ඔන්ලයින් වැඩ කරලා ගොඩයන්නේ කොහොමද ?


e business



මුලින්ම කියන්න ඕනි මේක මගේ කතාවක් නෙමේ . මට වඩා emoney ගැන දන්නා කෙනෙක්ගේ කතාවක්

සතියක් තිස්සේ එක දිගට ආව මැසජේ නිසා ඔක්කොටම පොදුවේ පොස්ට් එකක් දාන්න හිතුවා හැමෝම අහන්නේ ඔන්ලයින් වැඩ කරලා ගොඩයන්නේ කොහොමද කියන ප්‍රශ්ණේ.

පළවෙනියටම කියන්න ඕනේ කීප දෙනෙක් අහලා තිබ්බා ලේසියෙන් ඉක්මනට සල්ලි හොයන්නේ කොහොමද කියලා. ඒ අයට නම් කියන්න වෙන්නේ ඔන්ලයින් වැඩ කරන්න හිතන්නවත් එපා කියලා තමයි. මොකද සාමාන්‍ය රස්සාවක් කරන කෙනෙක්ට වඩා ඔන්ලයින් වැඩ කරන කෙනෙක්ට පැය 8ක් වැඩ කරන නීතිය අදාළ වෙන්නේ නෑ. මොකද ඔන්ලයින් වැඩක් දෙන client කෙනෙක්ගේ කාල රාමුවකට (Deadline) හැමවෙලේම යටත් වෙන්න වෙනවා. එතකොට ඒ වෙලාවට කලින් Job එක ඉවර කරන එක අනිවාර්යයි. මේ Group එකේ අද තැනකට ඇවිත් ඉන්න ගොඩක් අය එතෙන්ට එන්න නිදි මරලා ලොකු කැප කිරීමක් කරලා තියනවා.

ඔන්ලයින් සල්ලි හොයන්න පාරවල් ගොඩක් තිබුණට හැමෝටම හැමදේම කරන්න බෑ. උදාහරණයක් විදිහට adsense වලින් කෙනෙක් සාර්ථක වුනා කියලා අනිත් අය හැමෝම රැල්ලට ඒකම කරන්න ගියාට හරියට කරන්න පුළුවන් වෙන්නේ කීප දෙනෙක්ට විතරයි. මුලින්ම තමන්ට කරන්න පුළුවන් මොනවද බැරි මොනවද කියන එක අඳුරගන්න එක ගොඩක් වැදගත්.
Selling කියන දේ ඔන්ලයින් සල්ලි හොයන්න වැදගත්ම දෙයක්. එකත් කොටස් දෙකකට වෙන් කරන්න භාණ්ඩ (Goods) හා සේවා (Services) විදිහට මේ දෙකෙන් මට අදාළ Services Selling කියන දේ විතරක් කතා කරන්නම් මොකද Forex හා Adsense ගැන මට වඩා ලොකු දැණුමක් තියන අය මේ group එකේ ඉන්න නිසා.
Services Selling වල ලොකු වාසියක් තියනවා (උදා: Designing, Programming, SEO) මොකද Services වලට පිරිවැයක් නැති එක. හැබැයි ගොඩක් ඔන්ලයින් Services Skill Based නිසා තමන් කරන දේ ගැන හොඳ හැදෑරීමක් සහ දැනුමක් තිබීම ගොඩක් වැදගත්.

Upwork & Freelancer
Upwork & Freelancer කියලා කියන්නේ ඔන්ලයින් වැඩ කරන අය ගොඩක් වෙලාවට jobs හොයාගන්න සයිට් දෙකක්. මේකෙන් වෙන්නේ තමන්ට පුළුවන් area එකට අනුව තුන්වන පාර්ශවයේ client කෙනෙක් ඔයාලට හොයලා දෙන එක හැබැයි Account එකක් හැදුවම තමන් වැඩ කරන්න ඉන්න area එක අනුව පොඩි online ටෙස්ට් එකකට මූණ දෙන්න වෙනවා එකෙන් නියමිත ලකුණු ප්‍රමාණයක් ගත්තොත් විතරයි Clients ලාගේ projects වලට අපිට bid කරන්න පුළුවන් වෙන්නේ. අලුතෙන්ම කරන කෙනෙක් ඉන්නවනම් proposals එකක් දෙකක් ලියලා නවත්තලා දාන්න එපා පළවෙනියටම job එකක් ගන්න එක අමාරුයි හැබැයි හැමදාම proposals දාන්න මොකද මම එක ජොබ් එකක් ගන්න proposals 13ක් ලිව්ව වෙලාවල් තියනවා. මේ sites වල තියන හොඳ දෙයක් තමයි ගොඩක් වෙලාවට long term clients ලාව හම්බ වෙන එක. ඒ කියන්නේ එක ජොබ් එකක් හොඳට deliver කරොත් එතනින් එහාට එන Jobs කෙලින්ම ඔයාටම එන්න තියන අවස්ථාව වැඩි. මේ විදිහට clients ලා කීප දෙනෙක් හදාගත්තොත් තමන්ට කරන්න හැමදාම වැඩ තියනවා Jobs හොයා හොයා පස්සෙන් යන්න ඕන නෑ වගේම තව වැඩ පුළුවන් කීප දෙනෙක් දාලා පොඩි company එකක් වුනත් පටන්ගන්න පුළුවන්.

