒ වගේම මේකේ bulb එක පත්තු වෙන එක අපිට වෙලාවක් දෙන්න පුළුවන් ඒ කියන්නේ රේ වෙනකොට auto ම පත්තු වෙන විදියටත් උදේ වෙනකොට auto ම off වෙන විදියටත් ඔයය බවිත කරන්න පුළුවන්. ඒ වගේම bulb එක පාට පාටින් රට මවමින් පත්තු කරන්නත් පුළුවන්. හරි යාලුවනේ අපි එහෙනම් බලමු මේ bulb එක ඔයාගේ phone එකට connect කරන්නේ කොහොමද කියල. 

gearbest smart music LED bulb

මුලින්ම ඔය කරන්න ඕනි , මේකේ user manual එකේ තියෙනවා QR code එකක් එක scan කරලා එයාලගේ වෙබ් site එකට යන්න එකේ තියෙනවා download කියල . එක ඔබලා apk file එක download කරගන්න. ඊට පස්සේ install කරගන්න. 

gearbest smart music LED bulb

ඊටපස්සේ ඔය ඔයාගේ phone එකේ bluetooth setting වලට යන්න ගිහින් search කරන්න . ඊටපස්සේ ඔයාට අපේ bulb එක නම පෙන්වයි. එක උඩ click කරලා එක connect කරගන්න. දැන් ඔයාට ඔයාගේ phone එක bulb එකත් එක්ක connect වෙලා තියෙන්නේ. දැන් ඔය phone එකෙන් දාන ඕනිම සින්දුවක් ඇහෙන්නේ මේ bulb එකෙන්. 

connect smart bulb to smart phone bluetooth

ඊටපස්සේ ඔයාට ඔයාලේ bulb එක control කරන්න ඕනි නම් ඔයාට app එක බාවිතා කරන්න වෙනවා. ඉතින් ඔය එකට ගියොත් ඔයාට option ගොඩක් බලාගන්න පුළුවන්. 

gearbest smart bulb app screenshot

switch කියන එකෙන් ඔයාට bulb එක off කරන්න on කරන්න පුළුවන්. volume කියන එකෙන් ඔයාට සද්දේ අඩු වැඩි කරන්න පුළුවන්. play එකෙන් සින්දු play කරන්නු පුළුවන්. connect කියන එකෙන් තම bulb එක connect කරන්නේ , අපි දැනටමත් connect කැටල තියෙන නිසා ගැටළුවක් නැ. 

gearbest smart bulb app screenshot

ඉතින් ඊට පස්සේ light කියන එක ඔබලා එකට ගියාම එකෙන් ඔයාට bulb එකේ පාට මාරු කරන්න, brigthness අඩු වැඩි කරන්න වගේ දේවල් කරන්න පුළුවන්. 

gearbest smart bulb app screenshot

ඉතින් ඊට පස්සේ music කියන එකට ගියාම එකේ තියෙනව ඔයාගේ phone එකේ දැනට save කරලා තියෙන mp3 සින්දු වගේ දේවල්.ඔයාට එතනින් සෙලෙච්ට් කැටල සින්දු play කරන්නත් පුළුවන්. ඒ වගේම සින්දු play වෙන ගමන්  light එක පත්තු කරන්නත් පුළුවන්.

gearbest smart bulb app screenshot

ඉතින් ඊට පස්සේ තියෙන්නේ scene කියන එක . මේකට ගියාම option ගොඩක් තියෙනවා. මේකෙන් තමා  bulb එක විවිද රටා වලට පාට පාටින් පත්තු වෙන විදියට කරන්නේ.

 ඉතින් යාලුවනේ අන්තිමටම තමා වැදගත්ම දේ. ඒ තමා alarm , මේකට ගියාම bulb එක auto on වෙන වෙලාව off වෙන වෙලාව අපිට දෙන්න පුළුවන්. ඉතින් ඔයාට මේකෙන් රැ වෙනකොට auto on වෙන විදියටත් උදේ වෙනකොට auto off වෙන විදියටත් හදන්න පුළුවන්. 

