How to use hangouts correctly


hangouts iconඔන්න යාලුවනේ අද මන් කියන්න යන්නේ all in one messaging app එකක් ගැන.අපි සාමාන්යෙන් විවිධ
ආකාරයේ messaging app කියපයක් අපේ android phone එකේ ඉන්ස්ටල් කරලා තියෙනවා. SMS යවන්න වෙනම app එකක්, viber, whatsapp, email යවන්න තවත් app එකක්, social media chat app( උදා:FB messenger,G+,). දැන් මන් කියන්න යන app එකේ මේ හැම ගති ලක්ෂණයක්ම තියෙනවා. ඒ තමයි hangouts. google hangouts

මේ app එක ඔයාගේ 4න් එකේ දැනටමත් තියෙනවා. සමහර විට ඔය මේක බාවිතා කරලවත් නැතුව ඇති. එත් මේක ගොඩක් වටිනා app එකක්. මොකද මන් ඉස්සෙල්ලා කියපු හැම app එකකම ගතිගුණ
මේ hangouts වලට තියෙනවා.
ඒ කියන්නේ

  1. ඔයාගේ SMS app එක විදියට මේක set කරන්න පුළුවන්.
  2. viber,whatsapp වගේ ඔයාගේ දුරකථන අංකය යොදාගෙන msg කරන්න පුළුවන්
  3. gmail යැවීමේ හැකියාව තියෙනවා
  4. google+ messaging app එක විදියට use කරන්න පුළුවන්.
කරන්න බැරි එකම දේ තමයි FB messanger app එක විදියට use කරන්න බැරි එක. ඒ වෙනුවට තමයි G+ messaging ලබා දීලා තියෙන්නේ. 

මේක බාවිතා කිරීමේ වාසි තමයි එකම app එකක් මගින් කාර්යන් ගොඩක් කරගන්න පුළුවන් apps අතර මාරු වීමට අවශ්‍ය වන්නේ නැ.කාලය ඉතුරු වෙනවා. viber, whatsapp වගේ app ගොඩක් තියෙනකොට ඒවාට අපේ ram එක ගොඩක් වේය වෙනවා.එතකොට 4න් එක slow,stuck වෙන්න පුළුවන් ඒ වගේමbattry බලය ඉක්මනින් අඩු වෙනවා මේවා අපිට අඩු කරගන්න පුළුවන්

හරි අපි දැන් බලමු hangouts අපට අවශ්‍ය ආකාරයට settings හදන ආකාරය

hangouts හරහා SMS යැවීමට පහල screenshot අනුගමනය කරන්න. රතු පාටින් රවුම් කරලා තියෙන ඒවා ඔබන්න.
hangouts screenshot

hangouts screenshot

hangouts screenshot

hangouts screenshot

viber,whatsapp ආකාරයේ app එකක් ලෙස බාවිතා කිරීමට පහත පියවට අනුගමනය කරන්න.
hangouts screenshot
උඩ image එකේ නිල් පාටින් රවුම් කරලා තියෙන එක ඔබන්න.
hangouts screenshot
ඊටපස්සේ මේ වගේ එකක් එනවා. profile photo එකට ඔය කැමතිනම් එකක් දාගන්න.
යට මන් රතුපාටින් රවුම් කරලා තියෙන එක එබුවම පහල තියෙන එක එනවා. ඊටපස්සේ country එක srilanka තෝරලා 4න් නො එක ගහන්න .බින්දුව type කරන්න එපා. මේකත් viber වල 4න් නො එක add කරන විදියම තමා. ඊට පස්සේ ඔයාගේ 4න් එකට sms එකක් එයි. එකේ තියෙන නො එකේ මේකේ type කරලා next කරන්න.ඊටපස්සේ  උඩ පොටෝ එකේ නිල් පාටින් රවුම් කරල තියෙන තියෙන customize invites එක ඔබන්න.
hangouts screenshot

customize invites එබුවම පහල තියෙනවා වගේ එකක් එයි.එකේ මන් රතු පාටින් රවුම් කරලා තියෙන එක ඔබන්න
hangouts screenshot
ඊටපස්සේ can contact you directly කියන එක ඔබන්න.

hangouts screenshot
gmail යවන්න ඕනි නම් hangouts වලට ගිය ගමන් යටම තියෙන කොළ පට ධන ලකුණ ඔබන්න.ඊට පස්සේ new conversation ඔබන්න. ඊට පස්සේ gmail එක type කරන්න.G+ වලටත් ඒ විදියමයි.