99 Designs
99 Designs කියන්නේ ග්‍රැෆික් කරන අයට ගොඩක් හොඳ සයිට් එකක්. 99 Designs වලදී වෙන්නේ client තමන්ට ඕන කරන දේ කියලා open contest එකක් විදිහට දාන එක. client දෙන deadline එකට කලින් තමන්ගේ design එක හදලා submit කරන්න ඕන. තරගකාරී බව වැඩි නිසාම contest එකක් දිනන එක ලේසි වැඩක් නෙවෙයි. හැබැයි තමන්ගේ හැකියාව ගැන විශ්වාසයි නම් මහන්සි වෙලා කරනවා නම් 99 Designs වල contest එකක් දිනන එක අමාරු නැහැ. කොහොම වුනත් logo design එකකට වුනත් අඩුම ගානේ $200 කට වඩා වැඩියෙන් හම්බ වෙනවා. Web Design එකක් නම් $1000 කට වඩා ගන්න පුළුවන්. ඇත්තටම බැලුවොත් Fiverr වල ලෝගෝ 40ක් හදලා හොයන ගාන එකකින් හොයන්න පුළුවන්. කොහොම වුනත් 99 Designs වල තියන අවාසිය තමයි client ගේ තීරණය අවසන් තීරණය වෙන එක සමහරවිට ගොඩක් මහන්සි වෙලා කරන design අතරෙන් වැඩි ලස්සනක් නැති සාමාන්‍ය design එකක් client තෝරාගන්න ඉඩ තියනවා. ඒක නිකන් හැකියාව එක්ක වාසනාවත් බලපානවා වගේ දෙයක්. මීට අමතරව තවත් design contest තියන sites කීපයක් තියනවා. පහලින් තියන ලින්ක් එකෙන් ගිහින් බලන්න. ප්‍රශ්ණ තියනවානම් inbox කරන්න පුළුවන් විදිහට reply කරන්නම්. 

Share කරලා කරලා සහයෝගය දෙන්න >>

Related Posts:

No comments:

Post a Comment

Popular Posts

random post

  • SIKEMEI A1 Smart Watch Unbox Review sinhalen
    04.04.2018 - 0 Comments
    මෙන්න යාලුවනේ apple watch එක වගේම අඩු මුදලට තියෙන smart watch එකක් . ඒ ගැන සම්පුර්ණ විස්තරය මෙන්න. මේකට…
  • hide photos and videos without using any other App in Android
    18.07.2017 - Comments Disabled
    hide photos and videos without using any other App in Android how to hide image how to hide videos in…
  • programming මුල ඉදන් ඉගෙන ගන්න ලේසිම විදියක්
    31.03.2018 - 0 Comments
    ඔන්න යාලුවනේ ගොඩක් දවසකින් පොස්ට් එකක් දාන්නේ. programming කියන්නේ ඉතින් ගොඩක් ලොකු පරාසයක විහිදුනු දෙයක්.…
  • CCTV camera review in sinhala
    02.07.2017 - Comments Disabled
    CCTV camera review sinhalen , CCTV camera price in sri lanka, CCTV sinhalen,  CCTV price in sri…
  • best blogger template
    23.02.2016 - Comments Disabled
    යාලුවනේ මට නියම සුපිරි template එකක් හම්බුනා . මේක හෙන ලස්සනයි.templete එක ගන්න මේක ඔබන්න.මේ templete දාල මන්…

Contact Form

Name

Email *

Message *