ඉතින් ඒ වගේම auto music play වෙන විදියට සෙට් කරන්නත් පුළුවන්. ඊළගට පහලම තමා alarm තියෙන්නේ. ඉතින් ඔයාට එතනින් alarm 4ක් තියන්න පුළුවන් .. මේකේ තියෙන විශේෂත්වය තමා මේකේ alarm , auto light on off වගේ දේවල් වැඩ කරන්න phone එක connect කරලම තියන්න ඕනි නැ. 

ඉතින් ඔයාලට මේක මිලදී ගන්න ඕනි නම් අඩුවට ගන්න පුළුවන් gearbest.com එකෙන්. ඒ වගේම මේ දවස් වල මිල අඩු කිරීමකුත් තියෙනවා . ඒ වගේම ඔයගොල්ලෝ පහල ලින්ක් එකෙන් ගිහින් GBOKL1 මෙන්න මේ coupon code එක බාවිතා කරොත් ඔයාට තවත් discount එකක් ගන්න පුළුවන්. 

gearbest coupon code = GBOKL1

click here to buy Smart music LED bulb


එහෙනම් යාලුවනේ කොහොමද මේ සුපිරි ගැජට් එක. මරු නේද . පල්ලෙහායින් comment එකක් දන්න. එහෙනම් නැවතත් මේ වගේම වැඩ කෑල්ලකින් හමුවෙවූ . ඔයගොල්ලන්ට ජය වේවා. අපි okkomameke...

ඔයාලට වීඩියෝ එක බලන්න ඕනි නම් මෙන්න තියෙනවා පහල වීඩියෝ එක.

gearbest coupon code Smart music LED bulb how to buy good smart bulb with bluetooth speaker with alarm how to use smart bulb price in sri lanka how to connect smart bulb to smartphone smart home bulb with bluetooth speaker smart home bulb with alarm gearbest coupon code = GBOKL1

Share කරලා කරලා සහයෝගය දෙන්න >>

story of Jack Ma sinhala

Jack Ma
උත්සාහය නිසා කෝටිපතියෙකු වූ ජැක් මා.

Jack Ma යනු ලෝකය තුල රැඩිකල් වෙනසක් කල දැවැන්ත චරිතයකි. චීනයේ ව්‍යාපාරික ගිනිසිළුව වූ ඔහු, අන්තර්ජාලය තුල

දැවැන්ත ALIBABA ව්‍යාපාර ජාලයේ හිමිකරුය. ඔහු දැනට ආසියාවේ ධනවත්ම පුද්ගලයා වන අතර ලෝකයේ 14 වන ධනවතා ලෙස පෙරලියක් කරමින් සිටී. චීනයේ සාමාන්‍ය පවුලක ඉපදුනු Jack Ma තරුණ අවධියේදීම ඉංග්‍රීසි භාෂාව ප්‍රගුණ කරන්නට පටන් ගත්තේ එතුලින් ලෝකය දැකීමට හැකිබව බලවත් ලෙස විශ්වාස කල බැවිනි.

ඔහු තමා සතු යතුරු පැදිය දිනපතා කිලෝමීටර 40ක් පදිමින් නතර වුයේ Hangzhou හෝටලය අසලය. එහි සිටින සංචාරකයන් ඔහු නොමිලයේම තම රට පෙන්වීම සඳහා රැගෙන ගිය අතර මුදල් වෙනුවට ඔහු ඔවුන්ගෙන් ගමන අතරතුරදී ඉංග්‍රීසි භාෂාව ඉගෙනගනු ලැබුවා. මෙම අපුරු ඉංග්‍රීසි පන්තිය අවුරුදු නමයක් පුරා පැවතුනු අතර බොහෝ සංචාරකයන් ඔහුගේ පෑනේ මිතුරන් බවට පත්වුවා. බොහෝ දුෂ්කර වෑයමකින් පසුව ඔහු ඉංග්‍රීසි භාෂාව පිළිබඳව උපාධියක් දිනාගැනීමට සමත් වූ අතර පසු කලෙක Hangzhou Dianzi ජාත්‍යන්තර සරසවියේ ඉංග්‍රීසි භාෂා කථිකාචාර්ය වරයකුලෙසද සේවය කරනු ලැබුවා.