හරි දැන් වැඩේ හරි. කොහොමද hangouts නියමයි නේද?එහෙනම් පහල තියෙන like button
 එකත් ඔබන්න ආ. හොදයි කියලා හිතෙනවනම් යාලුවන්තත් දැනගන්න share කරන්න. එහෙනම් අයෙත් මේ වගේම වැඩ කෑල්ලකින් හම්බෙමු. ජය වේවා.
Share කරලා කරලා සහයෝගය දෙන්න >>

how to find unknown phone number-dan nethi phone no ekak hoyaganna

unknown phone numberඔන්න යාලුවනේ මන් අද ඔයාලට කියල දෙන්න යන්නේ අදුනන් නැති 4n  number එකක් කාගේද කියල
හොයාගන්නේ කොහොමද කියලා. ඔයාල දන්නවනේ ඉතින් අදුනන් නැති number වලින් කොච්චර call ,msg එනවද කියල. මන් අද ඔයාලට ක්‍රම 3ක් කියල දෙනවා.

1.පලවෙනි ක්‍රමය තම viber හෝ messenger  වල ඒ නො එක තියෙනවද බලන්න. මේ දෙකේ add contact වලට ගිහින් දැන් නැති 4න් නො එක ගහල බලන්න. මේක ඔයාල දන්න දෙයක් නිසා ඒ ගැන මන් වැඩිදුර කියන්නේ නැ.
viber add contact screenshot
2.දෙවෙනි ක්‍රමය තමයි මේ නො එක යොදාගෙන fb account එකක් හදලා තියෙනවද බලන එක.
ඔයාගේ 4න් එකේ තියෙන මොකක් හරි browser එකකින් fb ගිහින් ඔය ලොග් ඉන් වෙලා තියෙනවනම් logout වෙන්න. ඊටපස්සේ forgot password ඔබන්න.

fb login page screenshot
ඊටපස්සේ පහල වගේ එකක් එයි. එකට 4න් නො එක ගහල shearch කරන්න. ඒ නො එකෙන් fb account එකක් තියෙනවනම් පෙන්නයි ඔයාලට.
fb forgot password page screenshot

හරි ඒ වැඩෙත් හරි ගියේ නැති උනොත් අපේ 3 වෙනි පියවරට යන්න වෙනවා. මේක බොහෝ දුරට හරියන ක්‍රමයක් අපි මේකට වෙනම වෙබ් අඩවියක් බවිත කරනවා.  මේ වෙබ් අඩවියේ ලෝකේ ඉන්න පුදගලයන්ගේ contact infomation ගබඩා කරලා තියාගෙන ඉන්නවා. 
3. වෙබ් site එක තමා www.truecaller.com
truecaller screenshot


මේකට ගියාම උඩම ලොකු search bar එකක් පෙනෙයි. එකේ දැන් නැති නො එක ගහන්න. මුලට බින්දුව ගහන්න එපා. ඒ වගේම වම පැත්තේ srilanka(+94) තෝරන්නත් ඕනි. ඊට පස්සේ search button එක ඔබන්න. ඔයා search කරපු නො එක එයාලගේ database එකේ තියෙනවනම් ඔයාලට පෙන්නයි. නැත්තන් sorry තමා.

මෙයාලගේ android app එකත් තියෙනවා. එක ගන්න මේක ඔබන්න මේක ගත්තොත් ලොකු වාසියක් තියෙනවා මොකද දන්නවද අපි දන්නේ නැති නො එකකින් call එකක් එනකොටම එක truecaller database එකේ තියෙනවනම් එයාගේ නම් වැටෙනවා. කොහොමද වැඩේ පට්ට නේද. සමහර වෙලාවට කතා කරන කෙනාගේ පොටෝ එකක් පෙන්න්නන්නත් පුළුවන්
truecaller app screenshot
උඩ තියෙන්නේ ඒ වගේ අවස්ථාවක්. මන් හිතනවා අද කියල දුන්න දේ ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා. එහෙනම් යාලුවන්ටත් දැනගන්න ස්හරේ කරන්න. පහල තියෙන like button එකත් ඔබන්න.
එහෙනම් අයෙත් මේ වගේ සුපිරිම වැඩ කෑල්ලකින් හම්බෙමු.ජය වේවා.
Share කරලා කරලා සහයෝගය දෙන්න >>

