චන්ද්‍රයා තම කක්ෂය ඔස්සේ පෘථිවිය වටා භ‍්‍රමණය වන විට එහි මූණත විවිධ හැඩයන් වලින්
දක්නට ලැබෙනවා. සඳෙහි කලා ඇතිවීම යනුවෙන් මෙය අප හඳුන්වනු ලබනවා. සෑම විටම
චන්ද්‍රයාගේ එක් අර්ධයකට පමණක් සූර්යාලෝකය ලැබෙන අතර මෙය හරියටම පෘථිවියේ එක්
අර්ධයකට දිවාකාලය ලැබෙන විට අනෙක් අර්ධයට රාති‍්‍රය ලැබෙන ආකාරයට සමානයි. චන්ද්‍රයාගේ
කලා ඇතිවීම එහි අර්ධයකට ඕනෑම අවස්ථාවක ලැබෙන සූර්යාලෝකය කොපමණ ද යන්න මත රඳා
පවතිනවා. නව සඳ යනුවෙන් හැඳින්වෙන කලාවේදී එහි පෘථිවියට ආසන්න අර්ධය සම්පූර්ණයෙන්ම
අඳුරු වී තිබෙනවා. සතියකට පසු සඳ දෙස බලන විට එහි දකුණු පස දීප්තියෙන් ආලෝකමත් වී
තිබෙන අයුරු දැකගත හැකිය. එය පුර පක්ෂය වශයෙන් හඳුන්වනු ලබනවා. තවත් සතියකට පසු
සම්පූර්ණ චන්ද්‍රයාම දීප්තියෙන් බබලන අයුරු දැකගත හැකියි. එය පුර පසළොස්වක යනුවෙන්
හඳුන්වනවා. තවත් සතියකින් පසු එහි වම් පස ආලෝකමත් වී තිබෙන අයුරු දැක ගත හැකි අතර එය
අව පක්ෂය යනුවෙන් හඳුන්වනු ලබනවා. නැවත සතියකින් එය සම්පූර්ණ අඳුරු ස්වභාවයට පත්වෙයි.
මෙම සම්පූර්ණ කි‍්‍රයාවලිය සිදුවීමට ගතවන කාලය චන්ද්‍ර මාසයක් යනුවෙන් හඳුන්වනවා.
සූර්ය ග‍්‍රහණ සහ චන්ද්‍රග‍්‍රහණ ඇතිවීමපෘථිවියේ සහ චන්ද්‍රයාගේ භ‍්‍රමණයන් හේතුවෙන්
සමහර අවස්ථා වල සූර්යයා සහ පෘථිවිය අතරට චන්ද්‍රයා පැමිණෙනවා. එවැනි අවස්ථාවලදී
චන්ද්‍රයාගේ සෙවණැල්ල පෘථිවියේ යම් කොටසකට පතිත වෙනවා. තවත් ආකාරයකින් කියතොත් මේ
හේතුවෙන් පෘථිවියෙ වෙසෙන අපට සූර්යයා සම්පූර්ණයෙන්ම හෝ අර්ධ වශයෙන් නොපෙනී යනවා.
සූර්යයා සම්පූර්ණයෙන් නොපෙනී ගියවිට එය පූර්ණ සූර්ය ග‍්‍රහණයක් වශයෙන්ද, සූර්යයා අර්ධ
වශයෙන් නොපෙනී ගිය විට එය අර්ධ සූර්යග‍්‍රහණයක් වශයෙන් ද හඳුන්වනු ලබනවා. පූර්ණ
සූර්යග‍්‍රහණයක් ඇති වූ විට පොළොව රාති‍්‍රය මෙන් අඳුරු වෙනවා. ඉහත ආකාරයටම සූර්යයා සහ
චන්ද්‍රයා අතරට පෘථිවිය පැමිණ ඒවා එකම රේඛාවක පිහිටන අවස්ථාවකදී සූර්ය කිරණ පෘථිවියට
වැටීමෙන් ඇති වන පෘථිවියේ සෙවණැල්ල චන්ද්‍රයා මතට වැටී එය නොපෙනී යනවා. මෙම කි‍්‍රයාවලිය
චන්ද්‍රග‍්‍රහණයක් ලෙස හඳුන්වනවා. “හඳ රාහු ගිලිනවා” යනුවෙන් හඳුන්වන්නේ මෙම කි‍්‍රයාවලියයි.