Jack Ma ජීවිතය තුල බොහෝ පරාජයන් ලැබූ මිනිසෙකි. අවසානයේදී මෙම පරාජයන් නිසාම මහා පන්නරයක් ලැබූ අයෙකි. ඔහු රැකියා සම්මුඛ පරීක්ෂණ 30 කින් ප්‍රතික්ෂේප වූ අයෙකි. වරෙක KFC ආයතනයේ සම්මුඛ පරීක්ෂණයකට සහභාගී වූ 23 දෙනකු අතරින් අසමත් වුයේ Jack Ma පමණි. එමෙන්ම Harward සරසවියට ඔහු යොමුකළ අයදුම්පත 10 වතාවක් ප්‍රතික්ෂේප වූ බව ඔහු වරෙක ප්‍රකාශ කලේ Harward සරසවියට ආරාධිතයෙකු ලෙස දේශනයකට පැමිණි අවස්ථාවකදීය.

කෙසේ නමුත් ඔහු 1994 දී අන්තර්ජාලය ගැන හැදෑරීමක් කල අතර එවිට ඔහුගේ වයස අවුරුදු 30කි. 1999 වසරේදී ජැක් මා විසින් Alibaba.com වෙබ් අඩවිය පිහිටුවමින් මෙම සමාගම ආරම්භ කරන ලදී. චීනයේ විවිධ නිෂ්පාදකයන්ගේ භාණ්ඩ අන්තර්ජාලය ඔස්සේ සමස්ත ලෝකයටම අළෙවි කිරීම මෙම සමාගමේ අරමුණ විය. මෙහිදී අනෙක් සෑම අන්තර්ජාල වෙළෙඳ පළකදී මෙන් මෙහි ද ගනුදෙනුකරුවා සහ අළෙවි කරන්නා අතර භෞතික හමුවීමක් සිදු නොවන අතර සියලු ගනුදෙනු අන්තර්ජාලය හරහාම සිදුවෙයි. ඇණවුම් කරන ලද භාණ්ඩය ගමනාන්තයට අනුව නිශ්චිත දින ගණනක් තුළ ගැනුම්කරුවා වෙත තැපෑලෙන් යැවෙයි. සියලුම පාහේ අන්තර්ජාල ගනුදෙනු සිදු වන්නේ මේ ආකාරයටය. පසුව Alibaba Group ලෙස තවත් සමාගම් එකතු කර ගනිමින් ඔහු වයාපරය වර්ධනය කරගන්නා ලදී.

මෙම සමාගමට ‛අලිබාබා’ යන නම ලැබුණු ආකාරය පසුපස ඇත්තේ ද අපූරු කතාවකි. එය මෙහි නිර්මාතෘ ජැක් මා ගේ වචනයෙන්ම මෙසේය.

“දවසක් මම මැලේසියාවේ වැඩකට ගිහින් කෝපි එකක් පානය කරමින් ඉන්න අතරේ මගේ සමාගමට හොඳම නම මොකක්ද කියලා හිතමින් හිටියා. එකපාරටම මට හිතුණා අලිබාබා කියන නම හොඳයි කියලා. මෙහෙම ඉන්න කොට වේටර්වරිය එතැනට ආවා. මම ඇහුවා ‛ඔබ අලිබාබා ගැන දන්නවද?’ කියලා. ‛නැතුව. අර දොර ඇරේවා කියලා කියන කතාව නේද?’ කියලා ඇය මගෙන් ඇහුවා. මම හිතුවා මේක තමයි නියම නම කියලා.