Find My lose Phone නැතිඋන phone එකක් හොයාගන්න

find lose mobile ඔන්න යාලුවනේ අද මන් කියල දෙන්න යන්නේ ඔයාගේ 4n එක හොරකම් කරොත් මොකද කරන්නේ
කියලා. මන් කලින් කියල දුන්නා smart 4n වලින් sim tracker , google device manager වගේ දේවල යොදාගෙන කොහොමද 4n එක හොයාගන්නේ කියලා. එක බැලුවේ නැත්තන් මේක ඔබල බලන්න.
දැන් මන් කියන්නේ ඕනෑම 4n එකක් නැතිඋනොත් කොහොමද හොයා ගන්නේ ලංකාවේ දැනට තියෙන නිතිය උපයෝගී කරගෙන කියලා. මේකට ලංකාවේ තියෙන ආයතනය තමයි විදුලි සංදේශ නියාමන ආයතනය. TRC කියන්නේ මේකට තමයි.
find lose mobile

ඔය මුලින්ම කරන්න ඕනි පොලිසියේ ඇන්ට්‍රියක් දන්නා ඕනි ඔයාගේ 4n එක නැතිඋනා කියලා.
ඊටපස්සේ ඒ ඇන්ට්‍රියේ copy එක අරන් TRC එකට යන්න ඕනි. නැත්තන් ලිවුමකින් යවන්න පුළුවන් email කරන්න පුලවන්. පන් පල්ලෙහා දල තියෙන්නේ TRC එකේ විස්තර ටික.

TRCSL - General Contact 
Telecommunications Regulatory Commission,
No. 276, Elvitigala Mawatha,
Colombo 08,
WP, Sri Lanka.
Email : dgtsl@trc.gov.lk

Phone : +94 11 2689345

Website : www.trc.gov.lk

4n එක හොයාගන්න නම් ඔයාගේ 4n එකේ imei no එක ඕනි වෙනවා..එක නිසා 4n එක නැති වෙන්න කලින් imei no එක කොහේ හරි ලිය ගත්තොත් හොදයි. imei එක ඔයාගේ 4n එකේ පෙට්ටියේ ගහල තියෙනවා. නැත්තන් *#06#  dial කරලා හොයාගන්නත් පුළුවන්. imei no එක දන්නේ නැ කියල බයවෙන්න එපා. 4n එකේ ඔය අන්තිමට බාවිතා කරපු sim එකේ no එක දුන්නම එයාලට imei no හොයාගන්න පුළුවන්.
ඒ වගේම ඔයාගේ ජාතික හැදුනුම්පත ඕනි වෙනවා ඒ සිම් එක ඔයගෙමයි. කියල හොයාගන්න. sim tracker වගේ ක්‍රමයකින් 4n එක හොරකම් කරපු පුගලයාගේ යම් විස්තරයක් දෙන ගත්තනම් ඒවත් මෙයාලට දුන්නම ටක් ගාල 4න් එක හොයා ගන්න පුළුවන්.
check imei

4න් එක හොයා ගන්න නම් අපේ 4න් එකට ලංකාවේ සිම් එකක් දානකන් ඉන්න වෙනවා. මොකද TRC එකෙන් ලංකාවේ service providers(airtel,dialog,mobitel,etisalat,hutch) ලට කියනවා මෙන්න මේ imei no එකෙන් තියෙන 4n එක නැති උන 4න් එකක් මේ 4n එක ඔයාලගේ sim එකක් දල තියෙනවනම් අපිට කියන්න කියලා. ඊටපස්සේ service providers ලා බලනවා මේ imei නො එක එයාලගේ sim service එක යටතේ තියෙන එකක්ද කියල. එයාල ගාව තියෙනවනම් හොරකම් කරපු පුද්ගලයාගේ details ටික TRC එකට යවනවා . ඊටපස්සේ TRC එකෙන් ලංකාවේ පොලිසියට යවනවා. ඊට පස්සේ පොලිසියෙන් ඒ හොරට දැනුම්දීමක් කරනවා පොලිසියට එන්න කියලා. ඊට පස්සේ ඔයාලගේ 4n එක ඔයාලගේ අතටම හම්බෙනවා.
බලන්නකෝ ලංකාවේ පොලිසිය කොච්චර හොදද කියලා.
find lose mobile

