Dont forget your android google account password

මේක ඇත්තටම මන් ලියපු post එකක් නෙමේ. fb දාල තිබ්බ දැක්කා. එක වැදගත් වගේ හිතුන නිසා දැම්මා. එහෙනම් කියවලම බලන්නකෝ යාලුවනේ.

සමහරු Group එකේ දාන post දැක්කම පව් කියලා හිතෙනවා. මේ කියන්නෙ ගොඩක් දෙනා ඉල්ලන් කන තැනක් ගැන 
ගොඩක් අය පාවිච්චි කරන්නෙ Android නේ. ඒ නිසා Android වලින් පටන් ගමු. ඔයාලා අළුතෙන් phone එකක් ගෙනාවම ඒකට දාන Google account එක ගැන ටිකක් හිතන්න. සමහරු දන්නෙ නැති උනාට ඒ account එක තමයි phone එකේ හැමදේම වගේ කරන්නෙ. Google account එකත් එක්ක ඔයාලට ලැබෙන පහසුකම් ගොඩක් තියනවා. Gmail, Google drive, Hangouts, Google play games, Google play store, Google play movies වගේ.
ගොඩක් දෙනා කරන්නෙ මෙහෙමයි 
අළුතෙන් phone එකක් ගේනවා. ඒක charge කරනවා. SIM එක දානවා. Net settings හදලා, net connect කරනවා. Play store වලට යනවා. එතනදි ගොඩාාාක් අය අළුතෙන් Google account එකක් හදනවා. ඒක හදද්දි දාන Gmail එකවත් password එකවත් මලාට මතක තියාගන්නෙ නෑ. ටික දවසක් phone එක පාවිච්චි කරාම මොකක් හරි හේතුවක් නිසා phone එක reset කරන්න වෙනවා. ඉස්සර නන් අවුලක් නෑ. Settings වලට ගිහින් reset කරා. එච්චරයි. ඒත් අළුතෙන් එන phone වල එහෙම බෑ. අළුතෙන් කිව්වෙ 2015 අවුරුද්දෙ වගේ ඉඳන්. Phone හදන company වල අවදානය ඕක ගැන යොමු උනේ ඒ කාලෙ. මොකද කවුරුහරි කෙනෙක් ඔයාලගෙ phone එක හොරකම් කරොත් ඒක reset (soft or hard) කරලා පාවිච්චි කරන්න පුළුවන් නිසා. ඉතින් එයාලා ඒකට පිළියමක් හඳුන්වලා දුන්නා. ඒකෙන් වෙන්නෙ ඔයාලා phone එක reset කරාට ආයි phone එක පාවිච්චි කරන්න නන් කලින් දාලා තිබබ Gmail එකයි password එකයි ඉල්ලනවා. අන්න එතනදි ගොඩක් අය හිරවෙනවා. මොකද කලින් දාලා තිබ්බ Google account එක මතක නැති නිසා. ඊට පස්සෙ මෙතන ඇවිත් post දානවා "මචං phone එක reset කරන්න ගිහින් කෙළ උනා. උදව් කරපන්කො" කියලා.
මේක අවුලක් නෙමෙයි. Security feature එකක්. මෙතනදි ඔයාලා WiFi හරහා කලින් දාපු Google account එකට log උනා නන් හරි. ඒත් සමහරුන්ට Gmail එකවත් මතක නෑ. සමහරුන්ට Gmail එක මතක තිබ්බට password මතක නෑ. එහෙම අයට forget password වලින් ගිහින් සමහරවිට ගොඩදාගන්න පුළුවන්. ඒත් details ගොඩක් ඕන.
හිතන්න ඔයාට Gmail එකවත් මතක නෑ කියලා. එතනදි Samsung (FRP) වල නන් අපිට stock rom එක flash කරොත් හරි. ඒත් Sony වල එහෙම බෑ. මොකද Sony වල තියන My Xperia කියන්නෙ bootloader based system එකක්. එතනදි අපි අනිවාර්‍යයෙන්ම Google account එකට log වෙන්න ඕන. නැත්තන් OS එක boot වෙන්නෙ නෑ.
තව Apple iPhone වල තියනවා icloud lock 🔐. ඒක තමයි දැනට ලෝකෙ phone එකකට තියන හොඳම security system එක. දෙවෙනියට හොඳම එක තමයි My Xperia Theft Protection. Icloud lock 🔐 වලදිත් icloud setup කරන්න දීපු Email එකයි password එකයි මතක නැත්තන් බඩු බනිස් වෙනවා. මම දන්න විදියට icloud lock කඩන්න බෑ. Without lost mode නිසා සමහරවිට පුළුවන් ඇති. මම හරියටම දන්නෙ නෑ 😕😕
කොහොම හරි මට කියන්න ඕන මෙච්චරයි 😊
ඔයාලගෙ phone එක Apple උනත් Android උනත් ඔයාලා phone එක setup කරන්න දෙන Email එකයි password එකයි අනිවා මතක තියාගන්න. මතක හිටින්නෙ නැත්තන් ඩයරියක හරි ලියලා තියාගන්න. ගෙවල් වලට පනින හොරු උඹලගෙ ඩයරි අවුස්සලා බලන්නෙ නෑනෙ. නැත්තන් පස්සෙ බොරුවට phone shop ගානෙ දුවලා කට්ට කන්න වෙනවා
කියපු දේ හැමෝටම පැහැදිලි ඇති කියලා හිතෙනවා. මට පුළුවන් තරම් සරලව ඔය දැම්මෙ.එහෙනන් හැමෝටම සුභ දවසක්

Share කරලා කරලා සහයෝගය දෙන්න >>

Related Posts:

Popular Posts

random post

  • Old messenger apk
    09.06.2016 - Comments Disabled
    සමහර අයට අලුත් messenger app එක කරදරයක් මොකද එකේ fb call ගන්න පුළුවන්නේ. සමහර අයට කියන්නේ ඉතින්…
  • Mini Clip Fan review in sinlala
    02.07.2017 - Comments Disabled
    මෙන්න 3 විදියකට භාවිතා කරන්න පුළුවන් fan එකක්. Mini Clip Fan price in sri lanka , Mini Clip Fan…
  • Bad Piggies-android game
    30.12.2015 - 0 Comments
    මේ ගේම් එකේ කරන්න තියෙන්නේ වාහන හදන්න. ඔයාලට මතකද angry bird එකේ ඉන්න කොළ පාට bad pig ලව. එයාල තමා අපි හදන…
  • Gearbest sinhala review
    12.05.2018 - 0 Comments
    මෙන්න යාලුවනේ අඩුවට භාණ්ඩ මිලදී ගන්න පුළුවන් නියම තැනක්. මේ දවස් වල discount ගොඩක්…
  • how to unlock android device without password or pattern lock
    22.07.2017 - Comments Disabled
    #Pattern_lock එක හරි  #Password එක හරි අමතක වෙච්ච phone එකක data ලොස්ට් කරගන්නේ නැතුව #Lock එක අරින…

Contact Form

Name

Email *

Message *