ඉන් පස්සේ මම පාරේ ඇවිදින ගමන් ලෝකයේ එක එක රටවලින් ආපු තිස් දෙනෙකුගෙන් විතර ඇහුවා අලිබාබා ගැන දන්නවද කියලා. ඔවුන් කිව්වා ‛ දොර ඇරේවා කියන කතාව නේද, තමන්ට ලැබුණු ධනයෙන් ගමේ මිනිස්සුන්ට උදව් කළ හොඳ මනුස්සයෙක් නේද?’  වගේ කතා. මම දැනගත්තා ලෝකයේ ඕන කෙනෙක් මේ නම දන්න බව. අනෙක ඒ නිසාම උච්චාරණයත් පහසුවෙන් සිද්ධ වෙනවා. අවසානයේ මේ නම ලියාපදිංචි කළා. නමේ මොකක් හෝ නීතිමය ගැටලුවක් ආවොත් කියලා ‛අලිමාමා’ කියන නමත් ලියාපදිංචි කළා.”

ජැක් මා සහ අලිබාබා පිළිබඳව යූටියුබ් හි ඇති වීඩියෝවක් බලන්න.

2012 වසරේදී අලිබාබා සමාගම විසින්  ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 1.1 ක අළෙවි කටයුතු සිදු කොට තිබූ අතර ඒ වන විට ඔවුන්ගේ ස්වදේශීය (චීන) නොවන සැපයුම්කරුවන්ගේ සංඛ්‍යාව ස්වදේශීය සැපයුම්කරුවන් ඉක්මවා තිබුණු බව ද වාර්තා වේ. කෙසේ වෙතත් ඔවුන් ප්‍රධාන වශයෙන්ම ක්‍රියාත්මක වූයේ චීනය මූලික කොටගෙනය. 2016 අප්‍රේල් මාසය වන විට ලෝකයේ එතෙක් පැවති විශාලතම අන්තර්ජාල වෙළෙඳ පළ වූ වෝල්මාර්ට් (Walmart) ද පසුකර යමින් මෙය පෙරමුණට පැමිණියේය. 2012 නොවැම්බර් මාසය තුලදී මෙම ව්‍යාපාරය තුල online ගනුදෙනු ප්‍රමාණය චීන යුආන් ට්‍රිලියනය ඉක්මවනු ලැබුවා. මේ නිසාම අද වනවිට ඩොනල්ඩ් ට්‍රම්ප් ජනපතිවරයාගේ සිට සෑම ධනවතකුම Jack Ma ගේ සමීපතමයන්ය.

1964 සැප්තැම්බර් 10 වැනිදා චීනයේ උපත ලද ‛ජැක් මා’ ගේ සැබෑ නම වන්නේ ‛මා යුන්’ ය. ෆෝර්බීස් නම් ලෝකයේ ප්‍රමුඛතම ව්‍යාපාරික සඟරාවේ කවරයක් පළ කෙරුණු මුල්ම චීන ජාතික ව්‍යාපාරිකයා වන්නේ ද ජැක් මා ය.

2008 වසරේදී ඔහු ලොව හොඳම ආයතන ප්‍රධානීන් 30 අතරට පත්වූ අතර 2014 දී චීනයේ බලගතු ව්‍යවසායකයන් අතර ඉදිරියෙන්ම පසුවූවා. පුංචි තැනකින් ජීවිතය අරඹා ස්වෝත්සාහයෙන් ඉදිරියටම ගිය Jack Ma දියුණුවට කැමති සැමදෙනකු විසින්ම කියවිය යුතු හැදෑරිය යුතු අපුරු චරිතයකි.

who is Jack Ma who make alibaba.com who make alibaba group Jack Ma life story

Share කරලා කරලා සහයෝගය දෙන්න >>

Sinhala Writer | සි‍ංහල නිවැරදිව ටයිප් කරන්න

Sinhala Writer

සි‍ංහල නිවැරදිව ටයිප් කරන්න උදව්කරන මෘදුකා‍ංගය.