තව දෙයක් කියන්න තියෙනවා. ඔයාල පාවිච්චි කරපු 4n එකක් ගන්නකොට සැලකිලිමත් වෙන්න ඕනි මේක හොරකම් කරපු එකක්ද නැති උන 4න් එකක්ද කියලා. මොකද අන්තිමේදී හොර විදියට අහුවෙන්නේ ඔයාව තමයි.
හරි එහෙනම් මන් හිතනවා අද පොස්ට් එක ඔයාලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා.එහෙනම් පහලින් like එකක් දාලා යාලුවන්ටත් දැනගන්න share කරන්න. අහෙනම් අයෙත් මේ වගේම වැඩ කෑල්ලකින් හමුවෙමු. ජයවේවා.
මේ post එක facebook මගින් යාළුවන්ට share කිරීමට මෙතන click කරන්න
මේ post එක whatsapp මගින් යාළුවන්ට යැවීමට මෙතන click කරන්න
මේ post එක viber මගින් යාළුවන්ට යැවීමට මෙතන click කරන්න



Share කරලා කරලා සහයෝගය දෙන්න >>

How to send app to other phone

apk share app iconඔන්න අද මන් කියල දෙන්න යන්නේ අපේ android phone එකේ එකේ install කරලා තියෙන app එකක් කොහොමද වෙන phone එකකට යවන්නේ කියලා. අපි ලග apk file එක තියෙනවනම් එක යැව්වම අනිත් 4n එකේ ඒ app එක install කරන්න පුළුවන්. එත් අපි playstore එකෙන් ගන්න app වල apk එක අපි ලග නැනේ. දැන් තව කෙනෙක් කියයි superbeem app එකෙනුත් app යවන්න පුළුවන්නේ කියල ඔව් එකෙනුත් යවන්න පුළුවන්. නමුත් එකෙන් යවන්න පුළුවන් phone එක අපි ගත්තට පස්සේ දාපු apps විතරයි. (කාටහරි superbeem download කරන්න ඕනි නම් මේක ඔබන්න.)  මන් මේ කියන app එකෙන් system app පවා යවන්න පුළුවන් . ඒ කියන්නේ call, message,keybord,drivers වගේ දේවල්. ඒ විතරක් නෙමේ මේ app එක යවන්න අපිට ඕනි ක්‍රමයක් බවිත කරන්න පුළුවන්. bluetooth,superbeem,viber,whatsapp, මේ වගේ ඕනි ක්‍රමයකට. එහෙනම් පහල තියෙන How to send app to other phone කියන ලින්ක් එක ඔබලා download කරගන්න


How to send app to other phone


app එකට ගිය ගමන් මේ වගේ එකක් එයි . එක close කරන්න. නිල් පට button එක ඔබන්න.
apk share app screenshot
ඊට පස්සේ ඔයාගේ දැනට ඉන්ස්ටෝල් කරලා තියෙන app ටික පෙන්නයි.
apk share app screenshot
system app ටික ඕනි  නම් උඩ තියෙන show system app කියලා තියෙන එකට වම පැත්තේ පොඩි කොටුවක් තියෙන්නේ එක ඔබන්න. 
apk share app screenshot
ඊටපස්සේ ඔයාට යවන්න ඕනි app එකක් උඩ ඔබල යට තියෙන send කියන එක ඔබන්න. 
apk share app screenshot
ඊටපස්සේ මේ විදියට ඔයාලගේ සුපුරුදු share window එක එයි. ඔයාට ඕනි විදියට දැන් app එක යවන්න පුළුවන්. කොහොමද වැඩේ පට්ට නේද. එහෙනම් පහලින් like එකක් දල අපේ page එකට set වෙන්න. එහෙනම් ජය වේවා