වඩදිය බාදිය (උදම් රළ) ඇතිවීමපෘථිවියේ ගුරුත්වාකර්ෂණ ශක්තිය මෙන් 1/6 ගුණයක් ප‍්‍රබල
ගුරුත්වාකර්ෂණ බලයක් චන්ද්‍රයා සතුව පවතිනවා. නමුත් පෘථිවියේ ඇති සාගර ජලයේ උදම්
ඇතිවීමට තරම් මෙම ගුරුත්වාකර්ෂණ බලය ප‍්‍රබලත්වයකින් යුක්ත වෙනවා. පෘථිවියේ එක් පැත්තක්
සඳට මුහුණලා සිටින විට සඳේ ගුරුත්වය නිසා සාගර ජලය ඉහළට එසවෙනවා. පෘථිවියේ මඳ චලනයත්
සමඟ චන්ද්‍රයාගේ ගුරුත්ව බලපෑම ඇති වූ විට පොළොවේ ඈතින් පිහිටි පැත්තේ ජල ස්කන්ධයට එහි
බලපෑම එල්ල වීමෙන් වඩදිය ඇතිවෙනවා. ඒ අතර අනෙක් පැත්තේ මුහුදු මට්ටම පහළ බැසීම
සිදුවෙනවා. එවිට එය බාදිය යනුවෙන් හැඳින්වෙනවා. පෘථිවිය භ‍්‍රමණය වන විට ලෝකය වටාම
සාගර වල මේ ආකාරය වඩදිය - බාදිය ඇතිවීම සිදුවෙනවා.
චන්ද්‍රයාගේ උපතචන්ද්‍රයාගෙන් ලබාගත් පාෂාණ වලින් සිදුකරන ලද ගණනය කිරීම් අනුව එහි වයසවසර බිලියන 4.6 ක් පමණ වනුුඇතැයි අනුමාන කෙරෙනවා. අපගේ පෘථිවිය ඇතුළු සෞර ග‍්‍රහ
මණ්ඩලයත් මේ තරම්ම වයස වන්නට ඇතැයි විද්‍යාඥයින්ගේ විශ්වාසයයි. අභ්‍යවකාශ ගවේෂණයේ
නූතන යුගය එළඹෙන්නට පෙර, විද්‍යාඥයින් විසින් චන්ද්‍රයාගේ උපත පිළිබඳව ප‍්‍රධාන සිද්ධාන්ත
තුනක් ඉදිරිපත් කර තිබුණා. පෘථිවියේ ළදරු අවස්ථාවේදී එය ද්‍රව තත්වයේ පවතින විට, එහි
භ‍්‍රමණය නිසා ඉවතට විසිවී ගිය ද්‍රව්‍ය වලින් චන්ද්‍රයා සෑදෙන්නට ඇතැයි යන්න එක් මතයක්. මේ
පිළිබඳව ඇති තවත් මතයක් වන්නේ සූර්ය නිහාරිකාවකින් එක් වරම පෘථිවිය හා චන්ද්‍රයා බිහිවන්නට
ඇති බවයි. එසේ බිහිවූ චන්ද්‍රයා පෘථිවියේ ගුරුත්වාකර්ෂණය මගින් අල්ලා ගන්නට ඇති බව
විද්‍යාඥයින් වැඩිදුරටත් පවසා සිටිනවා. නමුත් 1975 දී පමණ ඉදිරිපත් වූ තවත් සිද්ධාන්තයකින්
කියවුණේ පෘථිවිය, තවත් එවැනිම විශාල වස්තුවක් සමඟ ගැටීමෙන් ඉවතට විසි වී කැබලි මගින්
චන්ද්‍රයා උපත ලබන්නට ඇති බවයි. පෘථිවිය හා ගැටුණු මෙම වස්තුව බුද ග‍්‍රහයා තරම් විශාල
වන්නට ඇතැයි මුලින් උපකල්පනය කර තිබුණත් 1997 දී ඇමරිකානු විද්‍යාඥයින් පිරිසක් පරිගණක
ආශ‍්‍රයෙන් සිදු කරන ලද පර්යේෂණවලට අනුව එම ග‍්‍රහ වස්තුවේ විශාලත්වය බුද ග‍්‍රහයා මෙන්
අඩුම වශයෙන් 2.5 ගුණයක් හෝ 3 ගුණයක් විශාල වන්නට ඇති බව සොයාගෙන තිබෙනවා. මෙය
ඝට්ටන වාදය ලෙස හඳුන්වන අතර චන්ද්‍රයාගේ උපත සම්බන්ධයෙන් වර්තමානයේ වඩාත්ම පිළිගත්
මතය වන්නේ ද මෙයයි. එහෙත් විද්‍යාඥයින් තවදුරටත් මේ පිළිබඳ කරුණු අධ්‍යයනය කිරීමේ නිරතව
සිටිනවා. පෘථිවියේ මෙන් චන්ද්‍රයා මත චුම්භක ක්‍ෂේත‍්‍රයක් දක්නට ලැබෙන්නේ නැහැ. එහි ඇත්තේ
ඉතාමත් දුර්වල චුම්භක ක්‍ෂේත‍්‍රයක්. ඒවාත් සමහර ස්ථානවල පමණක් පිහිටා තිබෙනවා. එමෙන්ම
චන්ද්‍රයාට වායුගෝලයක්්ද පිහිටා නැහැ. මේ නිසා සූර්ය කුණාටු වලට, ග‍්‍රාහක ඝට්ටනයන් වලට
චන්ද්‍රයාගේ මතුපිට එක එල්ලේම විවෘතව පවතිනවා. මේ හේතුව නිසා චන්ද්‍රයා මතුපිට අධික
ආවාට ප‍්‍රමාණයක් ද දක්නට ලැබෙනවා.
මංජුල දිසානායක