කාර්යාලයේ හෝ ඔබගේ නිවසේ පරිගණකයේ වර්ඩ්, ෆොටෝශොප් වැනි මෘදුකා‍ංග වල වැඩ කරනවිට සිංහල ෆොන්ට් බාවිතා කර අකුරු ටයිප් කිරීමේදී

සමහර ඉස්පිලි පාපිලි වදින්නේ අඩුපාඩු සහිත්වයි, අන්න ඒ වැරැද්ද නිවැරදි කරන්න පුලුවන් වටිනා මෘදුකා‍ංගයක් තමයි මේ sinhala writer මෘදුකාංගය. මෙය ඉන්ස්ටෝල් නොකර ඩබල් ක්ලික් කරලා open කරන්න තියෙන්නේ. ඉස්පිලි පාපිපා ගානට සෙට් වෙනවා වර්ඩ් ෆොටෝෂොප් හැම ඒකකම කිසි ප්‍රශ්නයක් නැතුව වැඩ කරනවා ඉංග්‍රිසි වලට මාරුවෙන්න නම් මේක close කරලා දාන්න.

Download Sinhala Writer

type sinhala word correctly without mistake 
Share කරලා කරලා සහයෝගය දෙන්න >>

UR browser | වේගයෙන් ආරක්ෂිතව internet යමු.

ur browser
ආරක්ෂාකාරීව සහ අධිවේගීව අන්තර්ජාලයේ සැරිසරන්න.

පරිගණකයෙන් ලැප් එකෙන් පෞද්ගලික තොරතුරු ආරක්ෂා කරගනිමින් වේගවත්ව අන්තර්ජාලය භාවිතා

කිරීමට හොදම වෙබ් බ්‍රව්සරයක් ලෙස UR වේබ් බ්‍රව්සරය පෙන්වා දිය හැක. මෙය පරිශීකලයාට මිත්‍රශීලී, සිත්ගන්නා සුළු අන්දමින් ‍හොද අතුරු මුහුණතක් ලබා දෙමින් නිර්මාණය තිබේ. සැක සහිත වෙබ් අඩවි වලට පිවිසීමේදී අනතුරු ඇගවීම්ද පෙන්නුම් කරයි. ඩවුන්ලෝඩ් කිරීමේදී දැනට පවතින අනෙකුත් වෙබ් බ්‍රව්සර්වලට සාපේක්ෂව 4 ගුණයක වේගයකින් ඩවුන්ලෝඩ් වන බව දක්වා ඇත. European Union නීති මගින් දත්ත ආරක්ෂා කර දීම සිදුකෙරේ.අනෙත් වෙබ් බ්‍රවුසර් වලට සාපේක්ෂව ඉතා හොද මට්ටමක පවතින මෘදුකාංගයක් බව ප්‍රකාශ කළ හැක.
download UR browser

Websites load faster without the ads, trackers and cookies that can weigh pages down
Protect your privacy with a powerful suite of tools that give you control over who sees your data online Secure Browse safer with alerts for dangerous websites, automatic HTTPS redirect and a built-in virus scanner

Share කරලා කරලා සහයෝගය දෙන්න >>

Supercomputers | සුපිරි පරිගණක


hello computer

Supercomputers යනු මොනවාද සහ එහි වර්තමාන තත්ත්වය

අපි සාමාන්‍යයෙන් භාවිත කරන පරිගණක විශේෂ සහ විශාල ගණනය කිරීම් කරන්නට ප්‍රමාණවත් බලයක් සපයන්නේ නැහැ. විශාල දත්ත විශ්ලේෂණය කිරීම හා ඒ හරහා පුරෝකථන කිරීම් ආදියට වේගය ඉතා ඉහළ පරිගණක අවශ්‍ය වෙනවා. ඒ අනුව එවන් විශේෂ අවස්ථා සඳහා සුපිරි පරිගණක ස්ථාපනය කරන්නට රටවල් කටයුතු කරනවා. ඒවා හරහා තනි කාර්යයක් පමණක් නොව ඇතැම්විට රටේ විවිධ පැතිකඩවල, විෂයයන්හි අවශ්‍යතාවයන් සපුරාගන්නට ද භාවිතා වෙනවා. අභ්‍යවකාශය අතැඹුල සේ ඇති නාසා ආයතනයටත් සුපිරි පරිගණකයක සහාය නැතිව ඒ හැකියාවන් කිසිදිනක ලබන්නට බැහැ.

