apple failed | Huawei විසින් Apple පරදයි!


honer


හුවාවි සමාගමේ CEO රිචඩ් මහත්තයා ලගදි ලෝකේ විශාලතම දුරකථන අලෙවිකරුවන් ගෙන් එක්කෙනෙක් වෙච්ච් ඇපල් සමාගමට පොඩි චැලෙන්ජ් එකක් කලානේ.
ඒතමා එයාලගේ ඊලග ෆ්ලැග්ශිප් එක වෙන Huawei Mate 10 දුරකථනය ඇපල් Iphone 8 එකට වඩා බලගතු හා ගුණාත්මක වෙන බව. Mate10 කැමරාව Iphone8 කැමරාව අභිබවා යන බව.
හැබැයි Huawei සමාගම දැනටමත් ඇපල් සමාගම කැමරාව පැත්තෙන් පරාද කරලා ඉවරයි. Iphone 7 Plus එකේ කැමරාව රෑන්කින් වල මුල් 10ටවත් නැති වෙද්දි හුවාවි P10 එකේ කැමරාව මුල් 10ට ඇතුලත් වෙනවා.
ඒවගෙම මීට දින කීපෙකට කලින් ප්‍රසිද්ධ කල Huawei Hisillicon Kiron 970 SoC එකේ තියෙනවා වෙන කිසිම SoC එකක නැති අතිශය දියුණු කෘතීම බුද්ධි ඒකකයකුත්. ඒ ස්නායුක ප්‍රොසෙසරය ටෙරා ෆ්ලොප්ස් 1.92ක බලයක් සහිත ස්නායුක ප්‍රොසෙසරයක්!
Google Assistant වගේ සහායකයන්ට මේ විශේෂ ප්‍රොසෙසරය අතිවිශාල උදව්වක් වේවි.
ඒවගේම මේ ස්නායුක ප්‍රොසෙසරය නිසා තප්පරයට ඡායාරූප 2000කට අධික ප්‍රමාණයක් මේ SoC එකෙන් ප්‍රොසෙස් කරන්න පුළුවන්. කැමරාව ඉහල ගුණාත්මක හා වේගවත් වෙන බවට ඒක සාක්ෂියක්.
ඒවගේම Kirin 970හි GPU එකත් අතිප්‍රභල ARM Mali G72 Bifrost MP12 එකක්. එය ප්‍රොසෙසර 12ක GPU එකක්.
කොහොම නමුත් හුවාවි මේට් 10 දුරකථනය නිකුත් කරන්නත් කලින්ම හුවාවි සමාගම තවත් අංශයකින් ඇපල් සමාගම පරදවලා තියෙනවා කියලා අපිට ආරංචි උනා.
ඒතමා ලෝකේ දෙවනියට විශාලතම දුරකථන අලෙවි සමාගම වෙච්ච ඇපල් සමාගම පරාද කරලා හුවාවි සමාගම සැම්සුන්ග් සමාගමට පමණක් දෙවනි වෙමින් ලෝකෙන්ම දෙවනි තැනට පත් වෙච්ච එක.
ඒකේ තේරුම ඇපල් සමාගම දැන් 3ට වැටුනා කියන එක. පහුගිය කාර්තුවල ඇපල් සමාගම ක්‍රමයෙන් අවපාතනයකට ලක්වෙමින් සිටි බව ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙනවා.
මේ තත්වය තවදුරටත් වර්ධනය වෙන බව බලාපොරොත්තු වෙන්න පුළුවන් හුවාවි සමාගමෙන් ඔවුන්ගේ පෙරලිකාර Mate 10 දුරකථනය නිකුත් කිරීමත් සමගම!
තවත් මේවගේ තොරතුරු දැනගන්න අපේ ෆේස්බුක් පිටුවට ලයික් කරන්න.
ඇන්ඩ්‍රොයිඩ් වැඩකාරයෝ ඇඩ්මින් මඩුල්ල වෙනුවෙන් මම #Rezor
Share කරලා කරලා සහයෝගය දෙන්න >>

Related Posts:

Popular Posts

random post

  • Bad Piggies-android game
    30.12.2015 - 0 Comments
    මේ ගේම් එකේ කරන්න තියෙන්නේ වාහන හදන්න. ඔයාලට මතකද angry bird එකේ ඉන්න කොළ පාට bad pig ලව. එයාල තමා අපි හදන…
  • wireless landline phone review in sinhala
    02.07.2017 - Comments Disabled
    ඇවිදින ගමන් land phone එකෙන් කතා කරන්න අසද? මෙන්න wireless landline phone එක. wireless landline phone…
  • lk lottery
    15.12.2015 - 0 Comments
    මෙන්න යාලුවනේ ලංකාවේ ඕනෑම ලොතරැයියක් මේ app එකෙන් ඉතා පහසුවෙන් සිංහලෙන් බලාගන්න පුළුවන්. පත්තර පෙරලා…
  • Snowboard Party
    26.02.2016 - Comments Disabled
    meka nam hima matha lissa yame game ekak. lankawe apita nam hime lissa yanawa kiyanne hinayak thamai.…
  • moon | චන්ද්‍රයාගේ උපත
    31.03.2018 - Comments Disabled
    චන්ද්‍රයා තම කක්ෂය ඔස්සේ පෘථිවිය වටා භ‍්‍රමණය වන විට එහි මූණත විවිධ හැඩයන් වලින්දක්නට ලැබෙනවා. සඳෙහි කලා…

Contact Form

Name

Email *

Message *