 
Share කරලා කරලා සහයෝගය දෙන්න >>

A/L general test past papers 2014

ඔන්න අද මන් අරගෙන අවේ මේ පාර A/L ලියන අයට වැදගත් වෙන දෙයක්. 2014 පොදු පරීක්ෂණ ප්‍රශ්න පත්තරේ තමයි මේ. උත්තර ටිකත් තියෙනවා. මුලින්ම තියෙන්නේ උත්තර ටික
A/L general test past papers 2014 answers
මේ තියෙන්න ප්‍රශ්න පත්තෙර්..ඔය යටින් ඉරි ගහලා තියෙන්නේ හරි ඒවාට නෙමේ ඇ. උඩ තියෙන පොටෝ එකේ තමයි හරි උත්තර ටික තියෙන්නේ.
A/L general test past papers 2014

A/L general test past papers 2014

A/L general test past papers 2014

A/L general test past papers 2014

A/L general test past papers 2014

A/L general test past papers 2014

A/L general test past papers 2014

A/L general test past papers 2014


Share කරලා කරලා සහයෝගය දෙන්න >>

new prisma app for android

ඔන්න යාලුවනේ android වලට prisma app එක නි‍ල වශයෙන් නිකුත් වෙලා තියෙනවා. මන් කලින් දුන්න
beta එක මුලින් වැඩ කර නමුත් පස්සේ වැඩ කරේ නැ. මොකද prisma ආයතනය තාවකාලිකව android සදහා නැවැත්තුව මේ app එක. මොකද හිතා ගත නොහැකි පිරිසක් මේ app එක download කරලා බාවිතා කරන්න පටන් ගත්තා.

අලුත් prisma app එක play store එකෙන් ගන්න ඕනි අය මේක ඔබන්න.

prisma apk එක download කරන්න ඕනි අය මේක ඔබන්න.

එහෙනම් නැවතත් මේ වගේම app එකකින් සෙට් වෙමු. ඔයාගේ අනිත් android යාලුවන්ටත් දැනගන්න share කරන්න. ජය වේවා.

Share කරලා කරලා සහයෝගය දෙන්න >>

find lose phone by using google device manager

google device manager iconඔන්න යාලුවනේ අද මන් කියල දෙන්න යන්නේ නැති උන 4n එකක් හොයාගන්න තවත් ක්‍රමයක්. මේක මන්
කලින් කියල දුන්න වගේ සාර්ථක ක්‍රමයක් නෙමේ. කලින් ක්‍රමය බැලුවේ නැත්තන් මේක ඔබලා බලන්න. අද කියල දෙන්න යන්නේ google device manager මගින් කොහොමද කරන්නේ කියලා. මේක කරන්න නම් ඔයාගේ 4n එක sign කරලා තිබ්බ google account එකේ password ඕනි වෙනවා. ඒ වගේම නැති උන 4n එකේ data on වෙන්නත් ඕනේ.
මුලින්ම කරන්න තියෙන්නේ ඔය ගාව තියෙන වෙන 4n එකකින් හරි computer එකකින් හරි device manager site එකට යන්න ඕනේ.

google device manager එකට යන්න මේක ඔබන්න.


ඊට පස්සේ gmail එකී password එකී ගහලා log වෙන්න. 4n එක sign වෙලා තිබ්බ gmail එක තමා දාන්න ඕනි හරිද. ඊට පස්සේ මෙහෙම එකක් එයි.
google device manager screenshot
map එකක් එක්ක සුදු පාට කොටුවක් එයි මේ වගේ..
google device manager screenshot
මේකේ මන් රතු පාට කරලා තියෙන එක එබුවාම 4n එක දං කොහෙද තියෙන්නේ කියල පෙන්නනවා. නමුත් එකට අනිවරෙන් 4n එකේ data on වෙලා තියෙන්න ඕනේ. ඔයාලට පේනවා ඇති ring, lock, erase කියල option 3 ක් . ring කියන එක එබුවාම 4n එක උපරිම සද්දෙන් ring වෙනවා. lock කියන එක තමා අපිට ගොඩක් වැදගත් වෙන්නේ, මොකද මේකෙන් lock කරොත් ඒ 4n එකේ data on කරපු ගමන් lock වෙනවා. 
google device manager screenshot
ඊට පස්සේ මේ වගේ එකක් එයි.New Password ,Confirm password මේ දෙකට ඔයාට කැමති password එකක් දෙන්න. Recovery message එකට මොකක් හරි දුන්නොත් නැති උන 4n එකේ screen එකේ මේ message එක පෙන්නනවා.ඔයාගේ 4n එක හොයාගන්න කෙනාට මොකක් හරි පණිවිඩයක් දෙන්න ඕනි නම් එක මෙතන දාන්න. 
ඊට පස්සේ Phone number කියන එකට දැනට ඔයා ගාව තියෙන 4n එකක number එකක් දෙන්න. මේකටත් අනිවරෙන් no එකක් දෙන්න. එහෙම කරොත් 4n එකේ screen එකේ call owner කියලා button එකක් එනවා. එතකොට ඔයාගේ 4n එක හොයාගන්න කෙනාට පහසුවෙන් ඔයාට call එකක් ගන්න පුළුවන්. 
google device manager screenshot
එහෙනම් ජය වේවා. අයෙත් මේ වගේම වැඩ කෑල්ලකින් සෙට් වෙමු. යාලුවන්ටත් දැනගන්න ස්හරේ කරන්න. 