සුපිරි පරිගණක යනු

රුසියාවේ Lomonosov සුපිරි පරිගණකය

ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂයට අනුව මේ වචනයේ අර්ථ දැක්වීම ඉතා සරලයි. “විශේෂයෙන් සකසන ලද, අධි බලැති, ප්‍රබල පරිගණකයක්” ලෙසයි එහි අරුත් දක්වා තිබෙන්නේ. අතීතයේ මුල්කාලීන පරිගණක විශාලත්වයෙන් වැඩි නිසා කාමරයක්ම භාවිත කරන්නට සිදු වූ බව ඔබ අසා ඇති. රික්තක නලවල විශාලත්වය නිසා බොහෝ සෙයින් ඒවා වැඩි ඉඩක් භාවිත කළ නමුත් ඒවායේ සහ අද තිබෙන සුපිරි පරිගණකවලත් ප්‍රමාණයෙන් නම් වෙනසක් නැහැ. නමුත් වේගය අතින් බැලුවොත් පරණ ඒවා ලංකාව වැසෙන තෙක් සවිකළත් අද තිබෙන එකක දශම අගයක වේගයක් එයින් ලබන්නට බැහැ. අපේ නිවෙස්වල සහ කාර්යාලවල තිබෙන අලුත් පරිගණක පවා කරත්ත සෙයින් කටයුතු කරද්දී මේ සුපිරි පරිගණකවල ඇති වේගය මෙතෙකැයි කියන්නට උදාහරණ ගෙන ආ යුතු වන්නේ නැහැ.

ලොව වේගවත්ම පරිගණකය චීනයේ

TaihuLight පරිගණකය

ලොව බලවත්ම රට ලෙස ඇමරිකාව ලෙස සැලකුණත් චීනය, ඇමරිකාව සහ ජපානය අතර සුපිරි පරිගණක තරගයේ ජය ලබන්නට මේ වෙන විට චීනය සමත්ව තිබෙනවා. පරිගණකවල වේගය තීරණය කරන ෆ්ලොප්ස් (FLOpS – තත්පරයක දී සිදුකරන ගණනය කිරීම්) අගය මතයි මෙම වේගවත් බවේ කිරුළ පළඳනු ලබන්නේ. ඒ අනුව 2013 වර්ෂය වන විට පෙටාෆ්ලොප්ස් (ෆ්ලොප්ස්වල 105 අගය) 17.17ක් ලෙස ඇමරිකාවේ IBM Sequoia පරිගණකයත්, පෙටාෆ්ලොප්ස් 17.59ක් සමඟ ඇමරිකාවේම Cray Titan සුපිරි පරිගණකයත් නම් දරා සිටියා. ඉන්පසු කිරුළ චීනය වෙතට යොමු වුණේ ඔවුන්ගේ 33.86 petaflops අගයක් ඇති Tianhe-2 පරිගණකයේ ආගමනයත් සමඟ යි. පරිගණක සැලසුම්, විශ්ලේෂණ, රජයේ ආරක්ෂක කටයුතු ආදියට මේ පරිගණකය යොදා ගැණුනා. යුවාන් බිලියන 2.4ක් හෙවත් ඇමරිකානු ඩොලර් මිලියන 390ක් වැය කොට තැනූ මේ පරිගණකයට ටෙරාබයිට් 1375ක RAM ධාරිතාවක්, පෙටාබයිට් 12.4ක දත්ත ගබඩා ධාරිතාවක්, Intel Xeon 2.2GHz ප්‍රොසෙසර තිස් දෙදහසක් සහ Xeon Phi 31S1P ප්‍රොසෙසර තිස් අටදහසක් යොදා තිබුණා.


