find lose phone by using google device manager

google device manager iconඔන්න යාලුවනේ අද මන් කියල දෙන්න යන්නේ නැති උන 4n එකක් හොයාගන්න තවත් ක්‍රමයක්. මේක මන්
කලින් කියල දුන්න වගේ සාර්ථක ක්‍රමයක් නෙමේ. කලින් ක්‍රමය බැලුවේ නැත්තන් මේක ඔබලා බලන්න. අද කියල දෙන්න යන්නේ google device manager මගින් කොහොමද කරන්නේ කියලා. මේක කරන්න නම් ඔයාගේ 4n එක sign කරලා තිබ්බ google account එකේ password ඕනි වෙනවා. ඒ වගේම නැති උන 4n එකේ data on වෙන්නත් ඕනේ.
මුලින්ම කරන්න තියෙන්නේ ඔය ගාව තියෙන වෙන 4n එකකින් හරි computer එකකින් හරි device manager site එකට යන්න ඕනේ.

google device manager එකට යන්න මේක ඔබන්න.


ඊට පස්සේ gmail එකී password එකී ගහලා log වෙන්න. 4n එක sign වෙලා තිබ්බ gmail එක තමා දාන්න ඕනි හරිද. ඊට පස්සේ මෙහෙම එකක් එයි.
google device manager screenshot
map එකක් එක්ක සුදු පාට කොටුවක් එයි මේ වගේ..
google device manager screenshot
මේකේ මන් රතු පාට කරලා තියෙන එක එබුවාම 4n එක දං කොහෙද තියෙන්නේ කියල පෙන්නනවා. නමුත් එකට අනිවරෙන් 4n එකේ data on වෙලා තියෙන්න ඕනේ. ඔයාලට පේනවා ඇති ring, lock, erase කියල option 3 ක් . ring කියන එක එබුවාම 4n එක උපරිම සද්දෙන් ring වෙනවා. lock කියන එක තමා අපිට ගොඩක් වැදගත් වෙන්නේ, මොකද මේකෙන් lock කරොත් ඒ 4n එකේ data on කරපු ගමන් lock වෙනවා. 
google device manager screenshot
ඊට පස්සේ මේ වගේ එකක් එයි.New Password ,Confirm password මේ දෙකට ඔයාට කැමති password එකක් දෙන්න. Recovery message එකට මොකක් හරි දුන්නොත් නැති උන 4n එකේ screen එකේ මේ message එක පෙන්නනවා.ඔයාගේ 4n එක හොයාගන්න කෙනාට මොකක් හරි පණිවිඩයක් දෙන්න ඕනි නම් එක මෙතන දාන්න. 
ඊට පස්සේ Phone number කියන එකට දැනට ඔයා ගාව තියෙන 4n එකක number එකක් දෙන්න. මේකටත් අනිවරෙන් no එකක් දෙන්න. එහෙම කරොත් 4n එකේ screen එකේ call owner කියලා button එකක් එනවා. එතකොට ඔයාගේ 4n එක හොයාගන්න කෙනාට පහසුවෙන් ඔයාට call එකක් ගන්න පුළුවන්
google device manager screenshot
එහෙනම් ජය වේවා. අයෙත් මේ වගේම වැඩ කෑල්ලකින් සෙට් වෙමු. යාලුවන්ටත් දැනගන්න ස්හරේ කරන්න. 

Share කරලා කරලා සහයෝගය දෙන්න >>

Related Posts:

Popular Posts

random post

  • story of steve jobs
    31.03.2018 - Comments Disabled
    ලොව හෙල්ලූ මිනිසෙක් මරණ මංචකයේදී කී කතාව ඇපල් සමාගමේ සම නිර්මාතෘවරයා වූ ස්‌ටීව් ජොබ්ස්‌ මියගියේ 2011 වසරේ…
  • programming මුල ඉදන් ඉගෙන ගන්න ලේසිම විදියක්
    31.03.2018 - 0 Comments
    ඔන්න යාලුවනේ ගොඩක් දවසකින් පොස්ට් එකක් දාන්නේ. programming කියන්නේ ඉතින් ගොඩක් ලොකු පරාසයක විහිදුනු දෙයක්.…
  • How to hack Hill Climb Racing
    27.09.2016 - Comments Disabled
    ඔන්න යාලුවනේ මන් අද කියල දෙන්න යන්නේ Hill Climb Racing game එක කොහොමද hack කරන්නේ කියලා.ඒ කියන්නේ…
  • mobile tripod review sinhalen
    28.07.2017 - Comments Disabled
    what is tripod mobile tripod how to use mobile tripod price in sri lanka mobile tripod review sinhalen…
  • how to get paid apps for free on play store
    12.09.2016 - Comments Disabled
    ඔන්න යාලුවනේ අද මන් කියල දෙන්න යන්නේ කොහොමද playstore එකේ තියෙන app එකක් නොමිලේ install කර ගන්නේ කියලා.…

Contact Form

Name

Email *

Message *