Share කරලා කරලා සහයෝගය දෙන්න >>

sim tracker for samsung android phone

ඔන්න මන් අද කියල දෙන්න යන්නේ android phone එකක් නැතිඋනොත් හොයා ගන්න විදිය. අද නම් කියල
දෙන්න වෙන්නේ samsung ගැන.ඊලග post එකෙන් අනිත් phone ගැන බලමු. ක්‍රම ගොඩක් තියෙනවා මුලින්ම sim tracker මගින් කොහොමද කරන්නේ කියල බලමු . phone එක නැතිඋනම මේ ක්‍රමේට හොයාගන්න නම් නැතිවෙන්න කලින් setting වලින් හදල තියෙන්න ඕනි. මේ ක්‍රමය ගොඩක් හොද ක්‍රමයක් මොකද කවුරු හරි අපේ 4n එක හොයා ගත්ත ගමන් කරන්නේ phone එක off කරලා sim එක මාරු කරන එක. අපි sim tracker දාල තිබ්බොත් ඒ දාපු sim එකෙන් අපිට sms එකක් එනවා. ඊට පස්සේ අපිට පුළුවන් එයාට call එකක් දීලා හරි නැත්තන් පොලිසියට දීලා හරි අපේ 4n එක හොයාගන්න. එහෙනම් අපි බලමු කොහොමද setting හදන්නේ කියලා.

මුලින්ම setting යන්න. ඊට පස්සේ පහල තියෙන රූපේ වගේ security කියන එක ඔබන්න.
samsung settings
ඊට පස්සේ පහල රූපේ තියෙන විදියට find my mobile යටතේ තියෙන sim change alert කියන එක ඔබන්න.
samsung security settings
ඊට පස්සේ පහල තියෙන වගේ එකක් එයි. එහෙම එකක් එන්නේ දැනට samsung account එකක් ඔයාට තියෙනවනම්. තියෙනවනම් password එක ගහලා confirm ඔබන්න.
samsung security settings
එහෙම එකක් ආපු නැති අයට samsung account එකක් හදන්න වෙනවා. එයාලට sign up, join now,create new accout වගේ එකක් එයි පහල රූපේ වගේ. 
samsung account sign in screenshot
ඊට පස්සේ create new account කියන එක ඔබන්න . ඊට පස්සේ ඔයාගේ email එකයි ඔයාගේ විස්තර ටිකි දීලා හොද password එකකුත් දීලා හදන්න. එක කරන විදිය මන් කියන්න යන්නේ නැ. මොකද එක අමාරු දෙයක් නෙමේ. 
ඊට පස්සේ එයි පහල රූපේ වගේ එකක්
sim change alert screenshot
alert messege කියන එකට ඔයාට එන්න ඕනි messege එක type කරන්න. ඊට පස්සේ යටින් දාන්න ඕනේ අපිට sms එක එන්න ඕනි number එක. මේක තමා ඉතාම වැදගත් කොටස. එකට ඔයාගේ තව phone එකක් තියෙනවනම් එකේ no එක හරි ගෙදර කාගේ හරි no එකක් හරි දාන්න. උපරිම no 5 ක් දාන්න පුළුවන්. ඊට පස්සේ save කරන්න. දැන් වැඩේ හරි. අන්තිමට ඔය අනිවරෙන් බලන්න උඩ රූපේ තියෙන විදියට දකුණු පැත්තේ උඩම තියෙන කොළ පාට swicth එක on වෙලාද තියෙන්නේ කියලා. මන් හිතනවා මේ post එක ඔයාලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. එහෙනම් ඔයාලගේ යාලුවන්ටත් පෙන්න share කරන්න. ඔයාලට මොනවා හරි ප්‍රශ්න තියෙනවනම් පහල තියෙන comment box එකේ දාන්න . එහෙනම් ජය වේවා.