2016 දී චීනය, චීනය විසින්ම අභිබවා ගියේ අදටත් ප්‍රථම ස්ථානයට පත්ව සිටින Sunway TaihuLight පරිගණකය නිර්මාණය කරමින්. පෙර පරිගණකය මෙන්ම එරට ජාතික සුපිරි පරිගණක මධ්‍යස්ථානය සතු මෙය තෙල් පරීක්ෂා කිරීමට, ජෛව විද්‍යාත්මක කටයුතු, කාර්මික සැලසුම් සහ කාලගුණ අනාවැකි කීමට භාවිත කරනවා. බලශක්ති කාර්යක්ෂමතාව අතින් 16වන ස්ථානයේ සිටින TaihuLight පරිගණකය සතුව Sunway ආයතනය විසින් සැකසූ ප්‍රොසෙසර් 40,960ක් තිබෙනවා. ඒවයේ CPU cores 10,649,600ක් තිබෙනවා. 2001 වසරේ දී ප්‍රොසෙසර තැනීමට පටන් ගත් රටක් වශයෙන් තමන්ගේම සුපිරි පරිගණකය සඳහා මව්බිමෙහිම නිපදවන ලද ප්‍රොසෙසර යොදාගැනීම විශේෂ අවස්ථාවක් ලෙස සැලකීමට පුළුවන්. ලෝක ජනගහනය, බිලියන 7.2ක් වූ ජනතාව එක්වර කැල්කියුලේටර් රැගෙන වසර 32ක් යනතෙක් ගණනය කිරීම් කරනවා නම්, ඒ සියල්ල විනාඩියකින් කරන්නට මේ පරිගණකයට පුළුවන්. නමුත් ඔවුන් එයට චෙස් අදින්නට නම් තවමත් උගන්වා නැහැ.

සුපිරි පරිගණක යොදා ගන්නා අවස්ථා

මහා පරිමාණ දත්ත විශ්ලේෂණයන් සහ තීරණ ගැනීම් සඳහා වැඩි ගණනය කිරීමේ හැකියාවක් අවශ්‍ය වෙනවා. ඒ සඳහා විවිධ විෂයයන් සහ අවස්ථා සඳහා සුපිරි පරිගණක යොදා ගැනෙනවා. ඇමරිකාවේ ඕක් රිජ් ජාතික පර්යේෂණායතනය විසින් ජෙට් එන්ජින්වලත්, බෝයිං ගුවන් යානා නිෂ්පාදකයින් ඒවායේ වායුගතික හැසිරීම් අධ්‍යයනයටත් පරිගණක සජීවීකරණ සැලසුම් සකසා අත්හදා බලන්නට සුපිරි පරිගණක භාවිත කරනවා. එසේම ලෝරන්ස් ලිව’මෝ පර්යේෂණායතනය භූගත තෙල් නිධි පිළිබඳ දත්ත විශ්ලේෂණයටත්, රෝග සඳහා චිකිත්සන ක්‍රම හඳුන්වාදීම සඳහාත් සුපිරි පරිගණක සහාය ලබාගන්නවා. කෝනල් සරසවිය විසින් හෙපටයිටීස්-සී වෛරසය සඳහා නව චිකිත්සක ක්‍රම හඳුන්වාදෙන්නට එම වෛරසයේ පැහැදිලි සැලසුමක් පරිගණකය මත තනා ගත්තා. එහි ප්‍රතිඵලයක් වශයෙන් රෝගීන් දහස් ගණනකගේ අක්මා ආබාධයන්ගෙන් අසාධ්‍ය වීම වැළකුණා.

වාර්ෂික කාලගුණ දත්ත අධ්‍යයනය කොට ඉදිරි දින සඳහා පෙරැයීම් කරන්නට, කුණාටු හෝ සුළි සුළං වැනි අයහපත් කාලගුණ තත්ත්ව ගැන කලින්ම දැනගෙන කටයුතු කරන්නට අවශ්‍ය පද්ධති ගොඩනැගීමේ දී සුපිරි පරිගණක භාවිත කොට ඇති අතර යුද්ධ හමුදාවල සැලසුම් ප්‍රතිනිර්මාණය (simulate) කිරීමට ද සුපිරි පරිගණක සහාය ලබාගන්නවා.

සුපිරි පරිගණකවලට පසුව එන ක්වන්ටම් පරිගණක

අදටත් දකින සුපිරි පරිගණකවල ගණනය කිරීම්වල වේග වැඩි කිරීම් සිදු කරන්නේ ඒවායේ ඇති ට්‍රාන්සිස්ටර මයික්‍රොප්‍රොසෙසර තුළ ක්‍රම ක්‍රමයෙන් කුඩා කරමින් වැඩි ප්‍රමාණයක් අඩංගු කරවීමෙනුයි. නමුත් ඒ වෙනුවට එහි ඊළඟ පියවර ලෙස අනුපරමාණුක අංශු පාලනය කරමින් ඊට වඩා වැඩි හැකියාවක් ලබාගැනීමට විද්‍යාඥයන් බලාපොරොත්තු වෙනවා. මෑතක දී ක්වන්ටම් විද්‍යාව හරහා කළ සොයා ගැනීම් වල දී එම අංශූන් අපූර්ව භෞතික විද්‍යාත්මක නීති අනුගමනය කරන බව පැහැදිලිව ඇති අතර එම ක්වන්ටම් අංශූන්ට අවස්ථා දෙකක් එකවර දැක්වීමේ හැකියාව තිබෙනවා.

එනම්, සාමාන්‍ය ට්‍රාන්සිස්ටරයකින් ගොඩනගා ගත් 1 සහ 0 යන ද්විමය තත්ත්වයන් දෙකම මේ අංශුවකට එකවර දැරිය හැකි වෙනවා. මෙය qubit (quantum bit) එකක් ලෙසයි හැඳින්වෙන්නේ. එය හරියට කාන්දමක් උත්තර ධ්‍රැවය සහ දක්ෂිණ ධ්‍රැවය දරනවා වගේයි. මේ නිසා අවස්ථා දෙකම එකවර ලබාගෙන ගණනය කිරීමකට ගතවන කාලය දෙගුණයකින් අඩු කරගෙන වේගය වැඩි කරගන්නට අනාගත පරිගණකවලට හැකියාව ලැබෙනු ඇති බව විශ්වාස කළ හැකියි. ඔබ හිතන්නේ අනාගත පරිගණක මොන වගේ වේවි ද?

what is Supercomputers how to use Supercomputers Super computers what is world first Super computer price in sri lanka laptop price in sri lanka 

Share කරලා කරලා සහයෝගය දෙන්න >>

watch TV in Phone using without mobile data

යාලුවනේ ඔයගොල්ලෝ සාමාන්යෙන් phone එකෙන් tv බලනවා ඇති . ඉතින් ඔයා එතකොට tv බලන්නේ mobile data හෝ wifi හරහා . එහෙමත් නැත්තන් dialog tv වගේ app එකකින්. අත් එකෙන් වෙන්නවත් ඔයාගේ mobile data හරහා තමයි. මෙහෙම නැතුව ඔයාගේ phone එකට ඇන්ටනාවක් හයි කරගන්න තිබ්බනම් මරු නේද.? එහෙනම් මෙන්න වීඩියෝව..

nisith heshan



how to watch tv in android mobile phone without using mobile data how to watch tv in android mobile phone without using wifi how to connect antena to mobile phone smart phone batapola antena antana price in sri lanka tv antana price in sri lanka tv signal receiver unbox review in sinhala sri lanka how to use padtv app what is padtv app dialog tv app

Share කරලා කරලා සහයෝගය දෙන්න >>

Popular Posts

random post

Contact Form

Name

Email *

Message *