Share කරලා කරලා සහයෝගය දෙන්න >>

download prisma for android

download prisma for android
මේ app එක දැන් වැඩ කරන් නැ.අලුත් app එක ගන්න මේක ඔබන්න.

මෙන්න යාලුවනේ අද මන් ගෙනාවේ මේ දවස වල ගොඩක් ප්‍රසිද්ද prisma app එක . එක මෙච්චර කල්
තිබ්බේ apple වලට විතරයි. දැන් android වලටත් මේකේ beta version එක ඇවිල්ල තියෙනවා. එහෙනම් වැඩි කතා ඕනි නැ. පහල ලින්ක් එකෙන් ගිහින් download කර ගන්න. apple උන්ට ඇඩේන්නම share කරන්න ඇ.

download prisma for android


Share කරලා කරලා සහයෝගය දෙන්න >>

How To SMS in messenger App

messenger with smsඔන්න යාලුවනේ අද මන් කියල දෙන්නේ messenger app  එකෙන් කොහොමද sms  යවන්නේ කියලා.
මේකෙන් අපිට ලැබෙන වාසිය තමා එකම app එකකින් fb msg හා sms කිරීමේ හැකියාව. එම නිසා අපිට app දෙක අතර මාරු වෙන්න අවශ්‍ය නැ. sms එකක් ආපු ගමන් chat head එක එහෙමත් නැත්තන් අර බෝලයක් වගේ එක එන නිසා වෙන වැඩක් කරන ගමන් උනත් පහසුවෙන් sms කිරීමේ හැකියාව තිබෙනවා. මේකේ වාසි වගේම අවාසි කිහිපයකුත් තියෙනවා. පලවෙනි අවාසිය තමා අපි සාමාන්යෙන් sms යවනකොට අන්තිමට යවන්න ඕනි කොයි sim එකෙන්ද කියලා select කරන්න ඕනිනේ. නමුත් අපිට මේකෙන් එහෙම තෝරන්න බැ. notification bar එකේ  අපි select කරලා තියෙන sim එකෙන් තමයි sms එක යන්නේ. අනිත් අවුල තමයි delevery report එකත් එන්නේ නැ. මන් try කර එක හදාගන්න පුලුවන්ද කියලා . නමුත් මටත් හොයා ගන්න බැරි උනා එක. එක හොයාගත්ත යාලුවෙක් ඉන්නවනම් පහලින් comment කරන්න අනිත් අයටත් දැනගන්න.

හරි දැන් අපි බලමු කොහොමද මේ වැඩේ කරන්නේ කියලා. අලුත්ම mesenger update එකේ තමයි මේ අවස්ථාව අපිට දීලා තියෙන්නේ. මුලින්ම ඔයාගේ appstore එකට ගිහින් messenger app එක update කර ගන්න. නැත්තම් මේක ඔබන්න

install කරට පස්සේ පහල රූපේ තියෙන විදියට sms කියන එක ඔබන්න. sms කියල එකක් නැත්තන් phone එක restart කරලා බලන්න.
messenger with sms

sms කියන එක එබුවම මේ වගේ එකක් එනවා.
messenger with sms

ඊට පස්සේ නිල් පාටින් තියෙන turn on කියන එක එබුවාම පහල වගේ එකක් එයි.
messenger with sms

ඊට පස්සේ ok  කියන එක ඔබන්න. 
messenger with sms
ඊට පස්සේ එන එකේ මොකක්වත් ඔබන්න එපා. දැන් වැඩේ හරි. දැන් ඔයාට sms යවන්න බලන්න mesenger app එකෙන් පුළුවන්. 
කොහොමද වැඩේ පට්ට නේද. එහෙනම් යටින් like එකකුත් දාල යාලුවන්ටත් බලන්න share පාරකුත් දාගෙන යන්න. අයෙත් මේ වගේ වැඩ කෑල්ලකින් හම්බෙමු




Share කරලා කරලා සහයෝගය දෙන්න >>

Popular Posts

random post

Contact Form

Name

Email *

Message *